සිත් තැවුල් වියෝවන්
නුඹේ සිතෙත් ඇතිවේවි
පැතුපැතුම් මතුදාක
පැතු ලෙසම ඉටු නොවෙවි
ජිවිතේ මේ තරම්
කටුක දැයි සිත අහවි
ඒත් මේ ජිවිතේ
හැටි දැනන් ගෙනියාවි......
රෝස මල් විතරක්ම
යනේන මග නොපිපෙවි
කටු අකුල්, විසඝෝර
සතුන්වත් හමුවෙවි
දෙඇස් ඇර සතිමතින්
ඒ ගමන නුබ යාවි
ජිවිතේ මේ තමයි
හෙමින් නුඹ උගනිවි......
මොන දේ කොහොම වුනත්
කොහේ කොතැනක හෝ
කොන්දේසි විරහිතවම
නුඹ වෙනුවෙන් මා ඉදිමි...........
උදාරි ජයතිලක
ජිවිතය යනු,
පතනා දේම නොව, සමහර අවස්ථාවලදි නොපතනා දේවලට, මුහුණ දීමට සිදුවනා, අරුම පුදුම කථාවකි. ඒ සියළු දේ වලට ශක්තිමත්ව මුහුණ දීමට නුඹට හැකිවේවා යැයි පතමි
0 Comments