දන්නවද? මිනිස්සුන්ට මොනවා නැතත් එකම එක දෙයක් ඕනි වෙනවා එක දවසකට හරි.ඒ තමයි '' ඔයාට කවුරු නැතත් මම ඉන්නවා කියලා'' ආදරෙන් වැළදගන්න පුලුවන් කෙනෙක්.මොන තරම් දේවල් තිබුනත් සමහර මිනිස්සු මේ ජිවිතෙන් පලායන්න නැතිනම් ජිවිතේ නැති කරගන්න උත්සහා කරන්නේ තමන් වෙනුවෙන් කවුරුත් නැහැ කියන සිතුවිල්ල හිතට ආවහම.ඒක හරිම දරුණු අසරණ අවස්ථාවක්. කිසිම කෙනෙකුට නොදැනෙන්න ඕනි හැගිමක්.......ඉතින් එහෙම කෙනෙකුට '' ඔයාට ඕනිම වෙලාවක මම ඉන්නවා කියලා කියන්න තරම් හිතක් ඔයාට තියෙනවානම් මේ වේද්දි මේ අහන දකින ඒවා ගොඩාක් අඩුවෙවි......
ඉස්කොලේදි හිත කඩාගෙන, බිදගෙන සමහර දවසට ගෙදර එන ඔයාගේ දරුවාව තුරුලු කරන් '' ඔයාට කවුරු නැතත් මම ඉන්නවා කියලා ආදරෙන් තුරුළු කරගන්න කෙනෙක් නැති වුනහම ළමයි අසරණ වෙන තරම කොයි තරම්ද කියලා හිතන්න උත්සහා ගන්න. ඒයාලට හැම සැපතක්ම දෙන්න ඔයාට මහන්සි වෙනවා ඇති, ඒත් කවුරු නැතත් මම ඉන්නවා කියලා හයියක් වෙන්න ඔයාට තත්පරයක් නැතිනම්, ජිවිත කාලයක් ඔයාට දුක් විදින්න වෙයි ඒක ස්ථිරයි.....'' පැය හයක් ඔයා ඉස්කොලේ හිටියට ඉතිරි පැය 18 ඔයාට අපි ඉන්නවා'' කියලා කියද්දි ඒ නැගෙන හිනාව ගැන අත්දැකිම් ඔයාලටත් තියෙනෙවද? ඒත් දරුවන්නට සන්වේදි නැති, තමන්ටත් ඒ වගේ කාලයක් තිබුනා කියලා අමතක වෙලා තුන් තිස් පැයේ දරුවන්නට කෑ ගහන ඔයාට නම දරුවෙකුගේ හිතේ තියෙන හැගිම් එළිය ගන්න ටිකක් විතර අපහසු වෙයි.මුලින්ම දරුවෙකුගෙ හොදම යාළුවා වෙන්න උත්සහා ගන්න ඒක අමාරු නෑ.
තමන්ගේ සැමියාව, බිරිදව එහෙමත් ජිවිතේ ගෙනියන්න තෝරගත්තු කෙනාව ඉවසීමෙන් අහන් ඉන්න පුළුවන් කමක් තියෙනවානම්, ලෝකයක් එයාට විරුද්ධ වෙද්දි, ඔයාට මොනොතකට හරි එයාගේ පැත්තෙන් හිටගන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන්නම්, ඒ අදහස් වලට ගරුත්වයක් දෙන්න පුළුවන් නම්, මානසික රෝග වලට බෙහෙත් ගන්න මිනිස්සු, රෝහල් වාට්ටු ගොඩාක් අඩුවෙවි. වැරදි මිනිස්සු නිවරදි කරන්න හද්ඩිස්සි වෙන්න එපා. ඒ තීරන වලට ගරහන්න එපා පොඩි කාලයක් අරගෙන ඉවසීමෙන් විසදගන්න.ඇයි දන්නවද මේ හැමදේටම වඩා වටින්නේ අමාරුවෙන් ලබාගත්ත මේ මිනිස් ආත්මයන්
වැටෙන තැන්වලදි හයියක් වෙන කෙනෙක් වෙන්න
අමාරුම තැන් වල අත් නොහරින කෙනෙක් වෙන්න
දුකක් කියද්දි අහගෙන ඉන්න කෙනෙක් වෙන්න
දාහක් වැඩ මැද්දේ උනත් තත්පරයක් වෙන් කරන කෙනෙක් වෙන්න
හිත් තලන කෙනෙක් නොවි හිත් හදන කෙනෙක් වෙන්න
ඔයාට කවුරු නැතත් මම ඉන්නවා කියලා කියන කෙනෙක් වෙන්න
එහෙම උන දවසට ,
නොකියාම ජිවිතෙන් පළා ගිය අයගේ , නිසල සිරුරු බදාගෙන වැලපෙන එක ටිකක් හරි අඩුවේවි.
'' ඔයාට කවුරු නැතත් මම ඉන්නවා'' ඔව් ඒක මොහතකින් ජිවිතේ වෙනස් කරන්න පුළුවන් මන්ත්‍රයක ලස්සනම කොටසක්.....
උදාරි ජයතිලක
0 Comments