පුන්චි කාලේ නුඹ වගේමයි
ඒ ඇස් දිලිසුනේම
සතුටටම වෙන්න ඇති
පුන්චි හිත් කොහොමටත්,
මල් වගේමලු......
මතකද? ඉස්සර මම කිව්වා එහෙම
නුඹ මගේ ඇස් දෙක වගේ
ඒ කාලේ මම කිව්වෙම එහෙම
එතකොට නුඹත් කිව්වේම
''මම කොහේ යන්නද?
අම්මව දාලා,,
කිව්වට එහෙම මෙහෙම නොකර ඉන්න
බැරි වෙන්නැති නුඹට.......
වයිරයක් නම් නැහැ
හදවත කොනකවත්
ගෙනත් ඇරලුව දවසේ
නිවාසෙට මාව,
ලොකු දුකක් හිරකරන්
නුඹේ හිස සිම්බෙම
දුවෙක් කියන්නේ මලක් නිසාමයි
කවුරු හරි නෙලාගෙන යන
හිත මම හදාගත්තෙම
එහෙම.....
'' ආච්චි මේක ඔයාට"
තෑග්ගක් අපෙන්''
ඔව් නුබ වගේ වුනත් ඇය
මිණිපිරි නෙවෙයි මගේ ඈ,
උපන්දිනේ ඇගේ නිසා අද
ආවාලු මෙහෙට
අපිත් එක්කම සමරන්න.........
ඒ ඇස් දිලිසුනේම
සතුටටම වෙන්න ඇති
පුන්චි හිත් කොහොමටත්,
මල් වගේමලු......
මතකද? ඉස්සර මම කිව්වා එහෙම
නුඹ මගේ ඇස් දෙක වගේ
ඒ කාලේ මම කිව්වෙම එහෙම
එතකොට නුඹත් කිව්වේම
''මම කොහේ යන්නද?
අම්මව දාලා,,
කිව්වට එහෙම මෙහෙම නොකර ඉන්න
බැරි වෙන්නැති නුඹට.......
වයිරයක් නම් නැහැ
හදවත කොනකවත්
ගෙනත් ඇරලුව දවසේ
නිවාසෙට මාව,
ලොකු දුකක් හිරකරන්
නුඹේ හිස සිම්බෙම
දුවෙක් කියන්නේ මලක් නිසාමයි
කවුරු හරි නෙලාගෙන යන
හිත මම හදාගත්තෙම
එහෙම.....
'' ආච්චි මේක ඔයාට"
තෑග්ගක් අපෙන්''
ඔව් නුබ වගේ වුනත් ඇය
මිණිපිරි නෙවෙයි මගේ ඈ,
උපන්දිනේ ඇගේ නිසා අද
ආවාලු මෙහෙට
අපිත් එක්කම සමරන්න.........
විවාහ නොවි ඉද්දි, දරුවෙක් පවුලකට ආවේ නැති උනහම, නැතිනම් පවුලකට එක දරුවෙක් විතරක් ඉද්දිත් ගොඩක් අය කියන්නෙම '' වයසට ගියාම සලකන්නේ කවුද?''
ඒත් දවසක හොයලා බලන්න, අහලා බලන්න මහලු නිවාස වල වැඩියෙන්ම ඉන්නේත් දරුවෝ කිහිප දෙනෙක් ඉන්න අය. හෙතුව ඔයාලටම හිතන්න බාර දෙනවා.
පුද්ගලිකව මම නම් හිතන් ඉන්නේම වයසට ගියාම දරුවන්ට බරක් නොවි ඉන්න, ඒක මට ලැජ්ජාවක් වත් , මදිකමක් වත් , නෙවෙයි. පොඩි දුකක් දැනේවි එදාට. ඒත් දැන්ම ඉදන් හිත හදාගත්තාම ලේසියි, ඇයි දන්නවද? මට දරුවෝ කියන්නේ අයෝජනයක් නොවන නිසා. මම හිතනවා මගේ වයසෙ ඉන්න ගොඩාක් දෙනා එහෙම හිතනවා ඇති කියලා.
ඒත් අපිට කලින් පරම්පරාව සිතුවිලි අතින් ගොඩාක් දුරට වෙනස්, ඒවා වෙනස් කරන්න ටිකක් විතර අමාරුයි. ඒත් එයලා වැරදි නැහැ. ඒ එයාලගේ සිතුවිලි.
පොඩි කාලේ අපේ දරුවන්ව පෝෂණය කල නිසාවත්, එයාලව රැක ගත්ත නිසාවත් , පෙරලා ඒවා බලාපොරොත්තු වෙනවනම් ඒක ගණු දෙනුවක් එච්චරයි. ඒත් තමන්ට පුළුවන් දේ පුළුවන් විදිහට ආදරෙන් කැමැත්තෙන් කරනවානම් ඒක ගනු දෙනුවකට එහා ගිය හැගිමක්.
මේ කවිය ලියද්දි මට හිතුනෙම අපි ගොඩාක් මානසිකව ගොඩාක් ශක්තිමත් වෙන්න ඔනි කියලා වයසට යද්දි බැදිම් අත්හරින්න'' අත්හරිමි මා නුඹව බිද දමා බන්ධන '' හැබැයි එතනින් පස්සේ ජිවිතේ සතුට හොයාගන්න'' මහලු නිවාසෙක හිටියත් දරුවන්ට වයිර නොකර, සින්දුවක් අහලා, රස විදලා ජිවිතේ විදින්න. ඇයි දන්නවද දරුවොත් පවු.. එයාලටත් වෙනම ජිවිත තියෙනවා. ජිවිතේ රිය සක වගේ හැමෝටම බාල විය, තරුණ විය වගෙම මහළු වියත් පසු කරන්න වෙනවා. ඒ හැම කාලේදීම තමන්ට පුලුවන් විදිහට අනිත් අය වෙනුවෙන් දෙවල් කරන්න. ඒත් පෙරළා බලාපොරොත්තු නොවි, ඒහෙම නැතිනම් ජිවිතේ දුකක් වෙයි.
මේ කවියේ ගැහැණියට වගේ දුකක් දැනෙයි එදාට, ඒත් ඒ දුක මත්තෙම නොඉද උපේක්ෂාවෙන් හැමෝම දිහා බලන්න....
එක කවියක් ඇහෙද්දි මට නිතරම හිතෙන දෙයක් තියෙනවා. අපේ සමාජය රැල්ලකට වගේ එක් පාර්ශවයකටම දොස් කියන මේ තමයි ඒ කවිය .
'' බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුබට''
මේ කවිය ඇහෙද්දි මට දෙපැත්තෙම දුක දැනුනා. ඒත් බහුතරයක් ගත්තේ අම්මාගේ පැත්ත. නිකමටවත් හිතුනේ නැද්ද? ඒ පුතා එහෙම කලේ ගොඩාක් හේතු නිසා කියලා. සමහර විට එයාටත් දරුවො ඇති ඒ ඉතුරු කරගත්ත සහල් ටිකෙන් බඩගින්න නිවාගන්න බලාගෙන.
ඒත් තරුන වියේ ඉන්න ඔබත් දරුවන් වෙනුවෙන්මයි කියලා සියළුම දේ ඔවුන්ටම වෙන් කරන්න එපා. තමන්ටත් තියාගන්න. ජිවිතේ වයසට යද්දි කාටවත් බරක් නොවි ඉන්න ඔනි කියලා හැම තිස්සෙම හිතන්න. පස්සේ දරුවන්න්ට වයිර කරන්න වෙන්නේ නැහැ එතකොට.
අයෝජනය දරුවන්ම නෙවෙයි තමන් වෙනුවෙනුත් දේවල් මේ කාලේ ඉතුරු කරගන්න....
එහෙම උනොත් හැමෝම සතුටින්....
උදාරි ජයතිලක
0 Comments