නොකියාම දෙව්ලොව ගිය තාත්තාගෙන් දුවට........



නොකියාම දෙව්ලොව ගිය තාත්තාගෙන්  දුවට........ 


හිතේ කොණකවත් 
තිබුනේ නෑ මට
නුඹට නොකියාම යන්න
හෙලන්නේ  අවසාන සුසුම බව
හිතුනේම නෑ කොහොමටත් මේමට....
දැනුනානම් මොහොතකට හරි එහෙම,
නුඹ ළගදි පණ යන්න 
හිරකරන් ඉන්නවා හුස්ම..........
ගෙට එද්දි නුඹ අඩන් ,
මම හිටියේ සාලයේ මැදම
දික් කලත් දෑත මගේ 
තුරුලු කර පිළිගන්න  නුඹව
වෙනදා මෙන් මගේ දුවේ 
නුඹ දැක්කේ නැහැ ඒක.......
පෙරහරින් ගෙනිච්චත්
වට කරන් පිරිස
නුඹ එක්ක මම ආවේ
දැනුනේ නැහැ ඒක...
සුසානෙක කෙළවරේ
තනිකරලා මාව
යා ගන්න බැරිව නුඹ
හිස බදන් හෙම්බත්ව
වැලපුණා  හවස...........
බොහෝ කල් ගතවුනත් 
මම ගිහින් දුරක
නුඹ දිහා බලාගෙන 
සවිය වෙමි නුඹට....
නැග්ග දා පෝරුවේ
පියා නුඹේ නැතිව
සභා මැද මම හිටියා
ආසිරි දෙමින් නුඹට...
ආවෝතින් ගලාගෙන
හිතට දුක් කදුළු
තාත්තේ....!!!.. කියා නුඹ
අමතපන් මාව
සුර ලොවේ මම හිදිමි
අවැසි විට පිහිට....

උදාරි ජයතිලක..

Post a Comment

0 Comments