ප්‍රේමය කියන්නේ අයිතිකර ගැනීමක් විතරමද?
ලස්සන මලක් දැක්කහම මුලින්ම ඔයාට එන සිතුවිල්ල මොකක්ද? ගොඩක් වෙලාවට දැනෙන්නේ ඒ මල නෙලා ගන්න එහෙම නේද්? අපි පුරුදු වෙලා ඉන්නේ අපි කැමති අපි ආස කරන දේවල් අපේම කරගන්න...මිනිස් සිත එහෙමයි.. එත් තව ටිකක් හිතුවොත් අපි හිත හදාගන්න උත්සහ කරන්න ඕනි ඒ ආත්මාර්ථකාමි හැගිමෙන් මිදෙන්න. ටිකක් අමරුයි තමයි.. එත් එතැන තියෙන්නේ හරිම පරහිතකාමි සිතුවිල්ලක්....
පෙරළා කිසිම වරප්‍රසාදයක් නැතිව, හිමි වීමක් නැතිව කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද ප්‍රේමය කියන්නේ අයිති කරගැනිමක් විතරමද?
අපෙන් ගිලිහි යන නැතිනම් ගිලිහි ගිය කෙනෙකුට ආදරය කියන හැගිම යටපත් කරලා වයිරය කියන හැගිම ඉස්මතු කරගන්න බැහැ නේද සැබෑ ආදරයකට.එහෙම වෙනවානම් එතැන තිබිලා තියෙන්නේ ආත්මාර්ථකමී හැගිමක් වෙන්නත් පුළුවන්....
''මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලූවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලූනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා''
අපිට අහිමි වු කෙනෙක් ගැන මේ විදිහට හිතන්න පුළුවන් නම්..දුර ඉදන් බලන් ඉදන් එදා තිබුණු ආදරයම හිතේ කොණක හරි තියාගන්න පුළුවන් නම්.ඔයාට තියෙන්නත් කෙනෙකුට ලේසියෙන් ලැබෙන්නේ නැති ආදරණියම හිතක් වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා සතුටු වෙන්න..ඒත් මතකන් එක්ක දුක් වෙන්න කියලා නම් නෙවෙයි මම කියන්න අදහස් කළේ.
වයිරයක් ,ශාපයක් ,පළිගැනිමක් නැතිව සමුගැනිමක් කියන්නේ හරිම වටිනා දෙයක්.
ආදරය කරපු දෙදෙනෙකුට නොයෙකුත් හේතු මත විවාහය කියන තැනට පිය නගන්න බැරි වුනත්..වෙන්වීමකදි තරහක් හිතේ නැතුව සමුදෙන්න පුළුවන් වෙන්න ඕනි... තේරුම් ගැනීම කියන්නේ ඒ දේට.තමන් සතුදේ අන්සතු වෙද්දී උපේක්ෂාව වෙන් දරාගෙන ඔහුගේ හෝ ඇයගේ ජිවිතයට සුභ පතන්න හැමෝටම බැහැ.
ජිවිතේ කියන්නේ හරි පුදුම දෙයක් ගොඩාක් වෙලාවට අපි කැමති දේට වඩා, ජිවිතේ අපිට ලබා දෙන්නේ අපිට ගැලපෙන දේ බවත් කියන්නම වෙනවා...අන්න ඒ දේ සතුටෙන් භාර ගෙන ජිවිතේ ලස්සන කරගන්න අපි උත්සහ කරන්න ඕන.
දීපිකා ප්‍රියදර්ශණි මහත්මිය විසින් ගායනා කරන ''මල කොතැන පිපුණම මොකද කියන ගීතය මේ සටහනට පාදක කර ගත්තා..
පන්චාන්දි(උදා-ජය)
0 Comments