ද නිවුස් පේපර්

 






ද නිවුස් පේපර්


මතකයේ රැදෙන සිංහල සිනමාපටයක් බිහිවෙන්නේ හරිම කලාතුරකින්....ඒ අතරට අළුතෙන්ම එකතු වුණේ ද නිවුස් පේපර් කියන මේ නිර්මාණය.
කොහොමටත් කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල කියන්නේ පට්ටම සුසංයෝගයක්..නිර්මාණයට චරිතාංග දායත්වයට අමතරව මේ කලා ශිල්පින් අධ්යක්ෂක වරුන් විදිහටත් මේ නිර්මාණ වෑයමට දායක වෙලා තියෙනවා....
නෙතලි නානායක්කාර කියන අද්වතීය කලාශිල්පිණිය ගැන අටුවා ටිකා මොකටද?
නවක රංගන ශිල්පිණියක් වෙන මාෂි සිරිවර්ධනත් ප්රවිණයන් මැද ආධුනිකත්වය නොපෙන්වා තාත්වික බවින් රංගනයෙන් දායක වෙනවා.
නම් වශයෙන් සදහන් කරන්න බැරි වුනත් පොඩි හරි දායකත්වයක් දැක්වු සියළුම ශිල්පින් රංගනයෙන් උපරිම දක්ෂතා පෙන්නුවා.
අපේ ජීවිත වලට මාධ්යට කරන්න පුළුවන් බලපෑම කොයිතරම් ද කියලා යථාර්තවාදි විදිහට පෙන්වන උත්සාහ ගැනීම අද්වතීයයි කියලා මට නම් දැනුනා...
මනුසත්කම පිරිහෙන ලෝකයක මිනිහෙක්ට පුංචිම හරි උදව්වක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල.. හරිම ලස්සනට ගෙනහැර පානවා...
මුහුණේ හැගිමක්වත් වෙනස් නොකර උපහාසය, හාස්ය පෙන්වන විදිහ හරිම අපුරුයි.....
Peo T V හරහා. මෙම සිනමා සිත්තම රසවිදින්න රුපියල් 200 ක් වියදම් කලාට පාඩු නැහැ කියලා මට නම් හිතුණා....
හොලිවුඩ් බොලිවුඩ් විතරක් නෙවෙයි අපේ සිනමාවත් හරහාත් මේවැනි නිර්මාණ බිහිවෙන එක ගැන හරිම සතුටක් දැනේනවා.

පන්චාන්දි (උදා- ජය) 
See less

Post a Comment

0 Comments