අපේ කාලේ නම් මෙහෙම නැහැ
''අපේ කාලේ නම් මෙම දෙවල් වුනේ නැහැ''. ඔය කියන කාලේ ගැන හරියටම දන්න කෙනෙක් ඉන්නවද? සමහර විට මෙහෙම කාලයක් ගැන වෙන්න ඇති ඔය කියනවා ඇත්තේ.
වීනිත වුත් සxවර වුත් උත්තම උත්තමාවියො හිටපු, අද වගේ ෆෙස්බුක් වට්ස් ඇප්, තියා කැමරාවක් වත් ළග පාතක නැති කාලය. ඔවුන්ගේ කෙරුම් සෙවීමට, වයිරල් වීමට,කොහෙත්ම ඉඩක් නැති කාලයයි. ගම පුරා ඕපා දුප සොයානා කෙනෙකු නොසිටියානම් ඒවා කිසිදා පිටතට නොපැම්නෙන දේව රහස්ය.ඉතින් අපේ කාලේ ඔහොම නැහැ කියන්නට ඇට නැති දිවට කොහොම පුළුවන්ද නේද?
දැන් කාලේ පොඩි එවුන් ලග පවා ස්මාර්ට් දුරකථනයකි. හොද නරක කෙසේ වෙතත්. එය අත්‍යවශ්‍යම වි තිබේ. සින්දුවක් ඇසිමට, කාටුන් එකක් බැලීමට, ඔන්ලයින් පන්තියක වැඩ කිරිමට නැතිවම බැරිය. එය දැලි පිහියෙන් කිරි කනවා වැනිය. දරුවන් රැකගැනීම අපේ යුතුකමකි. දියුණු වන ලෝකය තුල මේවා සම්පුර්ණයෙන් ඇත් කිරිමද ප්‍රයෝගිකව අපහසුය. අපේ කාලේ නම් ඕවා අපිට තිබුනේ නැහැ කියන උන් බොහෝ අය. ඒ අයගේ කුඩා කල ඒවා තිබුනේ නම් පාවිච්චි නොකරම ඉදියි මේන් කියලා නේද?
''අපේ කාලේ නම් අපි හැතැම්ම ගණන් පයින් ගියා උඹලට තමයි අඩි දෙකක් පයින් යන්න බැරි''. ඒ කාලේ ටැක්සියක් තියා බස් එකක් වත් හොයා ගන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් කාලේ ඉතුරු කරගන්න හරි වෙන මොන දේකට හරි ''බස්තියන් පයින් යන්න අපිට පිස්සුයැ''. දැන් ඉති කියන්න එපා ඇගට හරි හොදයි නේ කියලා. ඒක වෙනම කථාවක්.
''අපේ කාලේ නම් අපි ඔය සැලොන් අස්සේ හැම වෙලාවෙම රින්ගන්න ගියේ නැහැ,'' එහෙම කියන ඔය ගොඩාක් දෙනා සුදුවෙන්න වදකහ සුදිය බීපු අය. ඒ කාලෙත් දැන් වගේ සැලොන් තිබ්බ නම් බලන්න තිඹුනා.
''අම්මේ !!! ළමෙකුත් ඉන්නවා බලන්නකො අරයාගේ ගවුමේ කොට''. මෙහෙම කියන ගොඩදෙනෙක් ළග දනිස්සෙන් අඩියටත් උඩ මීනි ගවුමක් ඇද ඒ කාලේ ගත් කළු සුදු ෆොටෝ එකක් ඇත.
''අම්මා බුදු වේවා'' යැයි පපුවේ කොටාගත් සීයලා. දැන් කෙල්ලන්ගේ පච්චය දැක ඇස් නළලේ තබාගෙන ''දැන් හැදෙන උන්ගේ හැදිච්ච කම මැනීම නම් විහිළුවකි''
ඒ කාලේ මේ කාලේ නෙවෙයි හැමකාලෙම හිටියේ මිනිස්සු. ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු, හැගිම් දැනිම් ඇති මිනිස්සු. කොයි කාගේත් කිල්ලෝඅට වල හුණු ටික ටික තියෙනවා.වෙනස් වුනේ කාලෙන් කාලේට තිබ්බ දෙවල් විතරයි. ඔය කියන තරම් ඒ කාල හොද වුණා නම් අපේ රටේ මෙච්චර අපරාධ, දුෂණ වැඩි වෙයිද?
''තමන්ගේ කාලේ හොදම කාලේ'' ඒ තමයි හිත් රවට්ටගෙන, හොද මිනිහා, හොද ගැනි වෙන්න පුළුවන් ලේසිම ක්‍රමය. මොකො ඉතින් ඒ කාලේට අපි යන්නයැ. ගියත් ඉතින් අල ගිය මුල් ගිය ඒවා හොයන එක නම් සුම්මා.
කොයි කාලේත් එකයි. හොදම දේ හරි දේ විතරක් කරලා ජාමේ බේර ගන්න එක නෙවෙයිද?
උදාරි ජයතිලක
0 Comments