එක් දිනක් මහාචාර්යවරයෙක් පන්ති කාමරයට ඇතුළු වී තම සිසුන්ට හදිසි පරීක්ෂණයකට සූදානම් වන ලෙස පැවසුවේය.  මහාචාර්යවරයා පන්තිය වටේ ඇවිද ගොස් මේ අරුම පුදුම ප්‍රශ්ණ  පත්‍රය සිසුන්ට ලබා දුන්නේය.


ඔහු ඒවා සියල්ලම ලබා දුන් පසු, ඔහු තම සිසුන්ට ප්‍රශ්ණ පත්‍රය ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේය. සියල්ලන්ම පුදුමයට පත් කරමින්, ප්‍රශ්න කිසිවක් නොතිබුණි, නමුත් පිටුවේ මධ්‍යයේ කළු තිතක් පමණක් තිබිනි.  “ඔබ එහි දකින දේ ලියන්න,ඔහු පැවසුවේය.


ව්‍යාකූල වූ සිසුන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි දේ කිරීමට පටන් ගත්හ.

පන්තිය අවසානයේ මහාචාර්යවරයා පිළිතුරු පත්‍ර සියල්ල රැගෙන සිසුන් සියලු දෙනා ඉදිරියේ එකින් එක ශබ්ද නඟා කියවන්නට විය. ඔවුන් සියල්ලෝම  කළු තිත විස්තර කරමින්, පත්‍රයේ මැද එහි පිහිටීම පැහැදිලි කිරීමට උත්සාහ කර තිඹුණි.


“මට ඕන උනේ ඔයාලට හිතන්න දෙයක් දෙන්න විතරයි''. එහි ඇති සුදු කොටස ගැන කවුරුත් ලිව්වේ නැහැ. සෑම කෙනෙකුම කළු තිත කෙරෙහි අවධානය යොමු කර පමනයි ලියා තිබුණේ - අපගේ ජීවිතවලද එය තමයි සිද්ධ වෙන්නේ. අපට ජිවිතයේ කොතෙක් සතු දේ තිබුණ නමුත්, අපි එහි ඇති අඳුරු පැල්ලම් ගැන මෙනෙහි කරමින් ජිවිතය ගෙවෙමින් සිටින්නෙමු. ජීවිතය විශේෂ තෑග්ගක් වන අතර සැමරීමට අපට සැමවිටම හේතු තිබේ. එය දිනපතා වෙනස් වෙමින් අලුත් වෙමින් පවතී - අපගේ ආදරය, පවුල, මිතුරන්, රැකියා, ජීවනෝපාය, අප දිනපතා දකින ආශ්චර්යයන්ය.


එහෙත් අප අවධානය යොමු  කරන්නේ, සිතන්නේ .........

අපට  ඇති කරදර ,

සෞඛ්‍ය ගැටලු, 

අපට තිබිය යුතු මුදල්, 

අප සතුව නැති සුඛෝපභෝගී දේ

 සම්බන්ධතාවයක ඇති සංකූලතා, 

පවුලේ සාමාජිකයෙකු සමඟ ඇති ගැටළු, 

රැකියාවේ ගැටළු

බලාපොරොත්තු සුන්වීම. 

වැනි කරුණු ගැන පමණකි.


ඔබේ ජීවිතයේ කළු පැල්ලම් වලින් ඔබේ ඇස් ඉවතට ගන්න. 

ජීවිතය ඔබට ලබා දෙන සෑම මොහොතකම ඔබේ සෑම ආශිර්වාදයක්ම භුක්ති විඳින්න.

අහිමිවිම් දරාගන්න

නොගැලපෙන දෙයින් ඈත් වෙන්න

තමන් සතු පුන්චිම දේත් අගය කරන්න,




ගොඩාක් වේලවට හැමෝටම හැමදෙම ලැබෙන්නේ නැහැ.

අද නැතත් හෙට සතුටින් සිටිමට හැකිවේවි ඔබට

 (කථාව අන්තර්ජාලයෙනි, පසු වදන් මගෙනි

උදාරි ජයතිලක

Post a Comment

0 Comments