ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට ..............
දවස ගානේ අපිට අහන්න ලැබෙන, ඒ වගෙම දකින්නත් ලැබෙන උපදෙස්, ඔවදන් ඇත්තටම අපි පිළිපදිනවනම් මේ වෙනකොට අපේ වටපිටාව ගොඩාක් ලස්සන වෙලා,
විශේෂයෙන් සමාජ මාධ්‍යන් තුල ගත්තත් පිරිලා තියෙන්නේ ඔවදන්, උපදස් වලින් පිරිලා ඉතිරිලා ගිහින් ඒත් අවාසනාවකට වගේ මේ උපදස් දෙන ගොඩාක් දෙනා ඇත්ත ජිවිතය තුල ඔවුන්ම විසින්ම ඒ වැරැද්ද මහා ඉහලින්ම කරනවා .පිලිගන්න අකමැති නම් පොඩ්ඩක් විතර හොයලා බලන්න තේරෙයි ඔයාලටම. ඇත්තටම හිතලා බැලුවොත් විහිළුවක් වගේ නේද?
ඔබ දන්නා අයත් නැති වෙන්න බැහැ . ඔවුන් ගොඩාක් උපදෙස් දෙන්න දක්ෂයි වගේම තමන්ගේ තුල ඇති වැරැද්දක් කවදාවත් පිලිගන්න සුදානමක් නැති අය
කෙන්කුගේ වැරැද්දක් පෙන්වා දෙන එක හොද දෙයක් ඒ වගෙම පිළිගැනීමත් ඉතාමත් වටිනා දෙයක් ඒත් යම් කෙනෙකුට ඔවදනක් දෙද්දි හරිම පරිස්සම් වෙන්න.මොකද ඔවදනක් දෙන ඔයා මුලින්ම නිවැරදි කරුවෙක් විය යුතුම වෙනවා.
ඇත්ත තමන්ට තමන්ගේ වැරැද්දක් දකින්න හරි අමාරුයි. මේ ලියන මගෙත් මට නොපෙනෙන වැරදි ඇති. වටිනම දෙයක් වෙන්නේ වැරැද්දක් පිලිගන්න තරම් අපේ හිත් නිහතමානි විය යුතුයි. මානය කියන දෙයින් අපේ හිත් වැහුනහම තමන්ගේ වැරැද්දක් පිලිගන්න පුළුවන් ආත්ම ශක්තිය අපෙන් ගිලිහිලා යන බවත් මතක තබා ගත යුතුයි.
''මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිසා මෝඩයෙකි'' අහලා තියෙනවා නේද? ඒ නිසා අනිත් අයගේ වැරදිම දැක දැක උපදෙස් දෙද්දි හරිම පරිස්සමන් මොකද මේ වෙන කොටත් සමාජයට ඔබව විහිළුවක් වගේ පෙන්න පටන් ගෙන තියෙන්න පුළුවන්.
දුසිරිත දනන් දෙන - ඕවා වැද්දන් කියන බණ වැනි ඇත්තටම කිව්වොත් අපේ වටපිටාවේ ගොඩාක් ඉන්නේ තමන් පිළිනොපැද අනිත් අයට පිලිපදින්න කියන අය... ගොඩාක් වෙලාවට දුසිරිත වැඩිවෙලා තියෙන්නේ මේ නිසාමත් වෙන්න පුළුවන්.
උත්සහා ගන්න අවවාදයට වඩා ආදර්ශය උතුම් බව මතක තබා ගැනීමට
ඔබත් අභියෝග කරන්න ඔබේ වැරැද්දක් ඇතොත් එය පෙන්වා දෙන ලෙසටත්,පොරොන්දු වෙන්න ඒ වැරැද්ද පිලිගෙන නිවරදි වෙන්න. එදාට අවවාද ඔවදන් දෙන අය අඩුවෙලා.ආදර්ශයක් දෙන අය වැඩිවේවි
නිසැකවම ලෝකයක් ලස්සන කරන්න එක්නෙක් දෙන්නෙකුට අපහසු වෙයි . ඒත් අපි හැමෝම අපිට හැකි අයුරින් අපේ වැරදි නිවැරදි කරගතහොත් ලෝකයක් ලස්සන වෙවි.
එන්න අපි අපේ වැරදි පුලුවන් උපරිමයෙන් නිවරදි කරගෙන හෙටින් උදාවෙන ලෝකය ලස්සන තැනක් කරගන්න
උදාරි ජයතිලක
0 Comments