අනුන්ගේ රුපියලට වඩා තමන්ගේ ශතය වටි....

 




අනුන්ගේ රුපියලට වඩා තමන්ගේ ශතය වටි....

ජිවිතයේ සතුටින් ඉන්න ප්‍රධාන සාධකය මොකක්ද කියලා  කවුරු හරි ඔබගෙන් ඇහුවොත් ඔබේ පිළිතුර කුමක්ද්ද?මගේ පිළිතුර නම් වෙන්නේ '' ලද දෙයින් සතුටු වීම" එහෙමත් නැතිනම් ලැබුණු දේවල් හොදම දේවල් කියලා හිතන එක.

ගොඩාක් වෙලාවට අපි අපේ දේවල් අනිත් අයත් එක්ක සසදන්න උත්සහා කරලා අපේ සිත් නිකරුණේ දුකට පත් කර ගන්නවා.කෙනෙකුගේ ජිවිතේ ගැන පිටින් බලලා ඒ ගැන තීරන වලට එලබෙන්න පුරුදු වෙන්න එපා කවදාවත්. සතුට ඔබට ගොඩාක් දුර වෙවි එතකොට.

හැමතිස්සෙම උත්සහා කරන්න අද දවසට වඩා හෙට දවස හොද කරගන්න අනුන්ට සාපේක්ෂව නෙවේ තමන්ට සාපේක්ෂව, තමන් සතු දෙවල් එක්ක.

තමන් සතු දේවල් වල වටිනාකම තේරුම් ගන්න..ඒ දෙවල් මිල මුදල් නොවෙන්න පුළුවන් . තමන්ගේ ආදරනීයන් වෙන්න පුළුවන්,  තමන්ගේ  දක්ෂතා වෙන්න පුලුවන්, අගයන්න හැමදේම හැකි හැම විටම. විශ්වාස කරන්න දවසින් දවස ඒ දේවල් හොදම දේවල් වෙනවා.මේ දෙවල් මම කියන්නේ යම් සිද්ධාන්තයක් මුල් කරගෙන නම් නෙවේ ලබපු අත්දැකිම් වලින්.

අසල්වැසි නිවසත් එක්ක ඔයාගේ ගෙදර සසදන්න යනවානම් සතුට ඔයාට ගොඩාක් දුරයි


තමන්ගේ හොදම මිතුරාගේ හෝ මිතුරියගේ සැමියා හෝ බිරිද සමග තමන්ගේ බිරිද හෝ සැමියා සසදන්න යනවා නම්  ඔබේ පවුල් ජිවිතය තුල කුමක් හෝ අඩුපාඩුවක් තිබිය හැක


අන් දරුවන් සමග තමන්ගේ දරුවන් සසදන්න යැමෙන් විනාශ කරන  තම දරුවන්ගේ ආත්ම අභිමානයට ඔබ සෘජුවම වගකිය යුතු වෙනවා.


තමන්ට ලැබුණු රූපය වෙන කෙනෙක් සමග සසදන්වානම් එය ඔබ ඔබටම කරගන්නා අසාධාරනයක් බව අමතක නොකරන්න

අන් අය සතු දේ ගැන වද නොවි තමන් සතු දේ ආරක්ෂා කරගන්න.උත්සහා කරන්න ඒ දේවල් හොදම දේවල් බවට පත් කරගන්න.

ඔබට නොමැතිදේ ගැන ඔබ දුක් වන මේ මොහොතේ, පවා ඔබට සතු දේවල් පවා නොමැති දහස් ගණනක් මේ මිහිමත් සිටිය හැක

සමාජ මාධ්‍ය තුළ පවා බොහෝ අය අන් හැමටම වඩා සතුටෙන් තමන් සතුටෙන් සිටිනා බව උත්සහ කරනව ඔබ දැක ඇත.. ඒ දේවල් වලින් ඔබ කිසි ලෙසටවත් දුක් විය යුතු නොවේ. ඒ ඔබ ඔවුන්ගේ ඇතුලාන්තය සැබවිනම නොදන්නවා විය හැකි නිසාය.


ජිවත් වෙන්න සතුට හොයාගන්න ඔබගේම විදිහකට...

සතුට හැම විටම සාපේක්ෂය

ඔබ ඔබම වී  ජිවිතය සරළ කරගන්න. අනුන්ගේ රුපියලට වඩා තමන්ගේ ශතය වටි....මෙය හැම විටම සිත තුල මතක තබා ගන්න. අන් සතු දේ ගැන අශාව අත්හැරගන්න..ජිවිතය වෙනස් වි සතුට ඔබ සොයා එනවා නියතය


උදාරි ජයතිලක

Post a Comment

0 Comments