සුනිල් එදිරිසින්හ මහතා විසින් ගායනා කරන ''පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ" යන ගීතය වර්තමානයේදි විශේෂයෙන් මතක් කර දීම සුදුසු විය හැකි යැයි සිතමි.මිලක් නියම කල නොහැකි සේවයක් සලසන ගුරුවරුන් පිළිබද ඇතමින්ගේ ක්‍රියාකලාපයක් සැබවින්ම කණගාටුදායකය
මේ ලොව එළිය දකින සෑම දරුවෙකුටම ගුරුවරයෙකු දෙවැනි වන්නේ බොහොවිට සිය දෙමව්පියන්ට පමණි. ගුරු වෘත්තිය යනු සැබැම උත්තරීතර රැකියාවකි.. සැබැවින්ම එය සේවයකි.
මතු රැකෙනා වු උගත් ශිල්පය ලබාදෙන ගුරුවරයා බොහෝ දෙනෙකුගේ ගරුත්වයට පත්වන්නේ නිතරගයකිනි.
සමාජයේ ඉහළ තැන්වල වැජඹෙන බොහෝ දෙනා ඒ තැන්වල සිටිනුයේ බොහෝ විට තමා ශිල්ප ලබා දුන් ගුරුවරයෙකුට පින්සිදු වන්නට බව බොහෝ අය අමතක කරන කාරණාවකි.
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ'
ගුරුවරයෙකු දරුවෙකුට බොහෝ විට දඩුවම් කරනුයේ වැරද්ද අවබෝධ කරවනු පිණිස මිස පුද්ගලික තරහා පිරිමැහිමට නම් නොවේ.එය එදා එසේ නොවුණා නම් මේ ව්නවිට සපිරි ගෙවල් පිරි ඉතිරි යනවා නියතය..යහපත් දරුවෙකු බොහෝ වට බිහි වන්නේ පාසලෙනි. හොද නරක කියාදි විෂය පමණක් නොව ජිවිතය කියාදෙන ගුරුවරුන් විරල නොවේ.
තමාගේ වටිනා කාලය මුදලට පමණක් සිමා නොකට දරුවන්ගේ අනාගතය පැහැබර කිරිමට ගුරුවරයෙකු දරණා වෙහෙස අපමණය. එය සැබවින්ම රැකියාවය එහා ගිය සේවයකි. මිලක් නියම කල නොහැකිය.
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ
කෙතරම් අගහිගකම් මත ඉපදුනද නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට ජිවිතය වෙනස් කරගත් අය බොහෝය. දරුවෙකුගේ දියුණුවක් දැක සතුටු නොවනා ගුරුවරුන් නොමැති තරම්ය.ඒ තරම් අනගි සේවයක් සලසන ගුරුවරුන් හට නිසි තැන ලබා දීමට තරම් අපි නිහතමානි විය යුතුය,.
හරි හැටි අධ්‍යාපනයක් පවා නොලැබ සමාජයේ බලයෙන් පිම්බෙන දගලන චරිත අතරේ ගුරුවරයෙකු යනු සැබෑම උත්තරිතර චරිතයකි, පිදිය යුත්තන් පිදීම වර්ථමානය වන විට ගිලිහෙමින් පැවතියද, එය එසේ නොවිමට අපි වග බලා ගත යුතු වේ
''රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා''
උදාරි ජයතිලක
0 Comments