බැදිම් සුරකින අවධානය හා සැලකිල්ල.

බැදිම් සුරකින අවධානය හා සැලකිල්ල.


බැදිම් යනු දුකක් වුවද, ජිවිතයක් ලස්සන වීමට නම් සුන්දර බැදිම් අත්‍යාවශ්‍ය දෙයකි. බැදිමක් බැද තබා ගැනීම පහසු කාර්‍යයක් නොවනු ඇත. ඒ සදහා කැපවිම් කල යුතුමය. එහෙත් ඒ කැපවීම අතිශයින් සිය කැමත්ත මත් සිදුවු විට බැදිම් ද ලස්සන වනු ඇත.


 අවධානය හා සැලකිල්ල අඩුවු තැන බැදිම් ගිලිහි යන බව නම් විශ්වාසය.අනෙකා ගැන සොයා බැලිම යනු ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික නිදහස නැති කිරිම නොවන බව මතක තබා ගන්න. 

තම බිරිදගේ හෝ සැමියාගේ,

 දුරකථනය නිතර දෙවලේ පරික්ෂා කිරිම , 

සමාජ ජාලා ගිණුම් ගැන පරික්ෂා කිරිම් 

කෙටියෙන් පැවසුවහොත් සැකය යනු අවධානය නම් නොවේ.. අනවශ්‍ය සැකයක් ඇති තැන බැදිමක් කැඩුණා මිස  රැකිමක් නම් සිදු  නොවන්නෙය.විශ්වාසය යනු බැදිමකදි මුලිකවම ඇති කරගත යුතුය. එය රැක ගැනීම එක් පාර්ශවයක නොව දෙපාර්ශවයීම වගකීමකි.

අවධානය හා සැලකිල්ල.
තම සැමියාගේ හෝ බිරිදගේ  හෝ දරුවන්ගේ රුචි අරුචිකම් තෙරුම් ගෙන ඒ අනුව කටයුතු කිරිමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය.ඔබ බිරිදක් නම් සිය සැමියාගේ කෑම  බීම ගැන පවා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය කැමති කැමක් සදා දීම බිරිද විසින් සිදු කලද සැමියෙකු විසින් එය අගය නොකරන්නේ නම් එතැන සිදු වන්නේද වරදකි

තම ආදරණියන්ගේ ලෙඩ දුක් වලදි නම් අපගේ සම්පුර්ණ අවධානය හා සැලකිල්ල සියයට සියයක් යොමු කල යුතුමය.. කවර අසනීප තත්වයක පසුවුවද එයින් ලැබෙන්නේ ඉක්මන් සුවයකි. මන්ද කායික රෝග සුව වීම කෙරෙහි මනසෙහි ඇති යහපත් තත්වය බලපාන නිසාවෙනි.

ආර්ථික අපහසුතා වලට  අප බොහෝ දෙනෙකු මුහුණ දුන්නද, මුදල් පසු පසම හඹා ගොස් බැදිම් පමණක් නොව තමන්ගේ ජිවිතයද අමතක කරගන්නා බොහෝ අය අතරේ ඔබට වෙනස් වෙන්න පුළුවන් නම් ගොඩාක්ම වටිනවා.

තමන්ට ආදර්ණිය මතක සැමරුම් තිබෙන දින ගැන මතකයේ තබා ගන්න, ඇත්තටම ඒවාට ඔබේ මතකයෙන් ගිලිහෙන්න දෙන්න එපා.
 
අනෙක් කෙනාගේ කැමැත්ත අකමැත්තට ඉඩ දෙන අතරේ...පොදු කැමති දේවල් වලට මුල් තැනක් දෙන්න උත්සහා ගන්න

 හිතන්න පුරුදු වෙන්න තමන්ගේ මතයම දිනවන්න නෙවෙයි පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් දේවල් කරන්න.

බැදිම් දුකක් බව සත්‍ය වුවද 
ජිවිතය ජිවත් කරවීමට නම් බැදිම් සමග ජිවත් විය යුතුම වෙනවා...ඔබට එසේ කල නොහැකි නම් කවදාවත් බැදිමකට මුල පුරන්න හිතන්නවත් එපා.

කෙනෙකුට අවධානය හා සැලකිමක් කිරිමට ඔබට මුදල් වැය නොවන තරම්ය. ලෝභ නැතුව අනෙකා වෙනුවෙන් කළ යුතු දේ කරන්න. ඔබගේ කාලය ශ්‍රමය ඒ වෙනුවෙන් වැය කරන්න. ජිවිතය ගැන ආදරයෙන් බලන්න. පෙරළා ඔබට ඒ සියළු දේ ලැබෙනු නියතය

උදාරි ජයතිලක

Post a Comment

0 Comments