උත්සහගන්න,
අම්මා කෙනෙක් විතරක්ම නොවි
දියණියකගේ හොදම මිතුරිය වීමටත්.....
දියණියන් ගැන වර්ථමානයේ අපිට ඇහෙන්න, දකින්න ලැබෙන දේවල් දිහා බැලුවහම, මොහොතකටවත් අපි හිතුවේ නැති, හිතන් නැති දේවල් ගොඩාක් සිද්ධ වෙලා. වැරැද්ද කාගේ උනත් තමන්ගේ දුවෙකුට කාරදරයක් වුනොත් ඒ වගකීමෙන් අම්මා කෙනෙකුට මිදෙන්න පුළුවන්ද? කෙසේ වෙතත් ඔබේ හෘද සාක්ෂියෙන් ඔබට සමාවක් ලැබෙයිද?
අම්මෙක් දරුවෙකුට සමීප වෙන තරම වැඩිවෙන තරමට අපේ දරුවන් කරදරවලට මුහුණ පාන සම්භාවිතාව අඩුයි.
සම්ප්‍රදායික අම්මා කියන චරිතයෙන් මිදිලා දියණියගේ හොදම මිතුරියක් වන්න උත්සහ ගන්න. ඔබට ලැබුණු මව් පදවිය දරුවෙකුට බණින්න ගහන්න ලැබුණු අවසර පත්‍රයක් කියලා නම් හිතන්න එපා. දරුවෙකුට දඩුවම් දෙන්න නොකරම බැරි අවස්ථාවක් විතරක් නම්.තමන්ගේ ප්‍රශ්ණ, පීඩනය දරුවෙකු පිටින් යවන්න එපා කවදාවත්.ආදරය පිරුණු වචන වලට හිතුවක්කාරම් මට්ටු කරන්න පුළුවන්.
දුවෙකුගේ වැරදි දැක දැක නිහඩව ඉන්න කියලානම් නෙවේ මම අදහස් කළේ. දරුවෙකුට වැරැද්දක තරම අවබෝධ කරවන්න තරම් ඔබ මවක් විදිහට සුක්ෂම විය යුතුයි.
ඔබ දියණියකගේ රහස්/ප්‍රශ්ණ ඇතිනම් එවා ගැන දැන ගැනීමෙ ඉවක් ඔබ සතු විය යුතුයි. දුවෙකුට ලන්වෙලා ඒ දේවල් දැනගන්න අම්මෙකුට බැරිනම් වැරැද්ද කාගේද? ඔබගේමයි
මොහොතකටවත් ඔබේ අවධානය දුවෙක්ගෙන් අහකට ගන්න එපා.දෙමව්පියන් විදිහට දුවෙකුට පුන්චි වැරැද්දක් වත් ඔබගේ අතපසුවීමක් නිසා සිදු නොවන්න ඔබ වග බලා ගන්න
පිටස්තර මෙන්ම තම්න්ගේ දැන හැදුනුම්කම් ඇති අය ළගදිවත් දුවෙක්ව අනාරක්ෂිත කරන්න එපා.
දුවෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන වයසේ ඉදන්ම කියලා දෙන්න පුන්චි හිතකට දරාගන්න පුළුවන් මට්ටමට, එයාට වෙන්න පුළුවන් කරදර ගැන
අවබෝධයක් ලබා දෙන්න දියණියක් වැඩිවිය පත්වීමේ සිට විද්‍යාත්මක වෙනස්වීම් පුලුවන් විදිහට. පැහැදිලි කරදෙන්න වැඩිවිය පත්වීමක් යනු බාල් නැටුම් නටා සැමරිය යුත්තක් නොවන වගත් එහි ඇති වගකිම් සහිත බවත් ඉදිරියට සිදුවන වැදගත් වෙනස් වීම් ගැනත්
ඔබට නොකියන රහසක් ඇය තුළ නොතිබිය යුතුය. ඒසේ වෙනවා නම් එය ඇයගේ වැරැද්දක් නොව ඔබගේම වැරැද්දකි.
රහස් පරික්ෂකයෙකු නොවි ආදරණිය කතා බහ තබා ගන්න විස්තර දැන ගැනීමට
දියණියක් සුකෝමාල විය යුතුය, හුරතල් විය යුතුය නමුත් එය ඔබේ පවුලේ තුළ විතරක් වෙනවා නම් වඩාත් සුදුසුය.
ඇයගේ ලෝව තුළ වීරවරිය ඔබ විය යුතුය. ඇය ඔබ අනුගමනය කල යුතුය ඊට ප්‍රතමයෙන් ඔබ ආදර්ශවත් විය යුතුය.අවවාදයට වඩා ආදර්ශය උතුම් බව මතක් කර ගන්න.
ඔබට අහිමි වු සියළු දේ ඇයගෙන් බලාපොරොත්තු වීමට ගොස් ඇයව කිසි විටෙක පීඩනයකට නම් ලක් කරන්න එපා, නිදහස දෙන්න ඒත් අත් නොහරින්න
ඇයට සමකල හැකි කිසිදෙයක් නැති බව ඒත්තු ගන්වන්න.
මිතුරු මිතුරියන් තෝරා ගැනීමෙදි බලපැම් නොකර මග පෙන්වන්න
පිටස්තර ආදරයක් සොයා නුසුදුසු වයසෙදි යොමු වන්නේ, ඔබගේ පවුලේ ඇති හිඩැස් තුලින් බව තේරුම් ගන්න
ලොව ඇති සුන්දරම බැදිම් අතරින් මවකුගේ හා දියණියකගේ බැදිම බව ව්චන වලින් නොපවසා තේරුම් ගැනීමට කටයුතු කරන්න
ආදරයෙන් රැක බලා ගෙන කෙදිනක හෝ ඇයව සුදුසු වයසේදි ගරුත්වයකින් පිටමන් කල යුතුය, නව ජිවිතයක් පටන් ගත් පසු කිසිවෙකුගෙන් කතාවක් නොඅසා සිටිමය ඔබ ඇයව හුරු කළ යුතුය.
දියණියක් වෙනුවෙන් දිය හැකි ලොකුම දයාදය ඇයගේ නිකළැල් චරිතය බව සිහි ණුවනින් තේරුම් ගන්න. තනි නොකරන්න
මවට දුවක මිස වෙන කවුරුන්ද?
උදාරි ජයතිලක
0 Comments