නවතින්න හදවතට බරක් රැදෙන තැනක් නොව, සැහැල්ලුවක් ගෙන එන තැනක.........
දැනිලා තියෙනවද ඔබට නොගැළපෙන තැනක නොගැලපෙන අය එක්ක සරළව කියනවා නම් සෙට් වෙන්නේ නැති තැනක ඉන්න උනහම දැනේන හැගීම. තත්පරයත් පැයක් වගේයි නේද?.
ජිවිත කාලයක් එහෙම කෙනෙක් එක්ක ගත කරන්න උනොත් ? ඔයාට ඔයාම නොවි අනෙක් කෙනාටම ඕන විදිහටම ඉන්න උනොත්. ජිවිතය කොච්චර දුෂ්කර වෙයිද? තමන්ගේ සම්පුර්ණ කැමැත්ත අසාව ඇතිව නම් කමක් නැහැ එත් හැමෝටම එහෙම වෙන්න අමාරුයි.
අපි අපිව අනිත් අය රවට්වන්න මෙන්ටේන් කරගන්න යාමෙන් වෙන්නේ ඔයාට ඔයාවම නැති වෙන එක.
සුපිරි හෝටලයකට ගිගින් සුපිරි කැම වෙලක් ගනිද්දි දැනේන සැහැල්ලුව, සැහැල්ලු ඇදුමක් දාගෙන මහා මන්දිර නැතත් තමන්ගේ පැලට හරි වෙලා සම්බෝලයක් කද්දි අපිට සිය ගුණයකින් වැඩිවෙලා දැනේන්නේ ඒක නිසා වෙන්න ඇති.
තමන්ගේ ජිවිත ගමන යන්න කෙනෙක් තෝරා ගනිද්දි. මිල මුදල්, ලස්සන , ඉගෙනීම, යන කරුණු වලටත් වැඩීයෙන් අදහස් ගැළපීමට මුල් තැනක් දෙන ඒකේ වටිනාකම ඒකයි.
විවාහයට කලින් කෙනා නෙවෙයි අනේ දැන් ඉන්නේ එයා දැන් වෙනස් මෙන්න මෙහෙම කියන්න වෙන්නේ විවාහයෙන් පස්සේ ඔයාට තවදුරටත් අර පරණ මවා පෑම කරන්න බැරි වෙනවා.. පරණ පුරුදු කෙනාව මතු වෙනවා.. වෙනස වෙනස් විය යුත්තේ මනසට වෙහෙසක් නොමැතිවය.
අහලා තියෙනවද ඒ දෙන්නා නම් මරු කපල් එක කියලා !!!හේතුව අනිත් කෙනාව බලෙන් වෙනස් කිරිමට නොයෑම සහ ගැලෙපෙන විදිහට ගළප ගැනීම.
යාළුවන් ආශ්‍රය කිරිමෙදිත් තමන්ට ගැලපෙන ආශ්‍රයක් නැතිනම් තනිවම ඉන්න එහෙම නොවුනොත් වෙන්නේ හිත් රිදවා ගැනීමක් විතරයි. එහෙමත් නැතිනම් බොරු සමාජ මට්ටමක් පෙන්වන්න ගිහින් දහ අතේ ණය කාරයෙක් වෙන්න. ඔබට සිදුවේවි.
රැකියාව සහ විවාහයට මෙය වඩාත් බලපාන දෙයක් මොකද අපිට මේ අවස්ථා දෙකෙදිම ලැබෙන්නේ සීමිත අවස්ථා වන් විතරක් නිසා. පිටින් පෙනෙනා දෙය මත විතරක් තීරණ ගන්න යන්න නම් එපා.නොගැලැපෙන තැන් වලින් අයින් වීම පහසු දෙයක් නෙවෙයි. ඒත් ජිවිතය විද ගැනීමට ඔබට එය කරන්නට සිදු වනු ඇත.. හැම දේටම වඩා වැදගත් ඔබගේ මුල් තෝරා ගැනීම ෆැන්ටසි ලෝකයට නොරැවටි තෝරා ගැනීමයි. නැතිනම් නිකරුණේ නාස්ති වනුයේ ඔබේ ජිවිතය පමණක්ම නොවන නිසා
වැඩි ඈතකට යන්න එපා ඔබේ අත්ල මත හැම වෙලාවෙම රැදෙන සමාජ මාධ්‍යට ගිහින් බලන්න.. ඔයා හොදටම දන්න අය හැසිරෙන විදිහ, ඇත්තම කෙනා ගැන හරියට දන්න අයට විහිළුවක් ඒක. අපි බැදිම් ගොඩ නගා ගැනීමෙදි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනත් අන්න ඒ නිසමයි.
මේ ලෝකෙට ඇවිත් අපිට ලැබුණු තවකාලික නවාතැන් පොළක් වන් ජිවිතය ජීවත් කරවද්දි. අනවශ්‍ය පීඩනයකින්, බියකින්, දෙගිඩියාවෙන් අපිට ගෙවන්නට වෙන්නේ නොගැළපෙන තැන්වල නොගැලපෙන අයත් එක්ක ජිවිතය ගෙවන්න සිද්ධ වුනොත් තමයි.
හරිම පරිස්සමට ගලප ගන්න ජිවිතය ඔයා ඔයාම වෙන්න.උත්සහා ගන්න ඔයාගේ සැබැම තත්වය අනෙක් අයට පෙන්වන්න කැමැති අය ළග රැදේවි නොගැලපෙන අය ඔබව හැර යාවී සැහැල්ලුවක් ගෙන දේවි ජිවිතයට.
උදාරි ජයතිලක
0 Comments