ගෙදරින් එළියට බහින්න බැරිව ඔබත් මානසික පීඩනයකින්ද?
පොඩි දුවගේ සිනා රැළයි
පොඩි පුතුගේ කථා පෙළයි
පිය බිරිදගේ සෙනෙහේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි.....
ලෝකේ කොහේ ගියත් තමන්ට නිදහසේ ඉන්න පුළුවන් තමන්ගේ ගෙදර නම්...
තමන්ගේ ඇද තරම් නින්ද යන තැනක් තවත් නැතිනම්...
රාජ භෝජන ලැබුනත් ගෙදර කන පොල් සම්බෝලේ තරම් හිතට ගතියක් නැතිනම්.....
තමන්ගේ ගෙදරටම වෙලා ඉන්න ලැබෙන මේ පොඩි දවස් ටික...ඔය තරම්ම ඔබට මානිසික පීඩනයක් වුනේ කොහොමද?
බටහිර රටවල් වගේ නැතිව පවුල මුලික කරගත්ත පසුබිමක් තියෙන අපිට එහෙන වෙන්න පුළුවන්ද?
මැෂින් වගේ තරගෙට විවේකයක් නැතිව තිබ්බ අපිට ලැබුන මේ පොඩි නිවාඩුව ආශිර්වාදයක් වගේ නම්....
ඔබේ මානසික පීඩනය, ජිවිතේ ගැට ගහගන්න බැරිව ආර්ථික ප්‍රශ්නයක් නම් මම මුලින්ම ඔබගෙන් සමාව ඉල්ලනවා...එහෙම නම් ඔබ මේ ලිපිය අදාල කරගන්න එපා....
ඉන්න හිතෙන තැනක් විදිහට අපේ ගෙදර පත් කර ගැනීමයි වැදගත් ....
අහන දකින විදිහට නිවෙස් වල රණ්ඩු සරුවල් වැඩිවෙලාලු....ඔබ ඔබේ ජිවිතයට හවුල් කර ගත්තේ , අත්වැල කරගත්තේ තරහා කාරයෙක්ද? එහෙමත් නැතිනම් පෙරුම් පුරලා දහසක් ප්‍රේමණිය සිතුවිලි අතරේ මොහොතක් වත් ඔබ නැතිව ඉන්න බැහැ කිව්ව ..ලගින්ම ඉන්න ඕනි කිව්ව කෙනාවමද?
වෙනස් වුනේ කවුද කියලා හේතු හොයනවට වඩා ලේසියි නේද? මේ දවස් ටිකේ වත් ජිවිතේ අලුත් කර ගත්තානම්.. වේලාව ඕනි තරම් තියෙනවා...
කාලේකින් ෆිල්ම් එකක් බලලා නැතිනම් එයත් එක්ක ෆිල්ම් එකක් බලන්න...
සින්දුවක් අහන්න...
රස කෑමක් හදන්න උත්සාහ කරන්න...
අඩුම ගානේ වැරදි අඩුපාඩු කතා කරගන්න
වැරැද්දක් වුනානම් සමාව ගන්න.....
පැය ගණන් මග ඇරුණු කතා කරන්න බැරි වු දේවල් කතා කරන්න...
විකාරයි වගේ නම් විවාහයට කලින් ඔබට ඔය දෙවල් කොහොමද දැනුනේ කියලා තමන්ගෙන්ම අහලාම බලන්න...
හැමදාම ගෙදර කන පරිප්පුව එපා වෙලා වෙන තැන්වලින් කන්න හිතෙන අයටනම් කියන්න තියෙන්නේ ඒක ඔබේ අඩුපාඩුවක් කියලා තමයි.
කුඩා දරුවනුත් මානසික පීඩනයෙන් ඉන්නවා කියලා ගොඩාක් අය කියනවා....
ඇයි ඔබට බැරි මේ කාලේ දරුවන්ට අහිමි වෙන දෙවල් ටිකක් හරි ඔවුනට දෙන්න....
ඔයා පොඩි දවස්වල කරපු සෙල්ලමක් එයත් එක්ක කරන්න....
ඔබේ කාර්යබහුල කම නිසා ඔවුනට මග හැරුනු දේ පුළුවන් විදිහට හරි ලබා දෙන්න...
පුංචි හිත්වල ගොඩගැගිලා තිබ්බ සිතුවිලි අදහස් ලං වෙලා එලියට ගන්න...
දුර්වල විශයක් කියලා දෙන්න....
පිනි බිංදුවකට සමාන කරපු අපේ මේ ජිවිතේ
ගෙවෙන මේ මොහොත තමයි හොදම කියලා විශ්වාස කරන්න පටන් ගන්න.. සත්තකින්ම ඔබේ ජිවිතේ ලස්සන වෙන්න පටන් ගන්නේ එතැන ඉදලා....
ඇසිපිය හෙලන සැනින් අපේ දේ අහිමි වෙන්න පුළුවන් බව මතක තබා ගන්න...
හැමදාමත් කියනවා වගේ බැදිමක වටිනා කම තේරුම් ගන්න...
පවුල ඔයාගේ හැමදේම කරගන්න.....
සර්ව සම්පුර්ණ කිසිවෙක් නැති මේ මිහිපිට ගැලපිමි නොගැලපෙන තැන් ටිකක් හදාගෙන අඩුපාඩු හදාගෙන ඒවා ඉවසගෙන
ලැබුණු මේ ජිවිතේ ලස්සන කරගන්න....
වගකිම ඔයාගේ ......
උදාරි ජයතිලක
0 Comments