ගැහැණියක් උපදින්නේ නොපෙනෙන කිරුළක් හිස දරාගෙන....

 

ගැහැණියක්  උපදින්නේ නොපෙනෙන කිරුළක් හිස දරාගෙන....

 

ගැහැණු දරුවෙක් මේ ලෝකෙට බිහිවෙන්නේ නොපෙනෙන කිරුළක් හිස දරාගෙන,

ඒ කිරුළ තමයි අනාගතයේ දවසක ඇයව බබළවන්නේ....

ඒත් ඒ කිරුළ  රැක ගන්න ඇයට පහසු වෙන්නේ නැහැ . මේ කිරුල වෙලාවකට ඇයට ආභරණයක්, තවත් වෙලාවකට වගකීමක්,ඒ වගකීම දරාගන්න නම් ඇයට අනිවාර්යෙන්ම සමාජයේ එහෙමත් නැතිනම් වට පිටාවේ සහයෝගයත් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.

 තාත්තෙකුට, අම්මේකුට එයාලගේ දියණිය කිරුළක් දරාගෙන ඉන්න කුමාරිකාවක් වගේ...

වයසින් වැඩිවෙලා සමාජගත වෙද්දි,අත්දැකීම් වලින් පරිණත වෙද්දි, සමාජය ගැන තේරුමක් තියෙන කාලය වෙනකොට ඒ කිරුළක් පැලදගෙන ඉන්න කුඩා දියනිය තරුණියක් වුනහම, ඒ තරුණියගේ වගකීමක් වෙනවා පුxචි කාලේ ඉදන් පැළදුව කිරුළ රැකගැනීම. ඒ කිරුළට කැළලක් ඇති නොවි ජිවත් වෙන ඒක....

 විපරිත වෙච්ච සමාජයක ඒක ලේසි දෙයක් නිවෙයි.. ඒත් අමාරුවෙන් හරි රැක ගත්තොත්..ඔබේන් කිරුළ ගලව ගන්න එක නම් ලේසි වෙන එකක් නැහැ..

කිරුළක් පැලදපු දුවෙක් විදිහට ඉදලා, විවාහය කියන කඩ ඉමෙන් පස්සේ.. ඒ කිරුළ රැකගෙන රැජිණක් වෙන එක තමයි. ඊලග දේ...විවාහයෙදි රජෙක් නැතිව මනුසත් කම පිරුණු සහකරුවෙක් ලබාගත්තොත් ඔබට ඇත්තටම ඔහුටත් රජෙකුට වගේ සලකගෙන රැජිණක් වගේ ජිවත් වෙන්න පුළුවන්.

තමන්ට ලැබුණු ජිවිතේ යහපත් විදිහකට රැකගෙන ආදරණිය බිරිදක්, මවක් වෙලා..යථාර්තවාදි ගැහැනියක් විදිහට තමන්ගේ ගරුත්වය රැකගෙන ජිවත්වෙද්දි...ගැහැනියකගේ හිසේ තියෙන කිරුළ ලෝකයක් බබලවන්න පුලුවන් . මේච්චර කාලයක් නොපෙනි තිබුණ කිරුළ, ඔබේ වටපිටාවට සමාජයටත් පෙන්න ගන්නවා...දැන් ඔබ ඇත්තටම රැජිණක්..කාටවත් ඇගිල්ල දිගු කරන්න බැරි..කිසිම කෙනෙකුට ඒ කිරුළ ඔබේ හිසෙන් ගලවන්න තියා ඒ ගැන හිතාගන්නවත් බැරි හිස කෙලින් තබාගත්ත රැජිනක්..


ඔබ ලෝකේටම කිරුළු පලන් කෙනෙක් නොවෙන්න පුලුවන්.. ඒත් ඔබව වටින අයට ඔබ රැජිණක් ..

.තව කෙනෙක් පලදපු කිරුලක  රැජිණක් නොවි...අධ්‍යාත්මයෙන් ඔබ ලද කිරුළ හරිම වටිනවා....

මොන දේ, මොන තනාන්තරය ලැබුනත් උඩගු නොවි සිටිමත් සැබෑම රැජිනකගේ ලක්ෂණයක්

මතක තියාගන්න ඔබේ හිස මත කිරුළ  බලයෙන්, අනිත් අයගේ හිස දරාගෙන ඉන්න කිරුල ඉවත් කරන්න ඔබට අයිතියක් නැති බවත් මතක තබා ගන්න... ඒසේ වුවහොත් එය කටු ඔටුන්නක් වි ලෝකයෙන් දොස් ඇසීමට ඔබට සිදුවන බව...

 උදාරි ජයතිලක

Post a Comment

0 Comments