දවසින් දවසට සමාජය තුළින් අසන්නට ලැබෙන පුවත් ගැන සැබැවින්ම දැනෙනුයේ බිය,සxවේගය,දුක ,පිළිකුල මිශ්‍ර වු අමුතුම හැගිමකි.පෙර පින් ඇතිව ලබාගන්නා මනුෂ්‍ය ආත්මය තිරිසන් නොව මේ යැයි කිව නොහැකි අමුතුම අකාරයේ ජිවින් කොටසක් ලෙස පහත් ක්‍රියා වලට යොමු වී තිබේ...
තුන්වෙනි සිල්පදය කඩා අමුතුම වින්දනයක් ලබා ගැනීමට මිනිසුන් පෙළබෙන්නේ කාගේ කොතැන සිදුවු වරදකින් දැයි සෙවිම කාලය අමු අමුවේ කා දැමීමකි.
කෙසේ වෙතත් වරද වැරැද්දක් ලෙස දකිමින්ද,සමහරක් එය නිවරදි කිරිමට උත්සහ කරමින්ද,තවකෙක් පුවත් විකුනමින්ද,මෙවැනි දේ ආතල් එකක් කරගනිමින් සිටිනා අයද . මේ දිනවල බහුලය. සිය දරුවන්ගේ අනාගතය ගැන අපමණ වු බියක්ද සිත තුළ එකතු කරමින් සිට්න දෙමව්පියන්ද, සිය පවුල් ජිවිතය ගැන අනියත බියකින් පසුවන අයද සිටි.
ලේන කුලේ සිට
ආගිය මඟතොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී...
ප්‍රේමයක් ඇරඹි මුල් කාලයේ ,නිවන් දකිනා තුරු එකට සෙවණැල්ලක් සේ ලගින් සිටින්නට පෙරුම් පුරන බොහෝ අය..පසුකලකදි විවාහ වී දරු මල්ලන්ද සැදු පසු,අන්සතු අකාරයෙන් වෙනස් රස සොයා යාම වර්ථමානය වනවිට විලාසිතාවක් වි ඇත.. කොහොම සිතුවද තනි අතකින් නම් අත්පුඩි ගැසිය නොහැක.
සිය බිරිදට සැමියාගෙන්ද,සිය බිරිදගෙන් සැමියාටද ,ඉටුවිය යුතු දේවල් ගැන පසුවට අමතක වීම මේ හැම දෙයකටම මුල විය හැක...නිමක් නැති අරමුණු කරා දුව යන සමාජයක මොහොතක් නැවති හිද මොහොතක් සිතන්නට ,හොදම කාලය මෙය විය හැක.දරුවන්ට තව තවත් සමීප වීමට මීටත් වඩා හොද කාලයක් නැත.ගැහැනු දරුවෙකු පමණක් නොව පිරිම් දරුවන් ගැනද අවධානය උපරිමයෙන් දිය යුතුව ඇත.නොමග යැමට ගෙදරින් පිටත්ට යා යුතුම නැත.අන්තර්ජාල පහසුකම් සුළභ වු යුගයක සිය නිවස තුළදී වුවද දරුවන්ගේ ජිවිත නොමග යා හැකිය
අප වෙනස් විය යුතුය...සැබෑම ආදරණිය පවුල් ජිවිතයකට මෙය අත්‍යවශ්‍යය..
නමුත් ඒ වෙනස යහපත් විය යුතුය.පවුල් ජිවිතය තුළ විවෘත විය යුතුය.සිතේ දහසක් දේ සගවා නොගෙන ජිවිතය බෙදාගන්නට අප සමග එක්වු සහකාරිය හෝ සහකරු සමග ඔබට හැකිවිය යුතුය. නැතිනම් අපගේ සිතුවිලි බාහිර අය සමග බෙදා ගැනීමට යාමත් විනාශයකය මුල් විය හැක.
විවාහයෙන් අවුරුදු ගාණක් ගිහිල්ලත් අතේ එල්ලිලා ගමනක් යන්න.අරථයක් දෙන්න බැරි බැදිමක හදාගන්න හැමෝටම පුළුවන් ..ඒකට අපි ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඔනි.මානය ආත්මාර්ථය තියාගන්න එපා
විවාහ වු අයගෙන් බහුතර ප්‍රතිශතයක් සිය විවාහය සිදුකරගන්නේ සිය කැමැත්ත ඇතිවය...එසේ ඇතිවන කැමැත්ත පසුකලෙක අකමැත්තක් වී තහනම් ගසේ රස බැලීම ගෙවා ගත් නොහැකි පාපයක් මෙන්ම..මහා විනාශයයක මුල විය හැක.
නොගැලපෙන තැන් ගලපා ගන්න උත්සහ ගන්න,
අපහසුමනම් සුහදව වෙන් වන්න.මතක් තියාගන්න තුන්වෙනි සිල් පදය නොකඩන්න. මක් නිසාද එය කඩවු තැන අනෙක් සිල් පද පහම කැඩී යාමේ ප්‍රවණතාවය වැඩිය..
නිසි බැදිම හරිම සුන්දරය..අත්හරින්නට බැරි තරම් ලෝභය..ඇබ්බැහිවෙන්න ලස්සනට ආදරණිය විදිහට ජිවත් වෙන්න..මේ ලොකේ ලස්සන දකින්නට ඔබටත් හැකිවෙව්.
පන්චන්දි (උදා-ජය)
0 Comments