ඔබට,බැදිම් වලට සධාරණයක් ඉටු කිරිමට නොහැකි නම්, බැදිම් වලට මුල පුරන්න එපා

 ඔබට,බැදිම් වලට සධාරණයක් ඉටු කිරිමට නොහැකි නම්,

බැදිම් වලට මුල පුරන්න එපා




බැදිම් යනු විටෙක කෙනෙකුට දුකක් වුවද,තවත් කෙනෙකුට බැදිම් යනු ජිවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි.

බැදිම් ආරක්ෂා කර ගැනීම කිසි විටෙක තනිව කල හැකි දෙයක් නොවේ.ඒ සදහා අනෙකුත් පාර්ශවයන් වල සහයෝගය අනිවර්‍යන්ම අවශ්‍ය වේ.එසේ නොමැති වු කල බැදිම් යනු ලොව ඇති නීරසම වචනය බව ඔබට වැටහී යනු ඇත.

බැදිමක් ඇති කර ගැනීමට පෙර වරක් නොව දහස් වර සිතිය යුතුය.

නැතිනම් වෙන්නේ විදය යුතු ජිවිතය විදවීමටය.

සාර්තක බැදිමක්  පවත්වා ගැනීමට නම්............


*ආත්මාර්ථකාමි සිතුවිලි අඩු කරගන්න
*කිසිවිටෙක බොරු නොකර ඉන්න
*අවන්ක වෙන්න
*අනිත් කෙනාගේ අදහස් වලට ගරු කිරිමට පුරුදු වෙන්න

අපේ ජිවිතවල එක් එක් අවධිය පසු කරද්දි අපේ බැදිම් අළුත් වෙනවා.නැතිනම් වෙනස් කරගන්න වෙනවා...කොයි තරම් ප්‍රභල වුවත් දූදරු බැදිමත් එහෙම දෙයක්..විවාහය වගේ දේවල් එක්ක විවාහ ජිවිතයේ බැදිම් වලට අපිට මුල් තැන දෙන්න සිද්ධ වෙනවා.කොහොම වුනත් ඒක තමයි ඇත්ත.ඒ දෙවල් වලට හුරුවෙන්න ඔබේ හිත හදාගන්න බැරිනම් හොදම දේ ඒ වගෙ බැදිම් ඇති නොකර ගෙන ඉන්න එක..තමන්ට අමාරුවෙන් හරි වෙනස් වෙන්න බැරි වුනොත් වෙන එකම දේ....අපෙන් අනිත් පාර්ශවයට වෙන යුතුකම් වගකිම් මග හැරිලා බැදිම් වල තියෙන ප්‍රබලතාවය අඩුවෙන එක.

ඔබට විවාහයට පෙර මිතුරු  මිතුරියන් ගොඩ දෙනා හිටියා වෙන්න පුළුවන්..ඒත් මිතුරු කම් අත් නොහැර ඒ වෙනුවෙන් යොදපු කාලය ක්‍රමයෙන් අඩු කරන්නට සිදුවෙනවා.ඔබට ඒසේ නොකර සිටිම කල නොහැකි දෙයක්..අකමැත්තෙන් වුවත් ඒක තමයි ඇත්ත. මේ ‍යථාර්තය මුහුණ නොදෙන ගොඩක් අයගේ ජිවිත අසාර්ථක වෙනවා...
සමබරව ජිවිතේ ගෙනියන්න ඕන.ඒත් පවුල් ජිවිතය කියන දේ මුලටම දැමිය යුතු වෙනවා..

ඔබට මේ වගේ දේවල් වලට හැඩගෙන්න සිත හදාගන්න අමාරුනම් හොදම දේ තමයි.බැදිම් ජිවිතය අළුතෙන් එකතු නොකරගෙන ඉන්න එක.
නැතිනම් ඔබේ විතරක් නෙවෙයි ඔබත් සමග බැදිම් ඇති කරගත්ත කෙනාගෙත් ජිවිතේ අසාර්ථක වෙලා දුක් විදින්න වෙන එක.
ඇත්තටම කිව්වොත් බැදිම් සුන්දර දෙයක්.එත් ඒක සුන්දර කරගන්න එක අපේ කැපවිම්, මත තීරණය වෙන දෙයක්.අනිත් දේ තමයි මොහොතින් මොහොත වෙනස් වෙන හිතක් ඔබ සතුව තියෙනවානම් බැදිම් ඇති කරගන්න කලින් දෙපාරක් නෙවේ සිය වාරයක් හරි හිතන්න
අනිත් දේ තමයි බැදිම් වලට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න...හැම දේම සල්ලි කියලා හිතන කාලේක. ආදරණිය බැදිමක් ඔබට මුදලට ගන්න පුළුවන් වෙයි කියලා නම් මොහොතකටවත් හිතන්න එපා

බැදිම් දුකක් වෙන්න පුළුවන් ඒත් අපි ජිවත්වෙන කාලය තුළදි බැදිම් නැතිව ජිවත් වීම කරන්න අපහසු දෙයක්.. ඒ නිසා ඔබට පුළුවන් හැම විටම බැදිම් වලට සාධාරණයක් ඉටු කරන්න

පන්චාන්දි (උදා-ජය)




Post a Comment

0 Comments