නැවත ජිවිතය පටන් ගැනීමටත් සැලසුම් ළග තබා ගන්න.........

 








ධනාත්මක වන්න,

සුභවාදීව ජිවිතේ ගැන දකින්න,

බලාපොරොත්තු තබා ගන්න

එත් බලාපොරොත්තු බිද වැටුණහොත් ,

නැවත ජිවිතය පටන් ගැනීමටත්

සැලසුම් ළග තබා ගන්න.........


ජීවිතේ අපිට උදා වන සමහර අවස්ථාවලදී අපි ඒ දේවල් දිහා සුභවාදීව බැලීම ඉතාමත් හොඳ දෙයක්, යම් අර අරමුණක් කරා යාමේදී බලාපොරොත්තු තබා ගැනීම ඉතාමත් වටින දෙයක්.  සරලවම කිව්වොත් අපි ජීවිතේ දිහා, ප්‍රශ්න දිහා, හැමතිස්සෙම ධනාත්මකව බලන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඔබ වත් නො නොසිතු මොහොතක ඔබ බලා බලාපොරොත්තුවෙන් හිටපු දේවල් ,ඔබට ලැබෙන්න පුළුවන්.

ජීවිතයේ  සමහර වෙලාවල් වලට අපිට ඉතාමත් වැදගත් තීරණ තීන්දු ගන්න සිද්ධ වෙනවා.හිතේ දෙගිඩියාවක් නැතුව ඒ දේවල් වලට මුහුණ දෙන්න සුභවාදීව සිතීම ඉතාමත් වැදගත්. 

ඒත්  ජීවිතේ ලැබීම්  නොලැබිම් හමුවේ.අපි තියාගත්ත බලාපොරොත්තු, සිහින අපෙන් ගිලිහිලා යන්න වුනත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක ජීවිතේ කඩා වැටෙන්න නැතුව, ශක්තිමත්ව. සියලු දේ සිද්ධ වෙන්නේ අපේ හොඳට කියලා හිතලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න, අලුත් බලාපොරොත්තු ඇති කර ගන්න, ශක්තිමත් වෙලා අලුත් සැලසුම් ක්‍රියාත්මක කරන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන.

ඇත්තටම ජීවිතේ කියන්නේ ලැබෙන නොලැබෙන දේවල් වල එකතුවක්. ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ අපට සුදුසු දේවල්, නුසුදුසු දේවල් අපට නැතිවුණා කියලා දුක් නොවෙන්න තරම් දියුණු හිතක්  අපිට තියෙන්න  ඕනි.

යම් කෙනෙක් ඔබ  ඇසුවොත්,ඔයා  සතුටින් ඉන්න රහස  මොකක්ද කියලා?

 ලද දෙයින් සතුටු වෙන බව
 කඩාවැටීම්  ඉදිරියෙ නොවැටී ඉන්න  පුළුවන් බව 
බලාපොරොත්තු තබාගන්නවා මෙන්ම ඒ සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව
සිහින දකින්න සැලසුම්ක් ඇතිව බව
ඔබගේ ඉදිරි පියවර සඳහා සැලසුම්  සහගත බව
අන්  අය මත,තමාගේ සතුට තීරණය නොකිරීම 

මෙන්න මේ විදිහට  ඔබට හැකිනම් අවංකව පිළිතුරු දෙන්න. ඇත්තටම ඔබ සාර්ථකයි. ඒවගේම ඔබ සතුටින්.

පන්චාන්දි(උදා-ජය)

Post a Comment

0 Comments