ඔබ සාර්ථකත්වය මනින මිණුම් දඬු මොනවාද?

ඔබ සාර්ථකත්වය මනින මිණුම් දඬු මොනවාද?

අපි බොහෝ විට සාර්ථකත්වය  මනින්න  යොදා ගන්න  මිනුම් දණ්ඩ හරිම පටුයි..පිට පෙනුමෙන් එහෙමත් නැතිනම් භෞතික දේවල් වලින් මනුෂ්‍ය ජිවිතයේ සාර්ථකත්වය මැනගන්න හරිම අමාරුයි. අධ්‍යාත්මිකව සාර්ථකත්වයට ළගා වෙන්නේ හරිම අඩුවෙන්.
ඒ අපිව කුඩා කාලේදි ඉදන්ම හිතන්න පුරුදු කරලා තියෙන විදිහ.සෑබෑවටම ඔබ සාර්ථකයි කියන්නේ ජිවිතේ හැමදේම සමබර වීම..


  • අධ්‍යාපන මට්ටම
  • රැකියාව
  • මුදල්
  • ගෙවල් දොරවල්
  • ‍යාන වාහන
  • ඇදුම් පැළැදුම්
  • සමාජ තත්වය

වගේ දේවල් මත පමණක් කෙනෙකුගේ සාර්ථකත්වය මනින්න පුළුවන්ද? 

ඉහතින් සදහන් කරපු දේවල් වලට අමතරව


  • හිතේ සතුට
  • සාර්ථක පවුල් ජිවිත
  • නීරෝගීබව
  • සැහැල්ලු බව
  • ආදරය


මේ දේවල් අනිවාර්යයෙන් තිබිය යුතුම දේවල්...

එත් සාර්ථකත්වයට අපි යන ගමනෙදි අපි මේ සියළුම දේ අමතක කරලා යනවා..ආපසු හැරිලා බලද්දී එවත් අපෙන් ගොඩාක් ඈත්ට ගිහින්
වැරදුන තැන මේකයි කියලා නිශ්චිතවම මට කියන්න බැරි වුනත් කොහේ හරි තැනකදි අපිට වැරදිලා තියෙනවා😢 හොයලා බලමුද කොතනද වැරදුනේ කියලා...

අපේ අම්මලා පහ වසර ශිෂ්‍යත්වයෙදි ...........

ළමයාගේ මුළු අනාගතයම තීරණය කරන්න දගලනවා..පාස් නම් ගොඩ ෆෙල් නම් ඉවරයි.
හොයලා බලන්නකො ඔයාගේ පන්ති වල හිටිය ශිෂ්‍යත්වය අසමත් අයගේ ජිවිත අසාර්ථකද කියලා😎

ඊළගට ඉතින් ඕලේවල්....

9A ගත්තේ නැතිද?එහෙනම් ඔයා මේ වෙනකොටත් පැරදිලා😉😂. එහෙමනේ හිතන්නේ අපි නේද? 🤩

A/L.......

 සයන්ස්,මැත්ස් අඩුම ගානේ කොමස් වත් කරගන්න ඕනි..ආර්ට් කළොත් ජිවිතයක් නැහැ..හැමෝම වරද්ද ගන්නවා මෙතනදි..වෙන කෙනෙක් කල පලියට අමාරුවෙන් අකමැති දෙයක් කළොත් නම් අපිට ගොඩ ඒමක් නැහැ..

උපාධියක් වටිනවා ජිවිතේට.....

එත් එහෙම නොවුනා කියලා ජිවිතේ අසාර්ථක වුනාද? නැහැ 👍

රැකියාවක් තොරාගනිද්දි.....

 තමන්ගේ කැමැත්තට නම් ඉඩ දෙන්නම වෙනවා..එහෙම නැතිවුනොත් සෑම වැඩ කරන දවසක්ම එපා වෙයි අනිවාර්යයෙන් 🙄

අන්තිමට අපි හැමෝගෙම ජිවිතේ අළුතින් උපදින තැන විවාහය...

හරිම වැදගත් තීරණයක්.ඒත් අපි එතැනදිත් මුල් තැන දෙන්නේ සල්ලි,රැකියාව, ලස්සන වගේ දේවල්වලට..ගැළපිම් ගලපගද්දි පරිස්සමෙන් 😎.
ගොඩාක් අය පිටින් බලලා කියයි."අම්මෝ හරිම වාසනාවන්තයි  එයා නම් සල්ලි කාරයෙක් ලු , ගොඩින් මඩින් හැම පැත්තෙන්ම තියෙනවලු..නැතිනම් රැකියාව ගැන කියයි...
පිටින් පේනවට වඩා විදවන ප්‍රශ්න බලන්න කාලයක් ඉන්නම වෙනවා.

කොටින්ම කිව්වොත් අපි මෝඩයි.. ජිවිතේ විදවන කෙනා විදින කෙනා පටලවගෙන 😫
ඒ පස්සේ දුවනවා..ඒ වගේ වෙන්න.....
තමන්ගේ සාර්ථකත්වය කාගෙන්වත් අහලා වැඩක් නැහැ .අහලා බලන්න හිතෙන්ම පිළිතුරක් හම්බවෙයි ඔයාට මග ඇරුණු තැන් එක්කම...🙏🏻✅💐

✍️උදාරි ජයතිලක

Post a Comment

0 Comments