ඊයේ දවස ගැන පසුතැවෙන අය...



ඊයේ දවස ගැන පසුතැවෙන අය...

 හෙට දවස ගැන ඕනෑවට වඩා බය වෙන ,හිතන අය අතරේ...ගෙවමින් ඉන්න මේ මොහොත විදින අයෙක් වෙන්න පුළුවන් නම් ඒ කෙනා හැබැම දක්ෂයෙක් ඒ වගේම වාසනාවන්තයෙක්...

ජීවිතය පිණි බිංදුවකට සමාන කරලා තියෙන්නේ කොයි මොහතේ අහිමි වෙයිද කියලා කියන්න බැරි නිසා . ඒ තරම් පෙර දක්නා නුවණක් අපිට නැති නිසා.
 පහුගිය දෙවල් වලින් අපිට පාඩම් ඉගෙන ගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා😍. ඒහෙම නැතිව අතීතය කියන වලට වැටිලා ගොඩ එන්න බැරිව ඉන්නවා කියන්නේ අපි ලබපු මේ උතුම මිනිසත් භවයටත් කරන මදි පුංචි කමක් 😌

මම දන්න ගොඩාක් අය ඉන්නවා...එයාලා හැමදාම දුකෙන්..අතීතය ගැන හිතනවා එහෙමත් නැතිනම් උදානොවුන අනාගතය ගැන ගොඩාක් වද වෙනවා...😙

👉හෙට දවස ගැන තියාගන්න ලස්සන ධනාත්මක බලාපොරොත්තු විතරක්.
👉ඇසුරු කරන්න ජීවිතය ගැන සුභවාදීව දකින මිනිස්සු (මොකද වාසනාව අවාසනාව කියන දේ අපිට බෝ වෙනවා)
👉අනාගතය ගැන අභියෝගත්මක තීරණ අරගන්න.(දිය කොරහේ කිඹුල්ලු බලන්න නම් එපා😳😀
👉ඕනෑම නරක අවස්ථාවක උනත් ඒදේ එහෙම උනේ අපේ හොදට කියලා විශ්වාස කරන්න😊
ඔයා හරිම වාසනාවන්තයි කියලා හිතන්න ❤️(ටික දවසක් යද්දි ඒක ඇත්ත වෙන්න පටන් ගන්නවා)😍
👉පොඩි ප්‍රශ්ණ දුක් වේවි කාලය ගෙවන්න එපා... මොකද හෙට දවසේ ඔයාට මුණ දෙන්න වෙන ප්‍රශ්නය ගොඩාක් දරුණු එකක් වෙන්නත් පුළුවන් 😳
👉 අපිට වඩා ප්‍රශ්න වලින් දුක් විදින මිනිස්සු ඉන්න බව මතක තියාගමු.
👉මුදල් මත ඔබේ සතුට උගස් නොකරන්න
👉අනේකාගේ ලැබිම් හමුවේ හූලන්න එපා කවදාවත්.. මොකද අපි මේ ගතකරන ජිවිතේ වෙනස් වෙන්න එක තත්පරයකුත් ඇති🧐😳
👉 ලැබුණු ජිවිතය විදිමට නොව විදින්න ඇති බව මතක තියාගෙන සතුටින් ඉමු❤️

✍️පන්චන්දි (උදා-ජය)

Post a Comment

0 Comments