“සෙනෙහසකට අරුතක් පුරවන්නට





පෙරට වඩා විඩාපත් බවක්

 මා දකින ඔබට දැන් දැන් දැනේනවා ඇත.ඔබට මෙන්ම මටද එය එලෙසම දැනෙන්නේ සිය දහස් වාරයක් වැඩිවෙමිනි...මිල මුදල් හෝ සේවා ස්ථානයේ මේ යැයි කිව හැකි පිඩාවක් හෝ කණස්සල්ලක් මට නැත.
 හේතුව ඇයමය...
එකාකාරි ජිවිතයෙන් හෙම්බත් වී සිටි තිස් පස් විය පසුකරමින් උන් මට... ඇයගේ පැමිණීම ජීවිතය ගැන වෙනස් ලෙස සිතිමට හුරු කරවීය.ආදරය මේ යැයි කීමට තරම් වත් නොදන්නා ආදරයට නවකයෙකු වු මා,, මාගේ සියළු රළු ගති මෙන්ම පරිණත භාවයද පසෙක ලා. නව යොවුන් තරුණයෙකු සේ ආදරයට වහල් වුයේ
මා ගැන දන්නා සියල්ලම පුදුමයට පත් කරලමිනි..
          දහසකුත් නෙත් පසු කර සිටි මට ඒ කිසිම කෙනෙකුගේ විශේෂයක් හෝ ආදරයක් ගැන හැගිමක්වත් නොදැනිනි.. 
දිනක් ඒ සෑම දේ වෙනස් කරමින් ඇය මාගේ නෙතු මායිමේ දිස් වුයේ මාගේ කනිෂ්ඨ සේවිකාවක් ලෙසිනි...
එතැන් පටන් මම වෙනස් වීමට පටන් ගත්තේ මටවත් නොදැනීමය... මෙතෙක් කලක් අන් ගැහැණුන් ගේ ඉගියක් හෝ නොරිස්සු මගේ හිත.. ඇයගෙන් එය කොයි මොහොතක හෝ ලැබේයැයි සිතිමට තරම් බොළද විය.
මා ඉදිරියේ සිටින විට ඒ දෙඇස් මොහොතකට හෝ නොඉස්සිමට තරම් ඇය අහිංසක විය..ඒ මා තුල වු දරදඬු ආඩම්බරකාර ගති ගැන ඇය අනෙකුන් ගෙන් දැන ගත් නිසා වන්නටද පුළුවන..
ඔව් හැම දේම වෙනස් විය..මා තුල සිටි සරළ සුන්දර ආදරණිය මිනිසා මතු විය...
ඇයගේ අසරණ දිළිදු ජීවිතය මා හට හෙලි කිරිමට තරම් ඇය මට අවසානයේ සමීප විය.
ඇය හමුවේ මට දැනේන අනේක වු හැගිම් අතරට ඇය කෙරෙහි වු අනුකම්පාවද එකතු වී..මට වඩා අවුරුදු පහලොවකින් බාල වු ඇයව විවාහ කරගත්තේ නොසිතු ඉක්මනටය.
මගේ සියල්ලම ඇය විය.. මා වටා සිටි හැම අයම මට අමතක විය.. මා ඇයගේ සියළු බහට අවනත වීමට සිදුවුණි...විශ්වාස කලෙමි , මම ඇයව මටත් වඩා..
ඇයගෙන් මුලදි දිස්වු අහිංසක කම පරදවා සංකර නපුරු ගති ඉස්මතු විය.. මා නොකල දෙයක් නැත...මෙයට හේතුව අපගේ වයස් පරතරය විය යුතුයි යන සිතුවිල්ල ඔස්සේ...
මා අනේකාට විහිලුවක් සේ පෙනෙන ලෙස වෙනස් වුවද..ඇයගේ මුලින් තිබු සීමාවක් නොවු ආදරය අන්තිම අඩියට පැමිණියේය..
එකම නිවසක අපි වෙන් වෙන්ම ජීවත් වීමට වෙන තරමට ඇයගේ වෙනස් වීම ප්‍රබල විය..
.
“සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා..
වෙරළේ රළ මැන්නා..
සීමාවක් මායිමක් නැතයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවි"

ඇයගේ හිත රිදවීම මුල් කාලයේ මා අතින් සිදු
නොවුනද..දිනෙන් දින මතුවන  ඇයගේ සැබෑ
ස්වරූපය හමුවේ..නිවටයෙකු බවට පත්වීමට මම අපෝසත් විමී.
දහසකුත් එකක් බලාපොරොත්තු මැද මා ඉදිකල සියළු දේ ඉතා අවාසනාවන්ත ලෙස පිරියම් කල නොහැකි මැටි බදුනක් සේ කැළල් එකතු කිරිමට තරම් ඇය මා හට ද්‍රෝහි වි සිටියාය.
"කදුලක් සිදුනෙන් හදවත පිපිණු
කදුලෙත් විෂ මත කටු තිබුණා
බිදුනොත් බදුනක පිලියම් කරනට
බැරි කැළලක් මතුවී තිබුණා"

ප්‍රේමය ඉපදුන සිතකින් වෛර කිරිමට මම දැන නොසිටියෙමි..ඇයගේ නොහික්මුණු හැසිරිම් වල අතුරු ඵලයන් මාගේ සේවා ස්ථානයෙන් කසු කුසු ලෙස ඇසිමට තරම් අවාසනාවන්තයෙකු වීමට මට සිදුවිය.මේ ආත්මයෙදි නැතත පෙර හෝ කල පවක් මා හට ඵලදෙමින් තිබිණි...වරක් නොව දහස් වර සමාව දී ප්‍රේමයේ දෑත ඇයට දිගු කලද ඇයගේ මුරණ්ඩු වු සිත එයට අවනත නොවිණි..ඉතින් මා ඇයව නව කුඩුවක් තැනිමට හෝ අතරමං වී මං මුළා වි තටු සිද ගැනිමට...හෝ ඊයේ උසාවිය තුළදි නිතීයෙන් මෙන්ම මාගේ මුළු අධ්‍යාත්මයෙන්ම නිදහස් කර..කැදැල්ලේ මෙන්ම මාගේ ආත්මයටම දොර අගුළු දා ගතිමී..
වීඩාබර නෙතට මෙන්ම හිතටද දැනෙනේ පෙර නොවිදි සුවයකි..
ජීවත් වෙමී ඇය හමුවිමට පෙර සිටි මිනිසාම පරිද්දෙන්.
ඇය ගැන සොයා බලන්න..ඒත් මා හට නොකියන්න..මන්ද යත් ඇය දුකින් බව ඇසීමට මා කැමති නැති නිසාවෙනි.

"පවකින් පෙර අත්භවයක සිදු වු
සිතකින් සිතකට දුක පිරුණා
මගේ අත දිගු කල හැකි හැම තැනදි
ඔබ අත මා දුරකින් තිබුනා"
 ✍️පන්චාන්දි"
(නිමිති කොට ගත් පද පෙළ ප්‍රගීත් අඹේසුන්දරයන් විසින් රචිත අසංක ප්‍රියමන්ත පීරිස් මහතා විසින් ගායනා කරන ගීතයෙනි)

Post a Comment

0 Comments