මල් වැනි දරුවන් හට කුඩා කල සිටම ,හොද නරක් කියාදී යහමග නොයවා වල්මත් වු පසු, අදෝනා දී.......වැද වැටීමන් ඵලක් වේද?
මතකද? ඔයාලටත් අපි කුඩා කාලේදි අහපු මේ කථාව.
එක්තරා පවුලක ජීවත් වුණා මවක් සහ පුතෙක්.මේ අම්මා පුතාට ගොඩක් ආදරේ කලා. දවසක්, පාසැල නිමවි නිවස පැමිණි පුතා විසින් සිය මවට අනුන් සතු පැන්සලක් ගෙනත් දුන්නා.එය තමන්ට අයිති නැති නිසා නැවත අයිති කෙනාට මේ පැන්සල නැවත භාර දෙන්න කියලා මව විසින් සිය පුතාට පැවසිය යුතු වුවත් මේ අදූරදර්ශි මව එසේ කළේ නැහැ. ඒ වෙනුවට ඇය කළේ සිය දරුවාගේ හිස අතගා එය බාර ගැනීමයි.
මේ විදිහට දෙවැනි දිනයෙත් මේ පුතා විසින් වෙනත් යමක් ගෙන ආවා.මව විසින් දඩුවමක් නොව අවවාදයක් පවා නොකට පෙර දිනයේ ලෙසම එය සතුටින් බාර ගත්තාය මේම ක්රියාවෙන් උද්දාමයට හා වැරදි ආදර්ශයක් ගත් දරුවා.මේ අකාරයට දිනපතා යම් යම් අන්සතු දේ ගෙනවිත් එය පුරුද්දක් කර ගත්තා.
ක්රමයෙන් තරුණයෙකු බවට පත්වු මේ කුඩා දරුවා තරුණ වියට ආ පසු පළාතේ නම ගිය හොරෙකු බවට පත් වුණා.
දිනක් මෙම තරුණයා සොරකමක් මත හිරේට නියම වුණා..මෙයින් බොහෝ සෙයින් කණගාටුවට පත් ඔහුගේ මව ඔහු බැලිමට එහි ගියාය.
මවගේ පැමිණිමෙන් කෝපයට පත් පුතා සිය මව තමා අසලට කැදවා..මේසේ විමසුවා. '' ඇම්මට මතකද? ,මම මුලින්ම පැන්සලක් හොරකම් කරපු දවස.. අන්න එදාම ඔයා මට වැරැද්ද තෙරුම් කරලා මාව නිවරදි කලා නම් අද මට මෙහෙම වෙන්නේ නැතැයි '' පැවසුවෙය.
මේ අවස්ථාවෙදිම මවට තමාගේ වැරැද්ද අවබෝධ වුවද, ආපසු හැරෙන්නට තරම් ඇය වාසනාවන්ත වුණේ නැහැ...
ඇත්තටම කුඩා කාලේදි මේ කතාව ඇහුවට පස්සේ..වැරදි වලට දෙමව්පියන්ගෙන් බැනුම් ඇහුවත්. අපේ හොදටනේ කියලා හිතන්න පුරුදු වුණා.
මේ කතාව ආයෙත් මට මතක් වුණේ පසුගිය දින දෙක තුනේ දැකපු අහපු සිද්ධින් නිසා..අපේ දරුවෙක් වැරදි කාරයෙක් වෙද්දි ඒ ගැන සමාජයට ඇගිල්ලක් දික් කරනවනම් මතක තියාගන්න. දෙමව්පියන් වෙන අපේ පැත්තට ඇගිලි හතරක්ම දික් වෙන බව විශේෂයෙන් අම්මා කෙනෙකුට දරුවෙක් යහමගට ගන්න තියෙන හැකියාව වගේම වගකීමත් වැඩියි. මොකද දරුවෙක් ගොඩාක් ගත්කරන්නේ මවක් එක්ක.
තමන්ගේ දරුවා තමන්ට ලෝකයක් වුනත් දරුවෙක්ගෙ වැරැද්දක් ඉස්සරහා මුනිවත රකින්න එපා. නිවරදි කරන්න
කුඩා කල ඉදන්ම ඔබ කුමන ආගමක වුවත් පව සහ පිනට ආදීනව කරුණු කියලා දෙන්න
දරුවෙක් යහමගට ගන්න පුළුවන් අනිත් කෙනා තමයි ගුරුවරු ඔවුන්ගේ දඩුවමකදි දරුවාට කරුණු අවබෝධ කර
දෙන්න..එහෙම නැතිව කිසිම විටක පාසලට දරුවා සමගින් දෝෂාරෝපණ නොකරන්න.
විශේෂයෙන් මිතුරු මිතුරියන් ආශ්රය කිරිමේදි සීමාවන් ගැන දරුවන්ට කියා දෙන්න..
පවුලේ වත්කම ඉහළ දමා ගැනීමට යොදවන අවධානය හා කාලය ඊට සමානවම ඔබගේ මූලික වත්කම වන සිය දරුවන් හටත් ලබා දෙන්න.
අවර ගණයේ කාටුන් සහ වැඩසටහන් වලින් හැකිතාක් ඉවත් කර පත පොත ඇසුරේ තබන්න.
හැකිතාක් ක්රීඩාවකට, යහපත් විනෝදාන්ශයකට දරුවා යොමු කරන්න
ආදරේ හිඩැස් නොතියාම දෙන්න
වැරැද්ද දුටු මොහොතේම ආදරයෙන් නිවරදි කරන්න..මතක තියාගන්න දැඩි දඩුවම් විසින් ඔබේ දරුවා පීඩනයට පත් විය හැකි බව
අනාගතයේ අස්වැන්න ලෙස ඔබට නෙළා ගත හැකි වන්නේ අද වපුරන දෙයය..ඔබේ දරුවා ඔබේය..එය එසේ වුවද ඔහු හෝ ඇය වරද කරුවෙකු වුවහොත් සමාජයට ඔහු හෝ ඇය වැරදි කාරයෙකි..එවිට කිසිවෙකුගෙන් හෝ අනුකම්පාවක් ඉල්ලා වැද වැටීම පදනම් විරහිත මෙන්ම නිෂ්පල ක්රියාවක් වනු ඇත.
පන්චාන්දි (උදා-ජය)
0 Comments