වටිනා ගැහැණුන් අතර ඇති නොවටිනා ගති.......

 


වටිනා ගැහැණුන් අතර  ඇති නොවටිනා ගති.......

වටිනා ගැහැණුන් අතර
 ඇති නොවටිනා ගති.......

ගැහැණියක් සතු වටිනාකම්වලට සීමාවක් තැබිය නොහැකි තරම්ය.ඒත් සමහරක් වු ගැහැණු ගති නිසා ගැහැණියකගේ වටිනකාම තමන් විසින්ම අඩුකර ගෙන තිබේ. තමන්ගේ අගය අඩුවු කලට පිරිමියාට දෙස් දෙවොල් තැබීම නම් කිසිම විටෙක අනුමත කල නොහැක.
සමහරක් පිරිමි පාර්ශවයන්ට පවා '' අපෝ එයා නම් ගැණියෙක් වගේ'' ගැහැණුන් විසින්ම ගැහැණු ගති ගැන කලකිරෙන හොදම උදාහරණය තමයි නේද ඒක.
මේ ලියන ගැහැණියක්  මා හටද ගැහැණු ගති නොඩුව පිහිටා ඇත. ඔව් එය පිළිගැනිමට මටද සිදුවේ. එහෙත් ගැහැණියක් සතු නොවිට්නා ගති උපන් ගෙයි මරා දැම්මට දෙපාරක් මමද නොසිතමි. හිටි හැටියේ උවත් ගතිය මතු වන අවස්ථා නැතුවාම නොවේ..එහෙත් ලබා තිබෙන ප්‍රථිපල නම් කමකට නැති ඒවාමය.

නියම ගැහැණුකම යනු මේවා නම් නොවේ

කණට ඇහෙන නොඇහෙන ගානට කතා කිරිම
විලුඹ දක්වා වු ඇදුම් ඇදිම
කළුවන් කෙස් කළබ මනා සේ දිගට වවා ගොතා සිටිම
අත් බෝරිච්ච් මල් මල් ගවුම
පිරිමින් පවසනා සියළු දේ හිස නමා භාර ගැනීම

තවද මෙකි නොකි බොහෝ කරුණු ඇත  . වැඩිදුර ඒවා ගැන ලිවිමෙන් මටද වන්නේ අර පොල් ගස ගැන ලිවීමට ගොස් මැක්කා ගැන ලියු ලමයාට වුන දේමය ඉහත කරුණු සම්පුර්ණ වු පමණින් ගැහැණියකගේ වටිනාකම මැනීමට තරම් මෝඩ වු අය සමාජයේ නොමැති තරම් යැයි අනුමාන කරමි.
ගැහැණිය කොහොමත් වටිනාවාමය, එහෙත් සමහර ගැහැණු ගති එයට බධා ගෙන දේ.

මම දකින නොවටිනා ගැහැණු ගති............

කොපමණ දේ පිරිමියා විසින් ඉටු කලත් සැහීමකට පත් නොවි නාහෙන් ඇඩීම
හැම දෙයක් ගැනම අනිත් අයට සාපේෂව බැලීම
තමන් සතු දේ ගැන හිනා නොවි අනුන් සතු දේ හීල්ලීම
තමන්ගේ වටේ සිටින අය කරන හැමදේම කරන්නට ලබන්නට ආශා කිරිම
සැබෑ ලෝකයෙන් මදක් දුරකට ගොස් සිහින ලෝක වල ජීවත් වීම
තුට්ටි දෙකේ රසවින්දන වලට ඇබ්බැහි වීම
හම සුදු කර ගැනීමට තමන් සතු සබ්බ සකලමනාවම වුවත් වියදම් කිරිම
ව්‍යාජ අනුකරණ වලට පහසුවෙන් රැවටීම
තමන්ගේ රූපය ගැන පමණ ඉක්මවා සිතන්නට යෑම
පිරිමින් ගෙන්ම යැපෙන ගමන් පිරිමින් අභිබවා යෑමට දත කෑම
කරන තරමක් මෝඩ වැඩ කරමින් පවුලේ සමතැන ඉල්ලා සීටිම. මතක තියාගන්න සමතැන කියන්නේ දෙන්න ඔනි දෙයක් නෙවෙයි. 
පිරිමියෙකුට ඒ තැන ඔබට  නොදි බැරි වෙන තරමට ඔබ දක්ෂ විය යුතුමයි. ඒ සදහා පියවි ලෝකය තුල ජිවත් වෙන්න බලන්න
පිරිමියා උපයන මුදල නිකරුණේ වියදම් කිරිම
පුරසරාම් දෙඩීම
ඉරිසියාව රුසියාවටත් වඩා වැඩී විම
කේළම් කීම
ඕපා දූප සෙවිම
අනුන්ගේ රෙද්දවල් සෙවීම
ලෝකයේ ලස්සනම් කෙනා තමා බවත් සියළු පිරිමින් අනෙක් සියළු වැඩ පසෙකලා තමාගේ පස්සෙන් එන බවත් සිතනා උග්‍ර හීනමානය
අල්ලපු ගෙදර කෙනා, නැදැයැ, යාළුවන් වැනි ඕනෑ කෙනෙක් යමක් මිලදි ගත්තොත් ගෙදර පිරිමියා මරාගෙන කෑමට උත්සහා ගැනීම
රෑ නිදන් ඇදුමෙන්ම උදේටත් චුන් පාන්, මාළු, පාසැල් වැන් රථ පස්සේන් වුවත් දුව යෑම
ගෙදර මිනිහා, හැර අනෙක් හැම මිනිහෙක්ම හොද යැයි සැලකීම
ගෙදර  ගිණි පිටතට නොදිම සහ පිට ගිණි ගෙදරට නොගෙන ඒම

පිටස්තර පිරිමින් ඉදිරියේ තමන්ගේ දුක් ගැනවිලි කීම සහ තොදොල් වීමට යෑමට


ඔබ දන්නා තවත් නොවටිනා ගැහැණු ගති තිබිය හැක. සියල්ලම ලියන්නට යෑමද අමාරු වු කාර්‍යකි

පොඩි උත්සාහයක් ගමු වෙනස්ම විදියේ උසස් ගති ඇති ගැහැණියක් වීම්ට.මම තමයි හොදම ගැහැනිය කියලා නම් හිතලා ජීවත් වෙන්න උත්සහා ගන්න එපා. මගේ ලගත් අඩුපාඩු දුර්වලකම් ඇති කියලා නිහතමානිව ජිවත් වෙන්න පටන් ගන්න.
නියම ගැහැනියක් යනු පිරිමියෙකු කායිකව පමණක් නොව මානසිකව ද සතුටින් තබන කෙනෙක්  බව මතක තබා ගන්න. ගෙදර සිටින සෑම මොහොතකම ගෙදර පිරිමියාට ගෙදර ඉන්න හිතන් තැනක් බවට පත් කිරිම ගැහැණියගේ වගකීමකි. 

නොවටිනා ගැහැණු ගති අත්හැර ගැනීමට උත්සහා ගමු. නොවිටිනා ගැහැනුන් මැද වටිනා ගැහැනියක් වෙන්න උත්සහා ගන්න

උදාරි ජයතිලක

Post a Comment

0 Comments