දැනිලා තියෙනවද? අනිත් අයගේ රණ්ඩු වලට මැදිහත්වෙලා අන්තිමෙදි තමන්ව වැරදිකාරයා වෙච්චි දුක


 දැනිලා තියෙනවද?  අනිත් අයගේ රණ්ඩු වලට මැදිහත්වෙලා  අන්තිමෙදි තමන්ව වැරදිකාරයා වෙච්චි දුක

රණ්ඩුවක් වෙද්දි පැත්තකට වෙලා ඉන්නම බැරි පුරුද්දක් අපි හැමෝටම වගේ තියෙනවා. හිත් හදන්න, සනසන්න ගිහින් රණ්ඩු වෙච්චි අය කිරිපැනි වගේ වෙලා ඔබව විතරක් වැරදි කරුවා කරපුවහම දැනෙන වේදනාව,කලකිරිම ගැන කියන්න වචනත් මදි වෙනවා නේද?කමක් නැහැ ඔයා සතුටු වෙන්න මොකද ඔයාට ලැබුනේ මිනිස්සු ගැන හරියටම දැන ගන්න ඉගෙන ගන්න අවස්ථාවක්

කොච්චර පාඩම් ඉගෙන ගෙනත් තාමත් ඔයාට පාඩමක් ඉගෙන ගන්න බැරිවුණා නම් වැරැද්ද ඔයාගේ.
අනිත් අයගේ සීනි කිරන්න යන්න එපා තේරෙනවද ඒ වචන වල තියෙන අනතුරු අගවන ගතිය. මොකද දන්නවද අන්තිමට හිත් පාරගත්තහම ඔබව සනසවන්න ඒ කවුරුත් එන්නේ නැති වෙයි

මිනිස්සු ගොඩාක් වෙලාවට ගන්නේ තමන්ට වාසියක් වෙන පැත්ත, කොච්චර ගහ මරාගත්ටහ්ත් හැරෙන තෑපැලෙන් යාළුවෙන්නේ ඒ නිසා 
කොහොමත් මේ ජිවත්වෙන්න තියෙන ටික කාලේට තරහා මරහා හිතේ තියාගන්න හොද නැහැ තමයි...ඒත් වැරැද්ද වෙන්නේ ඔබව වැරදිකාරයා කරන එක නේද?
ඔබත්,
කෙනෙක් ඔබට වැරැද්දක් කරලා නැතිනම් වෙන කෙනෙක් එයත් එක්ක තරහා වුන පලියට කුලියට තරහා වෙන්න තරම් මෝඩ වෙන්න එපා
මොකද ප්‍රශ්ණ විසදුනාහම ඒ දෙන්නටම මතක ඔයා කියපු දෙවල් ටික විතරයි.

අවස්ථාවාදි මිනිස්සු ඉස්සරහා ඔවුන්ගේ අවශ්‍යතාවලට ඔබ කිසිම විටෙක පාවිච්චි වෙන්න එපා..මොකද අන්තිමෙදි ඔබට ලැබෙන දෙයක් නැහැ

ඔබට හරි හැටි අවබෝධයක් නැති අන් අයගේ ගැටුම් වලදි පැත්තක් ගන්න යන්න එපා. මොකද එක් පාර්ශවයකින් විතරක් කරුණු දැනගෙන හරි වැරැද්ද මොකක්ද්ද කියලා හරියටම තේරිම් ගන්න එක අපහසු දෙයක් වෙන නිසා.හැම දේකටම දෙපැත්තක් ඇති බව සිතේ තබා ගන්න..

විශේෂයෙන් පවුල් ප්‍රශ්න, යහළුවන් අතර ප්‍රශ්න වගේ දේවල් වලට නම් මේ දේ අනිවාර්යයි.

ඔබට අන් අයගේ ගැටලුවකට මැදිහත් නොවීම බැරි අවස්ථාවක් නම් පළමුව දෙපාර්ශයෙම කරුණු දැනගෙන මිස ඒ දේවල් වලට අතපෙවීම් නොකර සිටීමට වග බලාගන්න.

උදාරි ජයතිලක



Post a Comment

0 Comments