ඔබ නිවැරදි යැයි, ඔබ සිතු පමණින් මා වැරදිද?

 

ඔබ නිවැරදි යැයි, ඔබ සිතු පමණින් 
මා වැරදිද?


ඔබ නිවැරදි යැයි, ඔබ සිතු පමණින් 
මා වැරදිද?
බොහෝ සිත් රිදවිම්,රණ්ඩු සරුවල්,අමනාපකම් වලට මුලිකවම හේතු වන්නේ තාමගේ වැරැද්ද අවබෝධ කර නොගැනිම මෙන්ම තමා පමණක් නිවරදි යැයි සිතන අවස්ථාවලදි හා එවැනි චරිත නිසාය.සිතා බැලුවිට අත්දැකිම් මට මෙන්ම ඔබටද අඩුවක් නැතිව තිබිමට පුළුවන.

ඔබ යම් රාමුවකට කොටුවි බලන තෙක් ඔබ නිවැරදිය,එහෙත්  වෙනත් කෙනෙකුට ඔබව වැරදි විය හැක. 

සමහර අවස්ථාවලදි නිවරදි වැරදි බව තෝරාගැනීමට තරම් ඔබ නිහතමානි මෙන්ම දක්ෂද විය යුතුමය

යම් යම් දේ ගැන දරණ ආකල්ප හා මතයන් මතම අපි හරි වැරැද්ද තීරනය කිරිමට ඉක්මන් නොවිය යුතුය.

අපි හරි වැරැද්ද තීරණය කරන්නට උත්සහා කරන්නේ
දේශපාලන
ස0ස්කෘතිය
ආගම
සමාජ පන්තිය මත පදනම්වය එම නිසාම ඔබට හරි දේ අන් අයෙකුට වැරදි විය හැක.

බොහෝ පවුල්වල අසමගියට හේතු වන්නේ තම මතයම පමණක් නිවැරදි යැයි තරයේම සිතීමත් අන් මතයට ගරු නොකිරීමත් නිසා විය හැක

ඔබට මතුපිටින් බලා යමෙකු වැරදිකරුවෙකු කිරිමට අයිතියක් නොමැති බවත්, 
ඔබේ මතයටම පමණක් වහල්වි කෙනෙකු දෙස වැරදි ලෙස බලන්නේ නම් ඔබත් නිල නොලත් වහල්ලෙකු බවට පත්විම වැලැක්විය නොහැක.

ඔබට අනුව කෙනෙකු දෙස වැරදිකරුවෙකු ලෙස බලා 
අවමන් කිරිමට්
දෝෂාරෝපණය කිරිමට
පිඩාවට පත්කිරිම
අපහාස කිරිම
දන්නා භාෂාවෙන් කියනවානම් හින්ට් පාස් කිරිමට

ඔබත් ඉක්මන් වන්නේ නම් සැබෑවටම ඔබත් වැරැදිකරුවෙකි.

ඔබ අතින් වැරැද්දක් සිදුවු බවට අවබෝධ වු විට එය පිළිගැනීමත් , එකම වැරැද්ද නැවත නැවතත් සිදුවිම පාලනය කිර්මට අපි නිහතමානි වු දවසක ඔබේත් මගෙත් අපි හැමගෙත් වටපිටාව ඉන්න හිතෙන ලස්සන තැනක් වනු ඇත


 උදාරි ජයතිලක
     

Post a Comment

0 Comments