අඩන්නට හේතු සියයක් ජිවිතය ඔබට උරුම කර දෙන විට,සිනාසිමට හේතු දාහක් ජිවිතයට පෙන්වා දෙන්න..
අඩන්නට හේතු සියයක් ජිවිතය ඔබට උරුම කර දෙන විට,සිනාසිමට හේතු දාහක් ජිවිතයට පෙන්වා දෙන්න..
ජිවිතය ජිවත් කරවද්දි, සතුටම විතරක් කෙනෙකුට උරුම වෙන්නේ හරිම කලාතුරකින්. ජිවිතේදි ප්රශ්ණ කියන දේවල් අපි හැමෝටම එනවා, ඒක තමයි ඇත්ත..
වෙනස තියෙන්නේ එක්නෙකුට එක්කෙනක් ප්රශ්න දිහා බලන විදිහ, ඒවාට මුහුණ දෙන විදිහ,ප්රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා.අපේ ජිවිතේ දුක සතුට තීරණය කරන්න ඕනි අපිමයි. ඇත්තටම අපි වෙන කෙනෙකුගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන තැන අපේ සතුට අපිට අහිමි වෙන්න පුළුවන්.
ඔයාගේ වටපිටාව බලන්න මොහොතකට අපිට අඩන්න පුළුවන් හේතු වගේම අපිට සතුටු වෙන්න පුළුවන් එකම දෙයක් හරි ඇති. සොයාගන්න අපේ සතුට තියෙන තැන අන්න එතැනදි ඔයාට පුළුවන් වෙනවා හිනාවෙන්න, සතුටින් ඉන්න.
අපි හිනාවෙලා ඉන්නවට ගොඩාක් මිනිස්සු කැමැත්තක් දක්වන්නේ නැහැ . එහෙම අය කැමති අපි අඩනවා බලන්න, ඔබව දිරිගන්වන්නේ, ඔබට උරුම කරලා දෙන්නේත් අඩන්න ඕන කරුණු.මෙන්න මෙහෙම අවස්ථාවලදි අපේ හිත් ශක්තිමත් කරගෙන ජිවිතේට මුහුණ දෙන්න පුළුවන් නම් සතුට අපිට ගොඩාක් ළගයි කියලා මට හිතෙනවා.
අපි මේ ජිවත් වෙන්න ආපු කෙටි කාලේට ජිවිතය අපිට අඩන්න හේතු ලගා කරදේවි, නොසැලි ඒවට මුහුණ දෙනකොට, උපෙක්ෂාවෙන් බලද්දි, ජිවිතය උනත් ඔයාට ප්රශ්ණ ලගා කරදෙන්න කලින් දෙපාරක් හිතයි
පිලිතුරක් හොයාගන්න බැරි ප්රශ්න කාලයට බාර කරන්න ඇයි දන්නවාද ප්රශ්න කියන දේ ගොඩාක් වෙලාවට කාලයට අනුව වෙනස් වෙනවා, අලුත් වෙනවා හිතලා බැලුවොත් ඔයාටත් මතක් වෙයි.
අඩන්න හේතු අපිව හොයාගෙන එයි, ඒත් ඔයා අඩන්න හේතු හොයාගෙන යන්න එපා, ඒත් හිනාවෙන්න සතුටින් ඉන්න ඕනි දේවල් අපි ලගට එනකන් ඉන්න එපා හොයාගෙන යන්න
සතුට සැනසීම කියන්නේ බෝ කරන්න පුලුවන් දෙයක් අපි එවාට සමීප වෙන්න පටන් ගත්තම නොදැනීම වැඩිවෙනවා, ඒත් අමතක කරන්න එපා ප්රශ්නත් ඒ වගේම තමයි
උත්සහ ගන්න දුක් කදුළු, සතුටු කදුළු කරගන්න දවසක
ඇබ්බැහි වෙන්න ඔයාව අඩවන හේතු වලට අභියෝග කරන්න
කවුරු කොහොම කිව්වත් අපි හැමෝගෙම හිත් හරිම ශක්තිමත් ඒ ශක්තිමත් බවට අත්තිවාරම මේ මොහොතෙම ගොඩනගන්න උත්සහගන්න,දවසක් එයි අනිවාර්යෙන්ම ඔබව අඩවන හේතු අවම වෙලා ඔබට සිනාවෙන්න පුළුවන් දේවල්ම විතරක් ඔයාව
සනසවන.
ඉවසන්න ජිවිතේ ප්රශ්න එන්නේ ඔබව පරික්ෂා කරලා ජිවිතේ කඩඉම් ඉහලින්ම සමත් කරවන්න වෙන්න පුළුවන්
එන්න අපි කදුළු අතරින් සිනාසෙමු
උදාරි ජයතිලක
0 Comments