ඇවිලෙන ගින්නට පිදුරු දමා, ඉන් නොනැවති නිවුණු ගින්නට පෙට්ට්රල් දමා ගිණි දල්වන්නෙකු නොවන්න
ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා, අහලා තියෙනවා නේද මේ කතාව? නැතිවෙන්න බැහැ ගොඩාක් වෙලාවට නොදැනුවත්ව හරි අහක යන ගින්නකට හරි අපිත් පිදුරු දලා ඇති.. ඒ බරපතලකමක් නොදැන වෙන්නත් පුළුවන්...ඒත් බොහෝ අය කැමතියි ගිනි අවලුවන්න, ගින්න අව්ලුවලා සතුටු වෙන්න..එහෙම අය තමයි පිදුරු විතරක් දලා සැහීමකට පත් නොවී නිවිච්ච ගිණිත් පෙට්ට්රල් දලා ගිණිකුරක් ගහලා අවුළුවන්න උත්සහකරන්නේ.
තමන් අනුන්ට ගිනි දුන්නහම ඒවා ආපිට අපිටම එද්දි ප්රථිප;අ ගොඩාක් දරුණු වෙන්න පුළුවන් බව මතක තබා ගන්න. අනිත් අයව ගින්නට මැදි කරලා අපිට සැනසීමක් හොයන්න පුළුවන්ද කියලා මට නම් තියෙන්නේ ප්රශ්ණයක්.
තමන්ට ප්රශ්න වැඩිවෙලා ඒවායින් පීඩනයන්ට පත් වුනහම ගොඩාක් අය උත්සහ කරන්නේ ප්රාර්ථනා කරන්නේ අනිත් අයටත් ප්රශ්ණ වැඩිකරන්න.තව කෙනෙක්ගේ සතුටක් දරාගන්න සමහර අයගේ හිත සුදානම් වෙන්නේම නැහැ.
ගිණි අවුළුවන්න පිදුරු,පෙට්ට්රල් යොදා ගත්තට අපේ වටපිටාවේ බොහෝ අය යොදාගන්නේ,
කේළම්
බොරු
ගොතපු කතා වගේ වහා ගිණි ඇවිලෙන සුළු භයානක දේවල්.
තමන්ට අයිති චරිතය හරිහැටි රගපාන්න බැරි ගොඩාක් අය ඉතාමත් දක්ෂ විදිහට අනිත් අයගේ ජිවිත වලට තිර රචනය කරනවා. තේරෙන විදිහට කියනවානම් පද හදනවා.
ගැනියෙක් පිරිමියෙක් ටිකක් ළගින් ආශ්රය කලොත්, කතාබහ කලොත් ගොඩාක් අය උත්සහගන්නේම එයාලගේ හිත්වල තියෙන කැත චිත්රවලට, අදහස් යොදාගෙන පුළුවන් තරම් මඩ ගහන්න, කතාවක් හදන්න හිතුවහම හරි පුදුමයි මිනිස්සු සතුටු වෙන්න පුරුදු වෙලා ඉන්න විදිහ ගැන.
කෙනෙක් අමාරුවෙන් සල්ලි හම්බ කරලා දියුණුවක් ලබාගනිද්දි, ජිවිතේ ගොඩදාගත්තම ඒ කෙනාව කුඩුකාරයෙක්, හොරෙක් ගානට දාන්නත් ගැහැනියක් තනිවම ජිවීතේ දිනාගත්තාම ඒ කාන්තාව ගණිකාවක් ගානට දලා කතාකරන්න තරම් අපේ හිත් දරුණු වෙලා. ඇත්ත අපිට අහන්න දකින්න ලැබෙන ඒවා එක්ක වෙන්න ඇති සමහර මිනිස්සු එහෙම හිතන්න පුරුදු වුණේ ඒත් සධාරණ විදිහට දියුණු වෙච්ච කෙනෙකුට ඒවා අහන් ඉන්න තරම් ශක්තියක් නැති වෙන්නත් පුළුවන්
ගෙදරක සැමියා බිරිද රණ්ඩු වෙනවානම් ඒ රණඩු නිවන්න උත්සහ කරන්නේ නැතුව ඒවා අවුළුවන්නෙත් බොහෝ විට පවුලෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඉරිසියාව කුහකම කියන දේවල් මත පදනම්ව මේ දේවල් සිද්ධ කලාට අවසානයේ ඔවුන්ට උරුම වෙන්නේ මොකක්ද්ද කියලා මම තාම හිතනවා.
ජනප්රිය අයගේ ගොසිප් උනත් ලැව් ගිණි වගේ පැතිරෙන්නේ මිනිස්සු ගොඩාක් ගිණි දෙන්න කැමති නිසා වෙන්න ඇති
ඔබත් ගිණි අවුලන්නෙකු නොවි සතුට පතුරුලුවාලන කෙනෙක් වන්න උත්සහා ගන්න
තමන්ට නැති දේවල් අනිත් අයට උරුම විද්දි ඒ දිහා බලලා සතුටු වෙන්න අමාරුනම් අඩුම තරමේ ඒවාට ගිණි අව්ලුවන්න උත්සහ නොකර ඉන්න
ඇවිලෙන ගිණි නිවීමට උත්සහ ගන්න අඩුම තරමේ පැත්තකට වී සිටින්න
අවුළුවාලන මිනිසුන් මැද ඔබත් නිවෙන කෙනෙක් වෙන්න, කිසිවෙකු ගැන සිතා නම් නොවේ තමන්ගේ සැනසීම ගැනවත් සිතා. දවසක දැනෙයි දැවෙමින් සිටින ඔබට සැනසීමක්
ඇවිළු ගිණි නිමෙවා !!! දැවෙන සිත් නිමෙවා !!!
උදාරි ජයතිලක
0 Comments