ඔබට තරගයක් තිබිය යුතුය !!!
ඒ ඔබත් එක්කය.......
ඔබට තරගයක් තිබිය යුතුය !!!
ඒ ඔබත් එක්කය.......
ඔව් ඔබට තරගයක් තිබිය යුතුය. ඒ වෙන කිසිවෙකු සමග නොව තමන් සමගය.
ගෙවුන ඊයේ දවසට වඩා අද දවස ඔබට හොද සාර්තකත්වයක් දැනිය යුතුය.උදාවෙන හෙට දවස ඒ හැමටම වඩා ඔබ හොද කරගත යුතුය.
ගෙවෙන මේ මොහොතත් උදාවෙන හෙට දවසත් ගැන සිතන්නේ නම් ඔබට ඊයේ දවස ගැන සිතිමට කාලයක් හොයා ගැනීමට අසීරු විය යුතුය.
අන් අයත් සමග ඔබට තරගයක් නොමැති නම් ඔබට දැනේන්නේ පුදුම තරමේ සැනසිල්ලක්ද වනු ඇත.
ඔබ, ඔබත් සමග තරගයක් දිය යුත්තේ මිල මුදල්, යාන වාහන, ගේ දොර ,වැනි ඔබ සාර්තකත්වය මැනීමට යොදාගන්නා මිනුම් පමණක් නොවේ,කෙටියෙන්ම පැවසුවහොත් ඔබව සතුටින් තබාගන්නා ඕනෑම දෙයක් දවසින් හොද විය යුතුය,සාර්තක විය යුතුය, වර්ධනය විය යුතුය.
ඊයේ දවසේ ඔබ කැඩපතින් දුටු ඔබේ රැවට වඩා ඔබව, ඔබ හට අද දවසේ සුන්දරව පෙනිය යුතුය, නැතිනම් බලන්න හුරුවිය යුතුය.දවසින් දව්ස රූපය වියකෙනවානේ !!! ඔබට හිතෙන්න පුළුවන් නැහැ ඔබ, ඔබ දෙස ඔබේ ඇසින් බලන්න. ඔයාව ,ඔයාට ලස්සනට පෙනෙවි.
පැරණි ජායාරූප වල සිටින ඔයා, ඔයාගේ වටපිටාව,ට වඩා අද දවසේ ඔයාගේ දියුණුවක් තිබේනවා යැයි බලන්න පුරුදු වෙන්න
ඊයේ දවසට වඩා අද ඔබේ සැමියාට හොද බිරිදක් වන්න/බිරිදට හොද සැමියෙකු වන්න
ඔබ ආදරණිය මවක් හෝ පියෙකු නම් ඊයේ දවසට වඩා හොද ආදර්නිය කෙනෙක් වන්න
ඊයේ දවසට වඩා අද ආදරණිය දුවෙක් පුතෙක් වන්න
ඊයේ දවසට වඩා ඔබ අද දවසේ පිළියෙල කරන කෑම වේල අද රසවත්ව පිළිගන්න්වන.
ඊයේ දවසට වඩා, ඔබේ රැකියාව අවන්කව හොදින් අද දවසේ සිදුකරන්න
විශ්වාස කරන්න ඔබ ඔබට ම හොද වීමට පටන් ගත්විට ඔබේ මනසද එය පිළිගන්නවා ඇත, හිතේ සතුටද වැඩිවේ හිතේ සතුට වැඩි වු විට ඔබේ සියලු කටයුතු සාර්ථක වී ඔබේ ජිවිතේ ඉලක්ක අරමුණු වෙත පහසුවෙන් ඔබ ළගා වනු ඇත.
කිසිවිට අන් අයට සාපේෂව ඔබේ දෙස බලන්න එපා, ඔබ, ඔබට සාපේක්ෂ වන්න
අන් අය සමග තරගයක් ඇති නොකරගන්න. එවිට ඔබේ සිතුවිලි පවා නපුරු වනු ඇත
ඔබ ඔබටම තරගයක් දෙන්න, නැතිනම් මේ ජිවන මගෙහි ඔබ පරාජය වනු ඇත.
ඊයේ දවසේ ඔබ ගැන සිතා වැරදි ඇතිනම් ඔබටම සිනාසි සමාව දෙන්න...
අනාගතය ඔයාව සතුටින් බාර ගනිවි
උදාරි ජයතිලක
0 Comments