කවුරුත්ම ඉදිරියේ මේ තරම් මා සිතිවිලි සසල වන්නේ නැත,එහෙත් ඔබ ලගදි මා සිතුම් සසලය.
මාගේ කියා කිසිවෙකු ගැන හැගිමක්ද දැනි නැත, එහෙත් නුඹ අන් කිසිවෙකුගේ නොව සිතින් නුඹ මගේමය
කිසිවක් අහිමි වේ යැයි බියක්පෙර මට දැනුනේ නැත.එහෙත් නුඹ අහිමි වේ යැයි බිය මා සිත පෙලන්නට පටන් ගෙන ඇත.
හුදකලාවට සෑම මොහොතකම අසා කල මා, ඔබ සමග හැම මොහොතක්ම ගත කිරිමට සිත යටින් ලොභ වීමට පටන් ගතිමි.
මෙම හැගිම් ප්‍රේමය දැයි මම නොදනිම්. එහෙත් මෙය ප්‍රේමය නම් මම සැබවින්ම ඔබ හට කියා ගත නොහැකි ප්‍රේමයකින් වෙලි ඇත.
''ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා''
ඈත සැන්දෑ අහසේ කෙළවරක කිසිදා එක වේ යැයි සිතිය නොහැකි. හිරු සදු ළන්වි රහස් කියනු මගේ දෑස් ඉදිරියේ පෙනි යයි. නුඹ මට හිරුය මට පමණක් එලිය නොදුන්නද මා ජිවිත එළිය කරදෙන. නුඹෙන් මා එළිය විදගන්නා බව නුඹ දන්නවා දැයි මා නොදනිමි.
සද ද අහසේ දිලෙන්නේ හිරුගේ ආලෝකයෙන් මුසපත්වය, මා මෙන්ම හිරු ඇගේ විතරක් කියා සද අහස පුරා රටා මවන්නේ අමාවක ගැන නිච්චියක් නැතුවමය.
''හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.''
හිතේ පතුලක , නෙතේ දැහැනක සිරවි තිබු ආදරය නුබ නමින් ඉපදුනේ හේතුවක් නොවිමසාය. නුඹ ප්‍රේමයේ අත්පොත් මා හට නොතැබුවද, නුඹගෙන් මා ආදරය ඉගෙන ගතිමි. ඔබ ඔබටත් රහසේ කියාදුන් ආදරය නුඹගෙන් මම විද ගතිමි.කොයිම මොහොතක හෝ නුඹගේ ආදරය මියැදැන බව දැන ගෙනම නුඹට ළන්වි සිටින්නෙමි.
ඩබ්ලියු. ඩී අමරදේව මහතා විසින් ගැයු ගිමන් හරින දියඹ දිගේ ගීතය මේම සටහනට පාදක කරගතිමි. මේම ගීතය රසවිදිමෙදි මා සිතට දැනෙන සිතුවිලි මෙලෙස අකුරු කලෙමි. මෙය කියවන ඔබට එය වෙනස් අකාරයකින් දැනිය හැක.
උදාරි ජයතිලක
.
0 Comments