ස්වාධීන දරුවෙකු ගොඩනැගීම යනු

 




දසමාසයක් කුස දරාගෙන මෙලොවට අපි බිහිකරන දරුවා..හදාගන්න ඕනි ඒ දරුවාගේ අම්මා තාත්තට ඕනි විදිහට මිසක්..අසැල්වැසියන්ට,නැදෑයින්ට ඕනි විදිහට නම් නෙවෙයි කියන මතයේ මම ඉන්නේ...සමහරෙකුට මේක වැරැද්දක් වෙන්න පුළුවන්.ඒත් මගේ අදහස හා අත්දැකීම් අනුව නම් ..කීකරු දරුවෙක් හදන්න පුළුවන් ඒ විදිහට..

දරුවෙකු ස්වාධීන දරුවෙකු කිරිමට පෙර මතක තබා ගන්න.. ඔබ ස්වාධීන වු දෙමව්පියන් වීම අත්‍යවශම වු කරුණකි

👉  දරුවෙකු ඉපදි දවස් දෙක තුන යද්දි පටන් ගන්නවා වටේම ඉන්න අච්චිලා ,නැන්දලා  එකතුවෙලා   නහය,කට, අත පය ටික අඹරලා හදන්න.. මතක තබා ගන්න එය තමයි මුලික වශයෙන්ම ඔබ සහ දරුවාගේ යන දෙදෙනාගේම ස්වාධීනත්වට මුලින්ම නැතිවෙන අවස්ථාව ඔන්න ඔතනින් තමයි පටන් ගන්නේ...

👉අම්මෙක්ට තාත්තෙකුට තරම් ඒ දරුවාව දැනෙන වෙන කෙනෙක් නැති තරම්.
හැමෝම හැම තිස්සෙම කොටින්ම පවුල් පිටින්ම ඔබේ දරුවන්‍ට අවවාද අනුශාසනා දෙනවනම් ඒ දරුවා අකීකරු වෙන එක ස්තීරයි.😢

👉කිසිම දවසක ඔබ අනෙක් අයගේ චෝදනා වලට, ඔබේ දරුවාට දොස් නගන්න එපා..එකෙන් වෙන්නේ ඒ වැඩිහිටියාව තව තවත් දරුවාට එපා විමක්..
👉වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරවන්න ඒක අනිවාර්යයෙන් සිදුවිය යුතු දෙයක් ඒත්.ඒ හැමෝටම ඕන විදිහට කුඩා දරුවෙකුට හැදෙන්න අමාරුයි.😢
👉වැදගත්ම කාරණේ තමයි.. දරුවෙකුට අපි දඩුවමක් දුන්නත් එයාව සනසවන්න ඕනි අපිමයි එහෙම නැතිව..වෙන කාටවත් ඒක කරන්න දෙන්න එපා..🙏🏻නැතිනම් ඔබව, දරුවාට වැරදි කරුවෙකු ලෙස පෙනීමට වුවද පුළුවන .
 👉ඔබ ඔබේ දරුවාට වැරැද්දක් පෙන්වා දීමේදි හෝ අවවාද කිරිමේදි තවත් කෙනෙකු දරුවා ඉදිරියේ ඔබව, වැරදි  කරුවෙකු කරන්නේ නම්. ඔබට අවශ්‍ය ලෙස දරුවෙකු ගොඩනගා ගැනීමට අපහසු වනු ඇත.

👉වැරැද්ද පිළිගැනීමටත් , නොකරපු වැරදි ප්‍රතික්ෂේප කිරිමටත් අප දරුවන්ට හුරුකල යුතුමය, මක්නිසාද සමාජය තුල සිටිනා වැඩිහිටියන් යනු 100% නිවරදි අය නොවන අවස්ථාද සුලභ නිසාය.

👉තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හුරු කිරිම දරුවෙකුට හුරු කල යුතුමය එහි තර්කයක් ද නැත එහෙත් ඔබ නොමැති මොහොතක දරුවාට තමන්ව ආරක්ෂා කරගැනීමට  තමන්ගේ ආරක්ෂාව ගැන, සහ  සමාජ දැනුම ලබා දීම අප විසින් සිදු කල යුතුමය.
👉දරුවෙකු ස්වාධීන කිරිම යනු දෙමව්පියන් වන අපගේ පහසුවට කලයුතු කාර්‍යක්  නොවන සහ එය තුලින් දරුවන් වල්මත් නොවිය යුතු අතර හුදෙක් එය දරුවාගේ අනාගතයෙහි සුරක්ෂිතභාවය  සහ දරුවාගේ පෞරුෂය  වර්ධනය සදහා පමණක්ම විය යුතු බවද මතක තබා ගමු.


 



✍️උදාරි ජයතිලක 

Post a Comment

0 Comments