ඒ දවස්වල, මම එහෙම කළා නම් ???
අද ඉදන් ඊයේ දිහා බැලුවහම එහෙමත් නැතිනම්, වර්ථමානයේ' ඉදන් අතීතය දිහා බලලා මගහැරුණු දේවල් ගැන නම් දුක් වේවි ජිවිතේ ගෙවන එක හරිම නිෂ්ඵලයි. වගෙම හරිම වෙහෙසයි. අපේ ජිවිතවල,අපි පසුතැවිම් කියන්නේ මේ දේවල් වලටම නේද?මට හිතෙන විදිහට නම් දුක් වෙනවා වෙනුවට ජිවිතේට පාඩම් ඉගෙන ගන්න ලැබුණු වටිනා අවස්ථාවක් ඒ දේවල්. සමහර විට සමහර අහිමිවිම් වගේම, මගහැරුණු දෙවල් අපේම හොදට වෙච්චි දේවල් වෙන්න පුළුවන්.
අපේ ඉරණම වෙනස් කරගන්න පුළුවන්, වගේම හැම දේම වෙන්නේ කලින් ලියවෙච්චි විදිහට කියලා කැමති විදිහට හිතාගන්න අපිට නිදහස තියෙනවා.වැදගත්ම දේ මොකක්ද්ද දන්නවද? කිසිම දේකින් නොසැලි ඉන්න එක.තීන්දු තීරණ ගද්දි කලබල වෙන්න එපා වගේම, ගත්ත තීරණ ගැනත් පසුතැවෙන්න යන්න එපා. මොකද මේ අපේ තීරන,ඒ දේවල් වල හරි වැරදි අපේම මිස වෙන අයගේ නම් නෙවෙයි.
අපිට ගොඩාක් වැරදෙන්නේ, තමන් ගැන නොසිතා අනිත් අයගේ කැමැත්ත ගැන හිතලා ගත්ත තීරන නිසා.පොඩ්ඩක් හිතන්නකො ඒක එහෙම නෙවෙයිද?
ඔයාට මේ වෙනකොට උස් මහත් වෙච්චි දරුවෝ ඉන්නවනම්, එයාලගේ තීරන එයාලට ගන්න මග පෙන්වන්න ඒත් කොහොමටවත් බලපෑම් කරන්න එපා. මොකද ඔයාගේ අද දවසේ තීරණ එයාලගේ හෙට දවස අදුරු කරන්න උනත් පුළුවන්.
ඔයාගේ පවුලේ දේවල් වලදි උනත් අනිත් අයට අත පොවන්න දෙන්න එපා. මේ කණින් අහලා අනිත් කණින් පිට කරන්න. ඒක තමයි හොදම දේ.
''ඒ දවස්වල මම එහෙම කලා නම් අද වෙද්දි?''
ඔව් හොද වෙන්නත් තිබුනා. ඒත් දැන් මොනවා කරන්නද?කමක් නැහැ හැම දේම හොදට වෙයි ඔයාගේ!!!
විශ්වාස කරන්න හෙට දවස ගැන.
''ඉහිරුණු කිරට අඩනු එපා.......'' සතුටින් ඉන්න
උදාරි ජයතිලක
0 Comments