වෙනදා නැති මාල මුදු
අත කරේ එල්ලලා
රැලි පිරුන ඒ ගවුම
ඇස් කඩන් දිලිහෙනා.....
ඇහි බැමත් දෙතොල් පෙති
පාට ඇත තවරලා
හිනැහියන් තව හොදට
පින්තුරේ වටිනවා....
මුළු ගමේ හැමදෙනා
ඒ ගෙදර රැස් වෙලා
හත් දොහේ මගුලක්ද?
සමරන්න බෙර ගසා.....
ලොකු වුනේ පොඩි කෙළි
ඒක මහා අරුමයිද?
නාවලා ගෙට ගන්න
නාඩගම් ඕනෑද?
0 Comments