ඉසිලුවේ නැති උනත්
කුස දරා දසමසක්
තාත්තෙක් ලොකු බරක්
ඉසිලුවා හිස දරන්..........
මවක් මෙන් හැමවෙලේ
ළග ඉදන් නොබැලුවත්
දුර ඈත ඉදගෙනත්
සිතුවේම දූ ගැනම.....
මුදු මොළොක් වචනයන්
තෙපලන්න හුරු නැතත්
ඒ තරම් මෘදු හිතක්
ලොවේ නැහැ කොතනවත්......
සෙළවුනත් පිරිමි හිත්
ගැහැණු ඉගි බිගි ගාව
නිවි සෙනෙහස රැදුනේ
දුවෙක්ගේ ඇස් ගාව.........
0 Comments