මිනිස් හිත් නම් පුදුමයි

අදහන්න බැරි තරමයි

හෙලන්නේම හිතවත් බැල්මයි

කරන්නේම අමුනුෂ්‍ය වැඩමයි.....


උඩින් සෙත් කවි ගයන්නට

යටින් වස් කවි ගොතන්නට

කොහොම පුළුවන්ද මනින්නට

නපුරෙන් පිරිගිය හිත්යට........


එකෙක් යනවාට ඉහළින්

දරන්නට බැහැ සිතකින්

කපන්නේ අනුන් හට වලවල්

වැටෙන්නේ ඔවුන්මයි හැමකල්......


නොදත් සේ උන්නාට අපි නම්

දන්නවා රගන හැටි නුඹ නම්

ලැබෙනදා විපාකේ පටිසන්

හැගෙන්න්න තැන් නෑ කරුමෙන්.......



Post a Comment

0 Comments