සත්‍ය වටහාගෙන,
නුසුදුසු තැන් වලින් ඉවත්වන්න.........
සත්‍ය වටහාගෙන,
නුසුදුසු තැන් වලින් ඉවත්වන්න.........
''අපරාදේ ඔයාට තව ටිකක් ඉවසන්න තිබුණා හදිස්සි නොවි''
ඉවසලා, ඉවසලා බැරිම තැනත් ඉවසන්න.ඔව් ඒ ප්‍රශ්ණය ඔයාගේ නොවෙන කම් ඔයාට අනිත් අයට කියන්න පුළුවන්,උපදෙස් දෙන්න පුළුවන්. ඒත් හෙට ඒ ප්රශ්නය ඔයාගේ වුනොත් ඔය කියන ඉවසීම ඔයාගේ ළග කොච්චරක් තියෙනවද? මොකද්ද ඒ ඉවසීමේ සීමාව.....කවදා වෙනකම්ද?
ගොඩාක් අය ඉවසන්නේ තමන් ගැන හිතලම නෙවෙයි අනිත් අය ගැන හිතලා..
තමන්ගේ සැමියා/බිරිද,තමන්ගේ දරුවො, දෙම්ව්පියෝ, ගැන හිතලා වෙන්නත් පුළුවන්.
වටපිටාවේ අනිත් මිනිස්සුන්ගේ කථා වලට බයේ වෙන්නත් පුළුවන්.
ඒත් තමන්ව වටින්නේ නැති තැනක, තමන්ට අසාධාරණයක් වෙන තැනක. ඉවසගෙන ඉන්න උනොත් ඔයාගේ හිතේ නිදහස, සතුට සැනසීම ඔයාගේන් ගොඩාක් ඈතට යාවී, අනිත් අයව සතුටෙන් තියාගන්න එච්චරම කැපවීම් කරලා ඔයා දුකෙන් නම්. වැඩක් තියෙනවද?එහෙම උනොත් ඔයා ඔය කැපවීම් කරලා, ඉවසලා රැකගන්න හදන දෙවල් ඔයාට ලැබුනත්, ඔයාට ඔයාව නැතිවෙලා තියේයි.ටිකක් ආත්මාර්තාකාමි වෙන්න කමක් නැහැ.
මොකද ජිවිතේ දිනාගන්න මානසික නිදහස උපරිමයෙන් තියෙන්න ඕන.
නුසුදුසු තැන් වලින් ඉවත් වෙන්න බය වෙන්න එපා සමහර විට ඒ ඔයාගේ ජිවිතේ හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන්.
රැකියාව එපා කරවපු මිනිස්සු මැද තවත් රැදෙන්න එපා
ඔයාගේ වටිනාකම මායිම් නොකරන අය ළග මොහොතක් වත් රැදෙන්න එපා
ඔයාගේ ආදරේ තේරුම් නොගන්න අය ළග තවත් ජිවිතේ කැප කරන්න එපා.
ඔයාව මගහරින යාළුවන්ට තවත් කරදරයක් වෙන්න එපා,මගහැරලා ඈත් වෙන්න.
හිත් රිදවන, හිත් රිදවෙන තැන් වල ගොඩාක් වෙලා ඉන්න එපා
හොරකම වන්චාව බොරුව අසාධාරණය් පිරුණු තැන්වල රජකම ලැබුනත් ඉන්න එපා. මොකද ඒ ඔයාට ගැලපෙන තැන නෙවේයි
ඉවසීම කෙනෙක්ට තියෙන්නම ඕනි දෙයක්. ඒත් තමන්ව ගැලපෙන තැන. තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න මිනිස්සු ඊට වඩා දක්ෂ වෙන්න ඕනි.වගෙම හරි තීරණ හරිම මොහොතේදි ගන්න හැකියාවක් ඇති කෙනෙක් වෙන්නත් ඕන.
අහලා තියෙනවද?'' ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕනි, නැතිනම් මිනිස්සු ඔයාව දරමිටි බදින්න ගන්නවා''
උදාරි ජයතිලක
0 Comments