මනා ලෙස දැනගෙන ගොනා සේ රගපෑම

 





මනා ලෙස දැනගෙන ගොනා සේ රගපෑම


ජිවත්වීම කලාවක් යැයි කියනවාට වඩා එය කලාවන් කිහිපයකම එකතුවකි. කලාවන් අතර වටිනාම කලාවකි  ''මනා ලෙස දැනගෙන ගොනා සේ රගපෑම''

එය හැමෝටම පිහිටන්නේ නැත, මනාලෙස දැනගෙන කට වරද්දා ගැනීමේ හැකියාව නම් ඔබට මෙන්ම අපි හැමෝටම යහමින් පිහිටා ඇත.

 ''මනා ලෙස දැනගෙන ගොනා සේ රගපෑම'' ඉගෙනගැනීමට කලක් ගතවේ. එහි වේගය රදන්නේ ලබන්නාවු අත්දැකිම් මතය.


 ''මනා ලෙස දැනගෙන ගොනා සේ රගපෑම'' ඔබ පුරුදු පුහුණු වු විට නොදැනීම ජිවත්වීම පහසුවනු ඇත. වෙන දේවල් ගැන නොදන්නා ලෙස සිටීම අපහසු වුනත් එය පසුවට ගුණදායකය.

''ආනේ ඇත්තද''?

''අපි දන්නේවත් නැහැනේ''

''ඇත්තමයි ඇහුවෙත් අද''

''දැක්කෙම නැහැනේ''

''හරි පුදුමයි"


මේවා පුදුම වචනය බබා ලෙස හැසිරිමට මේවා නැතුවම බැරිය.


''අපෝ එයා නම් මහා මෝඩ ගහක්'' කිසි දෙයක් තෙරෙන්නේ නැහැනේ'' මෙන්න මේන්න මෙහෙම කවුරුවත් ගැන කියන්න ඉක්මන් වෙන්න එපා. මන ලෙස දැන ගොනා ලෙස ඉන්නවා වෙන්නත් පුළුවන්. එක අතකට වැරදිත් නැහැ.මොකද අපේ සමහරක් අය එක්ක ඉහගහගෙන ඉන්න නැතිනම් හරිම අමාරුයි.ට්‍රයි කරන්නේම වලියකට,කේළමකට ඇදලා හරි අරගන්න .

කොහොම උනත් මිනිස්සු ගැන පොඩි හරි තේරුමක් , අවබෝධයක් එනකන් හරි ඔය තියරිය අනුගමනය කරන්න බලන්න.සතා හරිහැටි අදුනගන්න කම්. 

හැබැයි හැමදාමත් ඔයාට ඕක කරන්න බැරිවෙනවා. මොකද මිනිස්සු ඊළගට ට්‍රයි කරන්නේ ඔයාව දරමිටි බදින්න ගන්න. අන්න ඒ වෙලාවෙදි පෙනේ පුප්පන්න.මොකද ඒ වෙද්දි ඔයාට ටිකක් හරි අදාල අය ගැන වැටහීමක් ලැබෙන්න ඇති.එතැනින් එහාට ටිකක් හරි ගණුදෙනු පහසු වෙයි ඔයාට


මතක තියාගන්න, අපිත් එක්ක ඉන්න ගොඩාක් අය මනා ලෙස දැනගෙන ගොනා ලෙස ඉන්නවා. ටිකක් පරිස්සමින් ඉන්න.ඔයා ඒ දේ ආත්ම ආරක්ශාවට යොදා ගත්තාට බහුතරයක් ඔය ක්‍රමේ භාවිතා කරන්නේම වට කපටිකම් වලට. 

ඔය පෙන්වන තරම් කවුරුත් හොදත් නැහැ, අහින්සකත් නැහැ, හැමෝගෙම ඇතුලේ නපුරු සත්තු අරක්ගෙන ඉන්න පුළුවන්


උදාරි ජයතිලක

Post a Comment

0 Comments