ආදරේට මිලක් දෙන්න එපා.

 




මනුස්සයෙක් එයාගේ පුංචි දුවට දඬුවම් කළා ඒ කඩදාසි රෝලක් නාස්ති කළා කියලා. දරුවා නත්තල් ගස යට තැබීමට පෙට්ටියක් සැරසීමට උත්සාහ කරන විට,එයටද වැයවු  මුදල් ගැන නිසා  ඔහු කෝපයට පත් විය.එසේ වුවද, දැරිය නත්තල් දින තම පියාට තෑග්ග ගෙනැවිත් පැවසුවේ, ‘මේක ඔයාට තාත්තේ’ කියාය.

දින කිහිපයකට පෙර ඔහුගේ අධික ලෝභකම නිසා දියණියට දැක්වු   ප්‍රතිචාර නිසා මිනිසා ලැජ්ජාවට පත් වූ නමුත්,නැවතත් පෙට්ටිය හිස් බව දුටු විට ඔහුගේ කෝපය දිගටම පැවතුනි. ඔහු ඇයට කෑගැසුවේ, ‘ඔබ දන්නේ නැද්ද, ඔබ යමෙකුට තෑග්ගක් දෙන විට, ඇතුළත යමක් තිබිය යුතුයි?’ නේද? කියාය.

කුඩා දැරිය කඳුළු පිරි දෙනෙතින් තම පියා දෙස බලා හඬන්නට වූවාය. ‘අනේ තාත්තේ ඒක කොහෙත්ම හිස් නෑ. මම පෙට්ටියට හාදු පිම්ඹා. ඒවා ඔක්කොම ඔයා වෙනුවෙන්, තාත්තේ.!!!පියා ඉතා දුකට පත්වි විය. ඔහු තම දියණිය වටා දෑත් යවා ඇයගෙන් සමාව අයැද සිටියේය.

ටික කාලයකට පසු දැරිය හදිසි අනතුරකින් මිය ගියාය. ඇගේ පියා ඉන්පසු වසර ගණනාවක් තම ඇඳ අසල රන් පෙට්ටිය තබා ඇති අතර, ඔහුට පාළුවක්,දුකක් දැනුණු සෑම විටම ඔහු  හාදුවක් ගෙන එහි තැබූ දරුවාගේ ආදරය සිහිපත් කළේය.

සල්ලි වලට හැමදේම ගන්න පුළුවන් කියලා හිතන මිනිස්සු අතරේ, සල්ලි වලට හැමදේම ගන්න බැහැ කියලා තේරුම් ගත්ත කෙනෙක් නම් ඔබ, ඇත්තටම ජිවිතය මොකක්ද කියලා තේරුම් ගිය කෙනෙක් .

ගතවෙන මේ මොහොතට මිලක් දෙන්න ඔබට පුළුවන්ද?හැම තත්පරේම වටිනවා ඒ සල්ලි මත්තෙම නැහෙන්න නෙවෙයි. සල්ලි වලට ගන්න බැරි දෙවල් මගහැරෙන නිසා.

ජිවිතයේ කවදක හරි ගොඩාක් අය පසුතැවෙන්නේ, සල්ලි නැති කම නිසාම නෙවෙයි නේද?

 මගහැරුණු තමන්ගෙම අය ගැන හිතලා.

ගෙවිච්ච දවස් ගැන හිතලා, 

හිතපුරා විදගන්න බැරි වුණ ආදරේ ගැන හිතලා

විදින්න්න ලැබිච්ච ජිවිතේ විදගන්න බැරි උන හැටි හිතලා

ආයෙත් මුල ඉදන් පටන් ගන්න ඔබ හිතද්දි ගොඩාක් දෙනා ඔයාව තනිකරලා ගිහිල්ල වෙන්නත් පුළුවන්.

තමන්ට පුළුවන් කාලේ ජිවිතේ  විදගන්න බැරි වුණ ගොඩාක් දෙනා අනිත් අය දිහා බලල සුසුම් හෙලනවා.

ආදරේ යහමින් දෙන අයව ලේසියෙන් මගහැරගන්න එපා.මොකද එහෙම අය ගොඩාක් හිගයි දැන්.

ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අහිමි වෙන්න පුළුවන්. ඒ යථාර්තය 

තේරුම් ගන්න. ආදරේ ආදරේන් වැළදගන්න.කවදක හරී ඒ  මතක සතුටින් සමරන්න ඔයාටත් පුළුවන් වේවි.


උදාරි ජයතිලක


Post a Comment

0 Comments