ගැහැණුත් එක්ක බෑ....අපෝ මේ ගෑණු නම්.........
අහලා තියෙනවද? පිරිමි මෙහෙම කියනවා '' ලේසි නෑ වසන එක " එහෙමත් කියනවා සමහරු.....
මම හින්දම ඉහගහ ගෙන ඉන්නවා.එහෙම කියන පිරිම් කොහොමද ඒ ඉහගහ ගෙන ඉන්නවා ඇත්තේ. සමාන්‍ය ගැහැනියක් එක්ක ඉහගහ ගෙන ඉන්න මිලියන ගානක් වැය වෙනවද?මම හිතන්නේ නෑ. කොයි තරම් හයිය ගැහැනියක් උනත් ඇය තුලත් ඉන්නවා සම්ප්‍රදායික ගැහැණියක් නැහැ කියන්න එපා ඉන්නවා. ජිවිතේ අන්ත වු කඩාවැටිමි බිද වැටිමි නිසා ගොඩාක් ගැහැණු තම්න්ගේ ඇතුලත ඉන්න ඒ කෙනාව හන්ගගෙන ඉන්නවා. ගැහැනු බොළදයි ඒ තමයි ඇත්ත.ඒක තේරුම් ගන්න හැම පිරිමියෙකුටම බැහැ.ඒ කැප කිරිම කරන්න තරම් සමහර පිරිමි නම්‍යශිලි නෑ. විවාහයට කලින් අම්මාගේ, තාත්තාගේ ආදරේ උපරිමයෙන් වින්ද ඒ කෙල්ල තමයි. විවාහෙයන් පසුවත් ඒ ආදරේ, රැකවරනය , අවධානය බලාගෙන ඇවිත් නොලැබුනහම දුම්මල වරම අතට ගන්නේ. ඉතින් වැරදිද?
ගමනක් ගිහින් එද්දි පොඩ්ඩක් පරක්කු වෙද්දි ඒ ගැන හොයලා බලන්න තරම්, ඇයි පරක්කු කියලා කොල් එකක් දිලා අහන්න තරම් පිරිමියෙක් බිසි වෙනවද? මගහරිනවද? තීරනේ මේ කියවන පිරිමි ඔබට බාරයි. තමන් ගැන හොයලා බලනවට හැම ගැහැනියක්ම කැමතියි( අනාචාරයේ නොයෙදෙන තාක්). පිරිමි ඒවා මගහරිද්දි, තමන්ගැන හොයලා බලපු අම්මා, තාත්තා මතක් වෙනවා ඒක ඇත්ත. ඒ වෙලාවට අඩද්දි පිරිමි කියනවා'' අපෝ මේ ගැණු එක්ක නම් ලේසි නෑ''
ගෙදරින් වෙන්වෙලා විවාහයෙන් පස්සේ තාමත් ගොඩාක් ගැහැණුන්ට ජිවත් වෙන්න වෙන්නේ පිරිමියාගේ මහගෙදර ඒ දෙමව්පියන්ගේත් යුතුකම් ඉෂ්ඨ කරගෙන. එහෙම කැපවීමි කරලා මාසෙකට සැරයක් වත් තමන්ගේ අම්මා තාත්තා බලන්න යන්න කථාකරාම ගොඩාක් පිරිමින්ට වැඩ. ඉතින් එහෙම වෙද්දි බදින්න කලින් ඉදපු ඒ අහින්සක කෙල්ලව තවදුරටත් බලාපොරොත්තු වෙන්න එපා,''වචනයක් වරදින්න බෑ, ගැනුත් එක්ක බෑ, '' අපෝ මේ ගැණු එක්ක නම් ලේසි නෑ'' එහෙම කියන්න එපා.
සුදුලා, වස්තුලා, සුදු අම්මිලා, මැනිකෙලා බදින්න කලින් හිටියට ගොඩාක් පිරිමින්ට බැදලා ටික කාලේකින් ඒ වචන අමතක වෙනවා, ආදරේ අමතක වෙනවා, ගැණු කියන්නේ, බැන්දට පස්සේත් හොයන ජාතියක් ඒ ආදරේ පිරිමි නොදි තමන්ට ඕන වෙලාවට විතරක් ගෙදර ගැහැණිය මතක් වෙලා ආදරේ හොයද්දි ටිකක් පරක්කු වැඩිවෙන්න පුළුවන්. හිතනවද පිරිමි සැලේයි කියලා. නැහැ ආදරේ හොයාගෙන යනවා , ඉන්බොක්ස් අස්සේ වැලලෙන්න හදනවා ගෙදර ගැනි මට දැන් ආදරේ නෑ කියලා. කියවන ඔයා කලබල වෙන්න එපා, හැම පිරිමියාම එහෙම නෑ.එහෙම අයත් ඉන්නවා හොදේ.
ගෙදර වැඩකට සතපහකට උදව් නොවි, රෑ ඇදුම දවල් වෙනකන් ඇදන් ඉන්න තමන්ගේ බිරිදගේ නැතිවෙච්ච ලස්සනට දොස් කියනවා. ඒ ගැන හැලි ලියනවා. වෙන ගැහැණු පස්සේ දුවනවා. ගැහැනු ලස්සනට නොහිටියම ''අපෝ මේ ගැණු නම් කියනවා"
අමතක කරන්න එපා දෙන්නත් එක්ක ශොපින් ගියහම මුණවල් අඹ දැම්මත් පුපුරන විදිහට පිරිමි ඉන්නවා කියලා'' තමන්ට ආස ගැලපෙන තමන්ගේ බිරිද ඇදලා ඉන්නවා දකින්න ආස විදිහට ඇදුම් තෝරලා දෙන්නේ පිරිමි කියෙන් කී දෙනාද? එහෙම පිරිමිම තමයි කොටට ඇන්ද පාරේ යන ගැනු දිහා කෙල හලාගෙන තමන්ගේ බිරිදව සසදන්නේ.
තත්පරයක් වත් නිදහසක් නෑ කියලා තමන්ගේ බිරිදව මගහැරගන්න ගොඩාක් පිරිමින්ට,
තමන්ගේ යාළුවෝ වෙනුවෙන්, තමන්ගේ පාර්ශවයේ අය වෙනුවෙන් වැය කරන්න වෙලාව තියෙනවා. එවා ගැන කථා කරද්දි පිරිමි කියන්නේම '' ආපෝ මේ ගෑනුත් එක්ක බෑ''
මේ ලිව්වේ ටිකක් විතරයි. බැන්දට පස්සේ ගෑණු වෙනස් වෙනවා කිව්වට , දොස් නැගුවට ,ගොඩාක් පිරිමි හිතුවද? දන්නවද? ඒ වෙනස් වෙන්න හේතු.
තමන්ගේ බිරිදට හත් අවුරුද්දකින් ලස්සනයි නොකිව්ව, අගය නොකරපු ගොඩාක් පිරිමි අය සමාජ මාධ්‍යවල වෙන ගැගැනු අයට වාව් බියුටිෆුල් කියන්න දෙපාරක් හිතන්නේ නෑ, ගැණු බුම්මගෙන නිශ්ශබ්දව ඉදිද්දි හේතුව අහන්න යන්න එපා, හේතුව හොයාගෙන පිළියම් කරන්න. එහෙම උනොත් වාසනාවන්තම සැමියා ඔයා වෙයි, ඕන හැමදෙම ගැණු මූණටම කියන්නේ නෑ, '' අපෝ මේ ගැණු නම් '' කියන්න එපා ඒ.... තමයි ගැහැණුන්ගේ ගෑණු ගති. ගැනු ගති නැති උන දවසට උන් යක්ෂණියො වෙනවා පරිස්සමන්....
'' දූවේ නුඹ අපේ ප්‍රානයයි "
'' දුවෙක් ඉන්නම ඕනි පන යද්දි ළග ඉන්නේ''
ඔව් පිරිමි ඒ තරම් තමන්ගේ දුවට ආදරේයි. කවදක හරි තමන්ගේ දුවට කරදරයක් නොවෙන එක, ජිවිතේ ලස්සන වෙන තමයි එකම පැතුම. කගේවත් දාසියො වෙන්න තාත්තලා පතන්නේ නෑ.
මේ කියවන ඔයත් දුවෙක් ඉන්න, ගැණුත් එක්ක නම් ලේසි නැහැ කියන පිරිමියෙක් නම්, ගෙදර ඉන්න තම්න්ගේ බිරිදට ආදරේ දෙන්න, කාලය දෙන්න, අවධානය දෙන්න, කැපවීමි කරන්න.ආත්මාර්ථකාමි නොවි ඉන්න. ඇයි දන්නවද? ඒ පිනත් හේතුවක් වෙයි ඔයාට දවසක ලැබෙන, ලැබිච්ච දුවගේ අනාගතේ වාසනාවන්ත වෙන්න.
ගොඩාක් හොද පිරිමි ආත්ම තියෙනවා, පොත් වල විතරක්ම නෙවෙයි ඇත්ත ජිවිත වලත් ගැහැණුන්ගේ පෙර පින්වලට හම්බුවෙන, මේ කියවන ඔ ඔයත් එහෙම කෙනෙක් වෙන්න, බැන්දට පස්සේ ඒ වෙනුවෙන් කැපවෙන්න බැරි පිරිමි නොබැද ඉන්න . දුක් විදින ගැහැනු ආත්ම මේ පොළවේ අඩු වෙයි එදාට......
උදාරි ජයතිලක
0 Comments