ඇය මගේ හොදම මිතුරියයි,






ඇය මගේ හොදම මිතුරියයි,


මට ඇය සමගින් බෙදා ගැනුමට 

නොහැකි දෙයක් නැත.

දුකක් දැනුන විට සිත ඇතුලතින් පවා,

 ඇයගෙන් සගවා ගැනුම දුෂ්කරය

ජිවිතය තුල සියළු දේ අත්හල හැක

නමුදු නිසි දවසක, නිසි කල එනතුරු

සිහිනයක පවා ඈ නම් අත් හල නොහැක.....

මා සිහින ඇතුලේ ඇදුන සිතුවම ඇයයි

එයින් පසු මා පෙර පින් විශ්වාස කරමි.

ගීතයක සුන්දර ප්‍රේමනීය බව මෙන්ම

පදවැලක ඇති විරහව පවා,

ජිවිතය  ඉගැන්වීමට ඇය හා අසමි

තහනම් වචන ඈ සහ මා අතර

 ඇත්තෙම නැත

හිරිමල් සිතක උපදින සි‍යළු සිතුවිලි

''අම්මා'' නම් වු මා සමගින්

 ඈ බෙදාගන්නේ,

මට ඇය මෙන්ම, ඇයටද මා

 හොදම මිතුරිය නිසාවෙනි.

ඉතින්, මම කියමි ,

දුවේ නුබ මගේ හැමදේම වේ.....


සෑම මවකටම, දුවගේ හොදම මිතුරිය වීමට බධාවක් නැත, අපහසුද නැත,බධාවක් වන්නේ නම් එකම එක බධාවක් ඇත. එනම් මවක් වු පසු එතෙක් ගෙවු ජිවිතය '' අම්මා''නම් චරිතයට පමණක් අපහසුවෙන් කොටු කරන්නට යෑම පමණි.


සීමාවන්, තහනම් වචන, බලෙන් මවාගත් ප්‍රතිරූප, මවකගේ සහ දියණියකගේ බැදිම දුරස් කලා මිස ළන් කලේ නම් නැත


''ඉගෙන ගන්න කාලේදි පැශන් එපා, ආදරය ගැන නම් කථා කරන්නවත් එපා !!! පොඩි ළමයින්ට ඒ කථා ඕන නෑ...මේවැනි වචන ඉදිරියේ ඔබේ දියණිය, තාමත් ඔබේ මිතුරිය නම් එය පුදුම සහගතය, 


වයසින් වැඩෙන විට දැනේනා සිතුවිලි, ඔබ සමග බෙදාගැනීමට තරම් ඔබ ඇයට, හොද මිතුරියක් විය යුතුමය...ප්‍රේමය නමින් ඇය ඉදිරියට එන්නාවු අදුරු, නුහුරු මයා වලින් ඇය ආරක්ශා කර ගැනීමට ඔබ හැර අන් කෙනෙක් ඇයට නැත.


ප්‍රේමනිය සිතුවිලි වල ඇති ආදරනීය බව මෙන්ම , විරහවක දරා ගැනීම කියා දිමට ඇය සමගින් ගීයක් රස විදිම වරදක් නැත, එවිට ඇය යම් දිනක සියළු දේ දරාගන්නවා ඇත. ප්‍රේමය දෙස නිසි කලට සුන්දරව බුද්ධිමත්වද බලනු ඇත. එක්ටැම් ගෙවල් වල සිර කර සිටි උන්මාද චිත්‍රාවන් සොයාද  ප්‍රේමය සොයා ගෙන ආ කථා මම මෙන්ම ඔබද අසා ඇත. 


ඔබ දක්ෂ විය යුත්තේ තහනම් කිරිම නොව, නිසි කලට , නිසි වයසට, සුදුසු දේ සුදුසු අයුරින් ලැබුන විට ජිවිතයේ සාර්තක බව කියා දීමත්, නුසුදුසු වයසේදි විය නොහැකි දේ ගැන සිතුවිලි පාලනය නොකලහොත් සිදුවන විපත් වල ආදීනව කියා දීමය...



පැය 24 ත් මදි ඇති ඒත් ඇය වෙනුවෙනුත් දවසේ මොහොතක් වෙන් කරන්න, වෙන කිසිම දේකට නෙවෙයි යාලුවෙක් වගේ සීමාවක් නැති, රහසක් නැති ඇයගේ හොදම මිතුරිය වෙලා ඇගේ හෙට දවස පරිස්සම් කරගන්න.

සමහර විට ඇයටත් ඇති පාසලේදි, ටියුෂන් එකෙදි වෙච්ච ගොඩාක් දේවල් කියන්න කෙනෙක් නැතිව. ළන්වෙලා අහගන්න, ඇය ඒ දේවල් ඔබට නොකිය සිටියහොත්, ඔබට ඒවා දැනගන්න වෙන්නේ  මතුදවසක සමජයෙන් විය හැක. එවිට ඔබ පමා වී සිටිය හැක.


උදාරි ජයතිලක

Post a Comment

0 Comments