ලබු කිරිබත් සහ ළමයි හැදිම...........

 




ලබු කිරිබත් සහ ළමයි හැදිම...........

ගැලපෙන කථාවක් නෙවෙයි කියලා හිතෙයි ඒත් කියවන්න


දවසක් ගමනක් යන හාවේකුට ලබු ඇට දෙකක් යන පාර අයිනේ තිබිලා හම්බ වුනා. මෙයින් සතුටට පත් වෙච්ච හාවා ඒ දෙක අරගෙන තමන්ගේ ගමන යන්න පිටත් වුනා. අතරමගකදි හම්බු වුන යාළුවෙක් වෙච්ච නරියෙකුට මේයින් ඇටයක් හාවා දුන්නා. අදිමදි කරලා ඒක බාර ගත්ත නරියට, හාවා පැවසුවේ සුදුසු තැනක පැල කර උදේ සවස වතුර දමන ලෙසයි.

 හාවා සුදුසු තැනක් හොදට හොයලා බලලා මේ ඇටේ පැල කරලා, උදේ සවස වතුර දැම්මා විතරක් නෙවෙයි. හොදින් අවධානය දීලා බලා ගත්තා.

ලබු ඇට දෙක එකම ගෙඩියක වෙන්න ඇති ඒත් අවාසනාවකට වගේ අනිත් ලබු ඇටේ මේ වෙනකොටත් වැරදි කෙනෙක් ළග වැරදි තැනක ප්‍රිහෙන්න පටන් ගෙන තිබ්බා. ඇයි දන්නවද කම්මැලි නරියා ඒක පැල කලේ ලිප් බොක්කේ, වතුර වෙනුවෙන ලේසියෙන්ම මුත්‍රා එක් කලා. ඒ වගේ තැනක මොන අවදානයක්ද?

නරියා පැලේ පැල නොවි මැරුනත්, හාවගේ ලබු පැලය නිවරදි බලාගැනීම නිසා හොද ලබු වැලක් බවට පත් වෙලා ගෙඩියකුත් හට ගත්තා. 

කථාවේ ඉතුරු ටික අදාලත්වයක් නැති නිසා මෙතනින් නවත්වනවා ( හැමෝම දන්න කථාවක් නිසා)


මේ කථාව පොඩිම කාලේදි කියවද්දි මොන හැගිමක් ආවත්,දැන්නම් මතක් වෙන්නෙම ළමයෙක් හදන්න ඕනි හදලා විතර්ක් නෙවෙයි ගොඩනගන්න ඕනි කොච්චර පරිස්සමන් සහ අවධානයෙන්ද කියන එක විතරයි.

දරුවෙක්කුගේ වැරැද්දක් වෙන්න කලින් අවධානය දෙන්න, මොකද වැරැද්ද උනාට පස්සේ ඒ අවදානය හරිම ඵලදායිතාවයෙන් අඩු එකක්,


කන්න බොන්න දුන්න පලියට වත්, ඉල්ලන දේ අරන් දෙන නිසාවත්, උගන්වන්න හිතාගෙන රැයක් දවාලක් නැතිව ටියුෂන් පස්සේ තරගෙට දුවන එක වත් දරුවෙක් ගොඩ නගන්න සියයට සීයක් ඉවහල් වෙන්නේ නැහැ නේද?


ආදරය, නිවරදි මග පෙන්වීම, අගය කිරිම, අවදානය ලබා දීම, සහ කාලය වෙන් කිරිම තමයි. අවශ්‍ය්ම දේ කියලා හිතුවොත් අර කිව්ව හවාගේ ලබු ගෙඩිය වගේ ඔයාගේ දරුවත් ඵලදායි කෙනෙක් වෙයි අනාගතයේදි.

නරියෙක් වෙලා සාර්ථක දරුවෙක් දිහා බලාගෙන ඉරිසියා හිතන්නවත් , කුහකකම් කරන්නවත් ඕනි වෙන එකක් නැහැ  එදාට.


වැටුණු තැන පැල වෙන්න දෙන්න එපා වැඩක් නැහැ කාටවත්,  හරි තැනක, හරි විදිහට රැක බලාගන්න ඔයත් ඔයාගේ දරුවන්ව, දවසක ඔයාගෙම  . උයනක ලස්සනට පැල වෙලා , ඉන්නවා දකිද්දි සතුටු කදුළු හැරෙන්න තවත් වෙන මොනවද?


උදාරි ජයතිලක

Post a Comment

0 Comments