නොකියාම ගිය තාත්තේ....
නුඹ සුවෙන් නොව ගිලන් වි ඇත
ලද විගස ඒ පණිවිඩේ
සිය දහස්වර ලොකු දෝණි නුඹේ
ඉල්ලුවා නුඹේ ජිවිතේ....
හැරෙන විට මම වංගුවේ අර
ලෙලෙන සුදුකොඩි දුටු වෙලේ
පිච්චුණා හද තාම මතකයි
නුඹ නොවන් කිසිලෙස අනේ....
පිරිගිය අර සෙනග දුටුවාම
ගෙදර මිදුලේ කලබලේ
තදකරන් දුක ආවා හයියක්
ලොකු දුවයි මම නිවහනේ .....
පෙට්ටියේ නුඹ වැතිරිලා හිටි
රූපේ හන්ගන් හද ගැබේ
අඩන අම්මාව චුටී මල්ලීව
සැනසුවා මම කදුළු හිරකර
නෙත් අගේ....
නුඹේ සුවවද රැදි සරම අරගෙන
හොවාගෙන මම පපුතුරේ
මම ගියා වට පේළි සියයක්
නුඹ සිටින පෙට්ටිය වටේ....
අතින් අල්ලන් පුන්චි කාලේ
ගියපු හැටි මට සිහිවුණේ
හන්ගගත්තේ නුඹේ සුවද මම
ඇතුල් කුහරේ හද ගැබේ.....
✍️උදාරි ජයතිලක
0 Comments