අපි තමයි ඒ , අරුම මිනිස්සු...........









 මට මුණගැහිලා තියෙනවා....
අත්හැරියා කිව්වට,
අත් නොහරින මිනිස්සු.
ගැවිලා වත් නපුරු කම් නෑ කිව්වට,
කුහකකම් වලින් පිරිච්ච මිනිස්සු.
බොරු හිතවත්කම් පෙන්නලා,
ඇස් රවට්ටන මිස්සු.
උදව් කරනවා වගේ පෙන්නලා,
උදව් නොකරන මිනිස්සු.
මූණටම හැමදේම කියලා,
හිත්වල වල කහට නැති මිනිස්සු.
චාටූ කථා නැතිව,
පිහිටක් උන මිනිස්සු.
අහිxසක මූණු නැතත්,
හිත් වලින් සුන්දර මිනිස්සු.
මතුපිටින් එකක් පෙන්වන
ඇතුළතින් සියක් දේ හxගන
ඉරකින් වෙන් කරන්න බැරි,
අපි තමයි ඒ ,
අරුම මිනිස්සු...........

ඔය ඉන්නේ ඇත්තම ඔයාමද? නැතිනම් මොකක් හරි හේතුවක් නිසා වෙනස්ම ප්‍රතිරූපයක් මවන් ඉන්න කෙනාද?
ඒ කොහොම උනත්  අමාරුම දේ අපි අපිව තේරුම් ගන්න එක? ඇත්තටම හිතන්න ඔයාට ඔයා ගැන දැනේන්නේ කොහමද?
අවxකවම හොද කෙනෙක්ද? (හිතට එකගව ) නැතිනම් හන්ගගෙන ඉන්න නරක වර්ෂන් එකක් ඔයාටත් තියෙනවද?
ඔයාම විතරක් දන්න.

අවස්ථාව අනුව, කෙනා අනුව අපි වෙනස් වෙනවා නේද? මට ඔයා හොද උනාට තව කෙනෙක්ට ඔයාව නරකයි.ඔයා මගේ යාළුවෙක් උනාට තව කෙනෙක්ට හතුරෙක් වෙන්නත් පුළුවන් නේද?
ලෝකෙට පෙන්න හොද පොස්ට් ශෙ‍යාර් කලාට . මම හරිම නිවිච්ච, සියළු දේ ඕනෑම වෙලාවක අත්හරින්න පුළුවන් කියලා ලේකෙට පෙන්න මාර ට්‍රයි එකක් දුන්නට?ඇත්තටම එහෙමද?
මිනිස්සුන්ගේ හිත් රිද්දන්න වචනයක් කියන් නැතුව . හිතේ කුහකමක් පුරෝගෙන පුදුම දුකක් විදිනවා වෙන්නත් පුළුවන්.

ෂා නියමයි. සුපිරියි, ලස්සනයි සුබ පැතුම් කියලා අනිත් අයගේ ජයග්‍රහණ වලදි කිව්වට? ඒ ගැන ටිකක් වත් දුකක් හිතුනේ නැදද?

ඉක්මන්ට කේන්ති ගිහින් කැගලා  රණ්ඩු කරපු ඔයා, හිත ඇතුලෙන් කොයිතරම් සන්වේදි වෙලා දුක් උනාද කියලා කවුද දැක්කේ? හිතේ කහටට්ක් නැතිව හැමදෙම අවන්කව කිව්වාහම මිනිස්සු මොනවද ඔයා ගැන හිතුවේ. හරිම නපුරුයි කියලා නේද?

ලෝකෙටම පෙන්න නැතත්, ඔයා මිනිස්සුනට අප්‍රසිද්ධව උදව් කරලා ඇද්ද? ඒත් ගොඩාක් අය ඔයා ගැන හිතන් ඇත්තේ ආත්මාර්ථකාමි කෙනෙක් විදිහට ඒ තමයි ඇත්ත. බොරුවට, මවා පෑමට අපි හරි ආසයි.

හොදයි, නරකයි කියලා මිනිස්සු ඉරකින් වෙන් කරන්න හරි අමාරුයි. පොඩි පොඩි ජාන වලින් වෙනස් උනාට අපි හැමෝම මිනිස්සු. කලබල වෙලා අපෝ!!! අපි නම් මෙහෙම නැ කියල මේ ලියන මටත් බනින්න එපා. අපි තමයි ඒ අරුම මිනිස්සු.
හොද නරක සාපේක්ෂයි..........

උදාරි ජයතිලක

Post a Comment

0 Comments