අපි තරම් අපි ගැන




 අපි තරම් අපි ගැන

දන්න තව අය කවුරුද?

දුකේදි දුක් වෙන

සැපේදි හිනැහෙන,

අපිට අපි තරම් නම්

ආදරේ කවුරුද?....

නිදි නැතිව ගෙවාලන

වරු ගණන් වෙහෙසෙන

අපිම මිස අපි ගැන

දන්නේ වෙන කවුරුද?

තැන තැන කථා කෙරුවට

දන්නවද? හරියටම විස්තර

අපිම ගැන අපි මිස

දන්නේ කවුරුද?

අපිම හැර වෙන........


අපි තරම් අපි ගැන දන්න තව අය කවුද? ඉන්නෙ.... නැහැ නේද? කොයි තරම් සමීප උනත් අපි ගැන අපිට වඩා දන්නේ වෙන කවුද?

ඔයා හැරුණු කොට ඔයා ගැන ඔයාගේ පවුල ගැන දන්න අය ඇති, ඒත් හරියටම අපි ගැන දන්න අය නැහැ.


මතුපිටින් විනිශ්චයන් දෙන්න, චරිත සහතික දෙන්න, කථා ගොතන්න,කොයි තරම් හිටියත් අපිව අපි තේරුම් ගත්ත අය නැති තරම්.


පවුලක් විදිහට ඉස්සරහට අඩියක් තියන්න, සතුට රැකගන්න, කරන කැපකිරිම් දන්නේ අපිව මිසක් වෙන කවුද?

නොදන්න අය , නොදන්න කථා ගොඩාක් කියයි.ඒත් ඒ අපේ කථාවම නෙවෙයි නේද?

'' එයාලා මෙහෙම ඉන්නේ මෙහෙම නිසා වෙන්න ඇති'' කියලා නම් අනිත් අයව විනිශ්චය කරන්න යන්න එපා අපරාදේ.


දන්නවද ? මිනිස්සු හරි ඉක්මනට අනිත් අය ගැන තීරණ ගන්නවා ඒ පිටින් බලලා. නැතිනම් සමාජ මාද්‍යදිහා බලලා.

එයාලා හරි වාසනාවන්තයි, කියන්නේ ගොඩාක් අය ප්‍රොෆයිල් එකේ පින්තුරේ දිහා බලලා. දවස ගානේ දාන ෆොටොස් දිහා බලලා. ඒත් එහෙම තීරණ ගනිද්දි අමතක කරන්න එපා, මිනිස්සු ගෙවල් වල් රාමු කරලා එල්ලන්නෙත්, සාමාජ මාධ්‍යයට මුදා හරින්නෙත් එයාලා ගාව තියෙන ලස්සනම ෆොටෝ එක කියලා. මේ එක උදාහරනයක් විතරයි.


දන්න අය ගාව වෙන්න පුළුවන් නොදන්නම කථා තියෙන්නේ. ඒවා ගැන හොයන්න එපා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන එකයි හොදම දේ.


ඇරියස් තියා නොගෙන, අනිත් අයගේ දේවල් වලට විවේචන නොදි ඉන්න පුළුවන් නම් ඔයාත් උතුම් මනුෂ්‍යයෙක්.....


අපි ගැන අපි විතරක් හරියටම දැනගත්තාම ඇති නේද? 



උදාරි ජයතිලක

Post a Comment

0 Comments