උගත මනා ශිල්පයමයි
මතු රැකෙනා....
පොත් ගොඩට යටවි
හෙම්බත්ව ගිය ළමා විය
ශිල්පයක් උගනීද හැබැවට?
කට පාඩම් අකුරු අතරින්
විභාගය දිනා
හිනැහෙන්නටත් අමතක වගේයි.....
ඒ හිත්වලත් ඇති හීනයක් වුණු
ආත්මිය ශිල්පයන් ගුලි ගැසි...
තවමත්,
පියවි ලොව තුල එළි නොවුණු..
විභාහය්, අභාගය වි
අසමත්ව...
විදවයි පවුලම හඩා වැලපී
ගැරහුමි, අවලාද
ලොවෙන් එකෙක් එක් දෙයකට
වෙයි සමත යැයි අමතකව.......
අපේ පුන්චි කාලේ පොඩි සෙල්ලමක් තිබුණා, මතකද? එකේදි කරන්නේ අපේ සම්පූර්ණ නමේ අකුරු ටික ගණන් කරලා ඩොක්ට,ෆොක්ට,කුලී,ක්ලාක්, නර්ස්, ටීචර් කියලා පිළිවෙලට ලියනවා. ඊට පස්සේ අර නමේ අකුරු ගානට ගනන් කරලා එන රස්සාව බලලා සතුටු හරි දුක් හරි වෙනවා. කියන්න සතුටුයි අපේ සමහර දෙමව්පියන් තවමත් උත්සහ ගන්නේ ඔය කුලී කියන රැකියාව හැර අනෙක් රැකියාවලටම විතරක් ළමයා තල්ලු කරන්න. ඔතන ඉන්ජිනියර් කියන රැකියාවත් එන්න ඕනිම එකක් ඇයි දන්නේ නැහැ ඒක නැහැ ඔතන.
හැම දරුවෙකුටම දරාගන්න පුළුවන් සිමා තියෙනවා. සමහර දරුවෝ ඒක ජන්මෙන්ම ගෙනවා, තවත් අය වාසනාව අරගෙනම එනවා,මට තෙරෙන්නේ නැති එකම දේ එතැනින් එහාට වැහිච්ච දොරවල් ගැන සමහර දෙමව්පියන් වැඩිය බලන්නේ නැහැ. දරුවන්න්ට බලන්න දෙන්නේත් නැහැ.
ඉපදීලා අවුරුදු දෙක යද්දිම පටන් ගන්නවා ළමයින්ව ටියුෂන් උස්සගෙන යන්න. අර 5 වසරේ ශිෂ්‍යත්වය පාස් කරන්න, බැරි වෙලා හරි ෆෙල් උනොත් ඔන්න පටන් ගන්නවා ''ඉවරයි ඔක්කොම ඉවරයි හීන ඉවරයි කියලා''
ඊළගට ඕලේවල් 9 ඒ ගත්තේ නැතිනම් පුදුම පීඩනයක් ළමයට දෙන්නේ.
ඒ ලෙවල් වලින් තමන්ගේ දරුවට විශ්ව විද්‍යාලට යා ගන්න බැරු බව දැනුනොත්. සමහර ගෙවල් මළ ගෙවල් වගේ අඩා වැලපිලා අර ලමයට ගෙදරම එපා කරනවා.
අපේ රටේ ළමයි හරි පව් පුදුම පීඩනයකින් ඉන්නේ එයාලා. සතුටෙන් ඉන්න ලැබෙනවා හරිම අඩුයි. නිදහස ශුන්‍යයයි
විශ්ව විද්‍යාල වරම් නොලබන්නේ අදක්ෂයෝද? නැහැ ඒක අපේ රටේ අවුලක්.
පොත කටපාඩම් කරලා දින්න විභාග නොවි , හැකියාවන් සහ සහජ දක්ෂතාවලට ඉඩක් ලැබෙන රටක්, පරම්පරාවක් අපේ රටෙන් බිහිවෙන දවසක...කොයි තරම් අපේ රට දියුණු වෙයිද? ළමයි කොයි තරම් සතුටින් ජිවිතේ විදියිද?
නිකමට හිතන්න අපේ රටේ වැඩ කරන මිනිස්සු හරි අඩුයි වැඩ බලන අය ඉන්නවා ඕනි තරම්. එක මනුෂයෙක් පාරක වලක් කපද්දි, ඒක බලන්න දහ දෙනෙක් ඉන්නවා අපරාදේ.
මේ රට වෙනස් කරන්න අපිට අමාරුයි .මුලින්ම අපෙන් පටන් ගමු. සම්ප්‍රදායික නොවි ඇයි වෙනත් අවස්ථා ගැන නොහිතන්නේ?
කිසිම තර්ක්යක් නැහැ අපේ දරුවෝ ඉගෙන ගන්න ඔනි අඩුම තරමේ උපාධියක් මට්ටමටවත් ඒත් ඒක අර මුලින් සදහන් කර අතේ ඇගිලි ගන්නට සමාන අවස්ථා තුයෙන රැකියාවලට ඇරෙන්න ලමයාහේ දක්ෂතාවයට ඉඩකුත් දෙනවා නම් කොච්චර හොදද? ( වැරදියට තෙරුම් ගන්න එපා ඒවා ගොඩාක් උතුම් රැකියාවල් ඒත් හැම දරුවෙකුටම ඒ තැනට යන්න අමාරුයි )
දරුවන්ට ඔබට දිය හැකි හොදම දෙය ඉගෙනුම. අපි හැම දේම කරන්න්නෙත් ඒකට නේද? කෙල්ලෙක් නම් ඔබට ඉන්නේ, දැවැද්ද්ට දෙන්න සල්ලි පොදි ගහන්න එපා. ඒ සල්ලි වියදම් කරන්න තමන්ගේ දරුවා යන්න කැමති මාර්ගේ ඉහලටම යන්න. ඒක තමා හොදම දැවැද්ද.
අහලා තියෙනවද? ඔයාගේ දරුවාව ළගට අරන් පුතේ ඔයා ආස මොනවාටද කියලා, ඒ පිළිතුර '' කොණ්ඩා කපන්න, මහන්න, වාහන ගලවන්න, අළුත් වැඩියා කරන්න, මොස්තර නිර්මානය කරන්න. ගායකයෙක් වෙන්න, නිවේදකයෙක් වෙන්න, චිත්‍ර ශිල්පියෙක් වෙන්න,පයිලට් කෙනෙක් වෙන්න මේ'' ඕනම දෙයක් වෙන්න පුළුවන් උදව් වෙන්න ඒ හීනෙට එයාට යන්න,ඒ සදහා, කාර්මික විද්‍යාල, රජයේ විශ්ව විද්‍යාල වල සමහර පාඨමලා, නයිටා, ජර්මන් ටෙක්, බාහිර උපාධි,පුද්ගලික විශ්ව විද්‍යාල ඔය කිහිපයක් විතරයි
ඇයි දන්නවද? ඔයාගේ හීන දරුවා විසින් දිනවලා ඔයා මේ ලොකේ ඉන්න සතුටුම දෙමව්පියො වෙලා වැඩක් නැහැ දරුවා සතුටින් නැතිනම්.
'' මේ ලොකේ සතුටින්ම ඉන්න දරුවා ඔයාගේ දරුවා කරන්න. කුහක කම් නැති, ඇරියස් නැති පරම්පරාවක් ඒ දවස්ට අපේ රට ලස්සන කරාවි.
ඔබේ හීනමානය බිද දමා බලනු මැන දැස් විවර කර
උදාරි ජයතිලක
0 Comments