මම අකැමැතිම

 



අකැමැතිම

තමන්ට ලැබෙන,

ලැබිච්ච දේවල් වලින්

සැහිමකට පත් නොවි

අනිත් අයගේ දේවල් වලට

හුල්ලන මිනිස්සුන්ට.........


මට දුකයි,

එහෙම මිනිස්සු

සතුට කියන්නේ,

මොකක්ද්ද 

කියලාවත් දැනගන්න

එකක් නැහැ............


''ඇයි අම්මා සමහර ලමයි. තමන්ට කොච්චර ලස්සන  පෑන්, පැන්සල්, පර්ස් තිබුනත්, වෙන ළමයෙක් අළුත් එකක් ගෙනාපු දවසට අනේ මට මේ වගේ එකක් නැහැනෙ කියලා දුක් වෙන්නේ?" ''මම කැමති නැහැ  එහෙම වෙනවට'' මට නම් එහෙම දුකක් දැනෙන්නෙම නැහැ. මට හිතෙන්ම මා ළග තියෙන්නේ මම ආසම එක කියලා'' 


මේ ළගදි මගේ දුව එහෙම කියද්දි මට ගොඩාක් සතුටු හිතුනා . ඇයි දන්නවද? එයා මේ පොඩි වයසටත් ජිවිතේ සතුටු වෙන්න ඕනි කොහොමද කියලා තේරුම් අරන් ඉන්න එක ගැන. මොන තත්වෙක උනත් අනාගතේ එයා එයාගේ  විදිහට සතුටින් ඉදියි කියලා මට ලොකු විශ්වාසයක් ඇතිවුනා. 


මේක කියවද්දි ඔයාටත් සමහර විටක හිතෙයි, පොඩි ළමයි එහෙම තමයි එයාලා ලොකු වුනහම තේරුම් ගනියි කියලා''

ඒත් එහෙම වෙනවා හරි අඩුයි අපි අතරින් කියෙන් කී දෙනාද ලද දෙයින් සතුටු වෙන්නේ.ටිකක් හිතලා බලන්න ඔයා හැමවෙලා වෙම වගේ සතුට මැන්නේ අනිත් අයට සාපේක්ෂව නේද?


දරුවෙක්ගේ විභාග ප්‍රතිපල කොච්චර හොද උනත් ඒ සමහර අයට සතුටක් නැහැ. ඇයි දන්නවද ඒ මොහොතේදිත් හිතන්නේ තමන් දන්න කියන වෙන ළමයෙකුගේ ප්‍රතිපලයක් ගැන. 


හැම වෙලාවෙම හූල්ලන මිනිස්සු හූලන්නේ තමන්ට දෙයක් නැතිවද? නැහැ නේද? අනිත් අයගේ දේවල් දරාගන්න බැරිව.

'' අනේ මට එයා වගේ වෙන්න''

''මටත් ඒ වගේ එකක් තිබුනනන්''

'' අපේ ළමයට තමයි ඒ වගේ වෙන්න බැරි වුනේ''

මේ වගේ හිතන අයව කොහොමද වෙන කෙනෙක් සතුටෙන් තියන්නේ? තමන්ට වත් සතුටෙන් ඉන්න බැටි කොට.


ඒක තමයි මිනිස් ස්වභාවය කියලා නම් කියන්න එපා. එහෙම හිතුවොත් වෙන්නේ අසතුටෙන් හුල්ලලාම ඇස් දෙක පියා ගන්න දවසක.


එක පාරටම බැරි වුනත් තමන්ට ලැබෙන, ලැබිච්ච දේවල් වලි සතුටු වෙන්න පුරුදු වෙන්න. එක පාරටම නැතත් ටික ටික හරි. ට්‍රයි කරලා බලන්න ඔයාට ඉවිතේ ආස හිතෙයි. 


අනිත් අයගේ දේවල් වලය සතුටු වෙන එක එක පාරටම කරන්න බැරි වුනත්, සසදන, හූල්ලන, ඉරිසියා කරන එක නවත්වගන්න ට්‍රයි කරන්න බලන්න. හරිම සැහැල්ලුවක් දැනේයි


අනිත් කෙනාට මොනවා තිබුනත්, ලැබුනත් අර ඇස් වලට කටු අනින ගතිය දුරු වෙලා,හිත සතුටෙන්ම තියෙයි හැම වෙලාවෙම. ලොකු දේවල් වලින් නෙවෙයි පොඩි දේවල් වලින්ම පටන් ගන්න. එතකොට සතුට දුර නෑ.


උදාරි ජයතිලක

Post a Comment

0 Comments