අකැපද ඩෙනිම
කමක් නැහැ පැලුවට
දණිස්සෙන් උඩහට
සාරියත් නියමයි
බඩ ටිකක් පෙනුනට.....
කැපුව කර ගැඹුරට
තව හොදයි පිළිවෙල
මල් සාය තව හොදයි
හැදියාව පෙන්වන්න....
ගවුම නම් කමක් නැහැ
අත් කොටට කැපුනට
එතකොටයි ආදර්ශේ,
දකින හැම ළමයට.......
කොහොමටත් එපා ඔය
ඩෙනිම නම් ඇද එන්න
කුර්තා එක කමක් නැහැ
ඩෙනිම නම් ගලවන්න.....
අම්මේකුට මේ තරම්
අකැප ඇයි මේ ඩෙනිම?
ගත වුනත් ශත වර්ෂ
හදිසියකටවත් ඇද එන්න.....
0 Comments