ජිවිතය,
විදගැනීම හෝ විදවීම
වෙනස් වන්නේ,
අපි ඒ දිහා බලන විදිහ අනුවය,
මා ජීවිතය ගෙවන අකාරය
කෙනෙකුට,
විහිළුවකි, තවකෙකුට නාස්තියකි
මා වැනිම සිතුවිලි ඇති අයට සතුටකි
කෙසේ වුවද අපි කිසිවෙකු වැරදි නැත
වැරැද්ද ඇත්තේ දකින විදිහ අනුව පමනි
රස කෑමක් සැදිම මට භාවනාවක් මෙන් වුවාට ඔබට එය නීරස විය හැක,
මට මල් සිටිවීම නීරස වුවාට ඔබට එය සතුටක් විය හැක.
මම පොතක් කියවීම ආගමක් කර ගත්තාට නුඹට එය විකාරයකි.
මට පවුල එක අන්ක එක වුවාට තවකෙකුට විවාහය අඩුවමක් ලෙස දකියි....
මට කවියක් , නිස්දැසක් ලිවිම වෙනමම වයිබ් එකකඉ . ඒත් නුබට එක කාලය කා දැම්මක් විය හැක
අපි ජිවිතේ ගැන හැම දෙයක් ගැනම බලන්නේ,අපඉට සාපේක්ෂව්.අනිත් අය කරන්න ඕනි හරි දේ කියලා හිතන්නේ.අපිට හිත්වලට අපිට සෙට් වෙන එවා. තේරුම් ගන්නම ඕනි දේ තමයි , ජිවිතේ විදනවා කියලා මම හිතන දේ ඔයාට අනුව වැරදියි, මට අනුව හරි......කෙනාගෙන් කෙනාට වෙනස් ඒ දෙවල්.
තමන් ඉන්න විදිහ තමයි හරිම කියලා හිතලා, අනිත් අය වැරදියි කියලා හිතන්නේ කොහොමද අපි?
සමහරු ට්‍රිප් එකක් යන එක, ඩේ අවුටින් එකක් යන එක, ෆිල්ම් එකක් බලන්න යන එක දකින්නේ අපරාධ විදිහට, සල්ලි නාස්ති කරනවා අනාගතේ ගැන හිතන්නේ නෑ.එහෙම තමයි හිතන්නේ.....දකින්නේ.
''එයා නැහිගෙන සල්ලි හොයනවා විතරයි. කිසිම විදිහකින් ජිවිතේ විදින්නේ නෑ'' අපි එහෙම හිතුවට ඒ එයාගේ සතුට,
ගමන්ක් යද්දි පොඩි කඩේකින් වඩයක් කලා ප්ලෙන්ටියක් බොන මනුස්‍යයත්, එක වේලකට දහස් ගානක් වියදම් කරලා ඉන්න කෙනාත් දෙන්නම හොයන්නේ
ජිවිතේ සතුට. ඒ සතුට , ජිවිතේ විදින විදිහ වෙනස් වෙන්නේ අපි හිතන විදිහ නැතිනම් පුරුදු වෙච්ච විදිහ අනුව,
ඉතින් මේ එකක්වත් වැරදියි විදිහට අපි බලන්නේ කොහොමද?
මම හිතන්නේ අපි හැමෝම සතුට හොයාගෙන යන්නේ අපෙම ක්‍රමයකට, හුරු පුරුදු වෙච්ච විදිහට,
වැදගත්ම දේ ඔයා ජිවිතය විදිනවා කියලා හිතන දේ නෙවෙයි අනිත් කෙනා ජිවිතය විදිනවා කියලා දකින්නේ,සහ විදවන්නේ.....
කොහොම උනත් ඔයාගේ හිතට දැනෙන ජිවිතේ විදීම කල් දාන්න එපා හෙටට, ඒ හෙට ගැන අපි කියන්නේ කොහොමද? මේ මොහොත ආයෙත් එන්නේ නැහැ සතුටින් ඉන්න
උදාරි ජයතිලක
0 Comments