දුටුව මුල් තත්පරේම
ආදරයක් දැනුනානම්
දුවේ........ඒ නුඹ වෙනුවෙන්
ඉපදුන ආදරය......
හැම හදගැස්මකම
හෙලන හැම සුසුමකම
ගෙවිලා යන මේ හැම
මොහොතෙම,
ඒ ආදරේ වැඩිවුණා මිසක්
අඩුවක් නම් වුනේ නෑ.....
නුඹය, මගේ හොදම යෙහෙළිය
බැල්මක පවා වෙනසක් හදුනන
හිතවතිය...
අම්මා නමින් නුඹ, මා අමතන
හැම ඇසිල්ලකම
මා යළි යළිත් ඉපදෙමි.........
උදාරි ජයතිලක
0 Comments