මම තේරුම් ගත්තා

 



මම තේරුම් ගත්තා

වෙනස් වෙන්න ඕන කියලා

අවස්ථාවාදි මිනිස්සුන්ට

හා නොකියා බෑ කියන්න

ඕනි කියලා,

මාව ප්‍රතික්ෂේප

 කරන තැන්වලින්

ඈත් වෙන්න ඕන කියලා

මම අනිත් අයට 

උදව් කලාට

මට අවශ්‍යම වෙලාවටවත්

එයාලා මගහරිනවා කියලා.....

ඒත්, මම දැන් සතුටින්

දන්නවද? ඇයි කියලා

මම වෙනස් වුනා........


මම තේරුම් ගත්තා වෙනස් වෙන්න ඕන කියලා.ඉස්සර මම හරි හොද වෙන්න , අනිත් අයට මම හරි හොදයි කියලා පෙන්වන්න උත්සහ කලා, කැපවීම් කලා, ගොඩාක් දේවල් ඉවසුවා.බෑ කියන්න ඕනි තැන්වලත් බෑ නොකියා හා කිව්වා, අසාධාරණකම් වෙන අවස්ථා වලත් මම වෙනුවෙනුත් මම පෙනී හිටියේ නෑ, අද තමයි හිතෙන්නේ එහෙම හිටියේ එකත් වැරදි කියලා. විශේෂයෙන් රැකියාවක් කරද්දි එහෙම වුනහම, අනිත් අය පීඩාවට පත් කරන්න බලනවා වැඩියි. මිනිස්සු ගොඩාක් වෙලාවට තව කෙනෙක්ගේ හොද කියනවා අඩුයි, දාහක් හොද කලත් ඉස්මතු කරන්නේම නොදැන හෝ වෙන වැරැද්ද හෝ අතපසුවීම. ඒක තමයි ඇත්ත.

දෙවල් එහෙම වෙද්දි තේරුම් යනවා, ඇත්තටම අපිව වටින අයට, අගය කරන අයට විතරක්  ගොඩාක් හොද වෙලා, පුළුවන් දේවල් විතරක් කරලා පෙරලා ස්තුතියි කියලාවත් බලාපොරොත්තු නොවි ඉන්න. ඒක මාරම සැනසීමක්, මොකද අපි කරපු දේවල් වල හොද නරක එන්නේ අපි වෙතටමයි.

කාටවත් වැරැද්දක් නොකරන නිවරදි කෙනෙක් ගේ හිත හරි රිද්දලා බලන්න, ඒක බූමරන්ගයක් වගේ, ඉතින් පළිගන්න, තරහා ගන්න යන්න මහන්සි වෙන්න එපා, තමන්ගේ හිතට නරකක්  කරගන්නත් එපා. ඒ තමයි උගත් පාඩම්....


මාව ප්‍රතික්ෂේප වෙද්දි ඒ තැන්වලින් ඉක්මනින් ඈත් වෙන්න, පොඩිම දුකක් වත් නොහිතෙන්න ඉන්න, තරම් හිත ශක්තිමත් කියන්නේ තව වෙන මොනවද? ඒ තමයි කාලය අපිට දුන්නු වටිනාම දේවල්.


මගෙන් උදව්වක් ඉල්ලද්දි කරන්න පුළුවන් දෙයකට හා කියන්නත් බැරි දේට බෑ කියන්නත් පුළුවන් මට, මොකද උදව් කරන්න පුළුවන් කියලා මිනිස්සුන්ට පෙන්නලා බොරු බ්ලාපොරොත්තු දෙන එක හරි පවු වැඩක්. තමන් හරි හොදයි කියලා ලෝකෙට පෙන්නන්න උදව් කරනවා කියලා පෙන්නන්න හදන අය ගොඩාක් වැඩීයි දැන්.

ඒ වගෙම තමයි මට පුළුවන් දෙවල් කරලා ස්තුතියි කියලාවත් මම දැන් බලාපොරොත්තු වෙන්නේ නෑ, ඇයි දන්නවද ගොඩාක් අය ලග පෙන්වන හොද ඇතුලාන්තයේ ඇත්තෙම නැහැ.


තෝරා බේරා ගත් සිමීත අය ළග මම සතුටින් ඉන්නවා.....ඒ මම වෙනස් වුන නිසා. ඔඅයත් වෙනස් වෙලා බලන්න... හිතට එන දුක් ටිකක් හරි අඩුවෙයි......


උදාරි ජයතිලක



Post a Comment

0 Comments